බොට්ස්වානා මහ මැතිවරණයන්, පාලක පක්ෂයට බලය අහිමි විය. ඒ, දශක 6 කට පසුවය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී, බලයේ සිටින පාලක පක්ෂය වන බොට්ස්වානා ජනාධිපති මොක්ග්වීට්සී මසීසීගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ එක් ආසනයක් පමණි.
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ අයුරින් පරාජයට පත් වූයේ වසර 58 කට පසුවය.
බොට්ස්වානා පාර්ලිමේන්තුවේ ආසන 61 කි. එයින් ආසන 35 ක් දිනා ගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. ඒ අතරින් ද මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයකු වන ඩූමා බෝකෝගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෙනසක් දේශපාලන පක්ෂය දිනාගත් ආසන 20 ක් ජයග්‍රහණය කළේය.
තනිවම රජයක් පිහිටුවීමට බහුතර බලය නොමැති බැවින්, තමන් තමන්ට හිතවත් සෙසු දේශපාලන පක්ෂ හවුල් කරගෙන නව රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව ඩූමා බෝකෝ පවසා ඇත.
බොට්ස්වානා අප්‍රිකානු මහද්වීපයේ දකුණු දෙසින් පිහිටි රාජ්‍යයකි. බොට්ස්වානා ප්‍රසිද්ධ දියමන්තිවලටය. ගැබොරෝන් යනු බොට්ස්වානා රාජ්‍යයේ අගනුවරය. 2023 ලෝක බැංකු වාර්තා අනුව, එරට ජනගහනය මිලියන 2.675 කි. නිල භාෂාව ඉංග්‍රීසිය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බොට්ස්වානා පාලන පක්ෂයට බලය අහිමි වෙයි