IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


බාධක අබිබවා පෙරට යන වියට්නාමය

1930 වර්ෂයේදී ඉන්දු චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කළ නගුයෙන් අයි කුවොක් (හෝ චි මිං) විසින් ජාතික ව්‍යාපාරයට නව මඟක් සෙවීමේ කාර්යය අරඹන ලදී. යටත් විජිතවාදයේ ස්වභාවය පිළිබඳවත් වියට්නාම් සමාජ ව්‍යුහයේ අන්තර්ගත පංති හා සමාජ ස්ථරයන් ගැනත් එදා ජනතාව දැනුවත් කෙරුණි. වියට්නාම් ජාතික ව්‍යාපාරය ජාතික විමුක්ති අරගලය සමග මුලින්ම බද්ධ විය යුතු බවත් අනාගත සමාජය සමාජවාදී සමාජයක් බවට පරිවර්තනය විය යුතු බවත් වියට්නාම් දේශපේ‍්‍රමීහු වටහා ගත්හ.වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය විසින් කම්කරුවන්, ගොවීන්, හා බුද්ධිමතුන් කාන්තාවන් තරුණයන් සහ සියළුම වාර්ගික කොටස් ඒකරාශී කරමින් මහා පරිමාණයේ ජාතික ව්‍යාපාරය මෙහෙයවන ලදී. මේ නිසා වියට්නාම් ජාතික ව්‍යාපාරය ලොව පුරා විප්ලවවාදී හා ප‍්‍රගතිශීලී ව්‍යාපාර සමග සම්බන්ධතා ඇති කර ගත්තේය.දෙවන ලෝක සංග‍්‍රාමය සිදුවන අවස්ථාව වන විට වියට්නාම් ජනතාව ජාතික විමුක්තිය සඳහා වූ විප්ලවීය ක‍්‍රියාවන්ට සුදානම් වෙමින් සිටියේය. 1945 අගෝස්තු මාසයේදී ප‍්‍රංශ යටත් විජිතවාදයට හා ජපන් ආක‍්‍රමණයට එරෙහිව විමුක්ති හමුදාව ජනතාව සමඟ එක්ව මහා අවිගත් ව්‍යාපාරය ජයග‍්‍රහණය  වීමත් සමග 1945 සැප්තැම්බර් දෙවන දා වියට්නාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන රජය බිහි විය.ප‍්‍රංශ යටත් විජිතවාදිහු නැවත වරක් වියට්නාමය අත්පත් කර ගැනීමේ අරමුණින් 1946 දෙසැම්බර්හිදී නැවත යුද්ධයක් ඇරඹූහ. ළදරු වියට්නාම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමූහාණ්ඩුව රැුක ගැනීම සඳහා සටන් කිරීමට නැගී සිටින ලෙස සමස්ත වියට්නාම් ජනතාවගෙන් ජනාධිපති හෝ චි මිං ඉල්ලා සිටියේය. හත් වසරක් පැවැති දේශ පේ‍්‍රමී යුද්ධය 1954 දී ඩියන් බියන් පූහිදී මහා කාහල නාදයකින් ජයග‍්‍රහණය කරන ලද අතර ජිනීවා සම්මුතියෙන් පසුව බෙන්හායි ගෙඟ් 17 වැනි සමාන්තරයෙන් වියට්නාමය තාවකාලිකව දෙකට බෙදීමෙන් පසුව ප‍්‍රංශ හමුදාව වියට්නාමයෙන් සම්පූර්ණ වශයෙන් ඉවත් වී ගියේය.1956 නිදහස් මැතිවරණයකින් පසු වියට්නාමය එක්සත් කළ යුතු විය. දකුණේ පාලකයෝ ඇමරිකාවේ සහාය ඇතිව ඊට එරෙහි වූහ. වියට්නාම් ජනතාවට උතුරේ සමාජවාදය ගොඩනගමින් දකුණේ ඇමරිකානු නව යටත් විජතවාදයට එරෙහිව දරුණු සටනක් කරන්නට සිදුවිය.1975 අපේ‍්‍රල් 30 වැනිදා ඇමෙරිකානු හමුදා සහය ලැබූ සයිගොන් හමුදා පළවා හැර වියට්නාමය නැවත එක්සේසත් කළේය.1975 දී ජාතිය එක්සත් කිරීමේ යුද්ධයෙන් පසුව එහි විනාශකාරී ගැටලූ කෙරෙහි වියට්නාමය වැඩි අවධානයක් යොමු කළේය.දෙවන ලෝක යුද්ධයේදී පාවිච්චි කරන ලද බෝම්බ ප‍්‍රමාණය මෙන් තුන් ගුණයක් වූ බෝම්බ ප‍්‍රමාණයක් වියට්නාම් භූමිය වෙත සතුරා විසින් හෙලන ලදී. මිලියන 20 ක් වූ බෝම්බ වළවල් ඉතිරි විය. රට පුරා විශාල විනාශයක් යුද්ධය විසින් හිමි කර දෙන ලදී. දකූණු වියට්නාමයේ ගම්මාන 15,000 කින් ගම්මාන 9000ක් ම විනාශ කරන ලදී. උතුරු වියට්නාමය සතුව තිබූ ආර්ථික මර්මස්ථාන, පාලම්, පාරවල් 1600කට පමණ සතුරා පහර දුන්නේය. මිනිස් ජීවිත සිය දහස් ගණනින් විනාශ විය.වියට්නාම් ආර්ථිකයේ සංවර්ධනයට යුද්ධයේ ප‍්‍රතිවිපාක මෙන්ම දේශ සීමා අර්බුදයද බල පෑවේය. 1981 සහ 1982 වසර වලදී ආර්ථික අඩුලූහුඬුකම් මෙන්ම අමාරුකම් ගැන විමර්ශනාත්මකව බැලූවද ප‍්‍රතිඵල එතරම් සාර්ථක නොවූයේය. 1984-1985 වසරවල දී කෘෂි කර්මාන්තය අඩාල වූ අතර ආර්ථික උද්ධමන වේගය 500% ක් දක්වා ඉහළ ගියේය. රටේ පුරවැසියෝ බෝට්ටු මාර්ගයෙන් අසල් වැසි රට වලට සංක‍්‍රමණය වන්නට විය. 1986 දී වියට්නාම් පාලක කොමියුනිස්ට් පක්ෂය ”ඩොයිමොයි නැවත නැගී සිටීම”, සත්‍ය පිළිගැනීම හා ඊට මුහුණ දීමේ නව ආර්ථික වැඩ සටහනක් ඉදිරිපත් කළේය.1986 දී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 6 වැනි ජාතික සම්මේලනය විසින් සම්මත කරගත් ඩොයි මොයි ප‍්‍රතිනිර්මාණ වැඩසටහනට අවුරුදු 25 ක් ගතවී ඇත. මෙම දශක 3 කට ආසන්න කාලයක්ද වියට්නාම් නවීකරණ වැඩ පිළිවෙළ වියට්නාම් ජාතික ඉතිහාසයේ නව පරිච්ඡ්දයක් නියෝජනය කරනු ඇත. දස ලක්ෂ 85 ක් වන වියට්නාම් ජාතියේ අවශ්‍යතා එහි ගැබ්වී තිබේ. 36 වසරකට පෙර දශක ගණනාවක් පැවැති යුද්ධයේදී සිදුවූ ආර්ථික සම්බාධක, ආර්ථික අර්බුද, උද්ධමනය, නිෂ්පාදනයේ දුර්වලතා, ජාතික අය වැයේ අර්බුද ජනතාවගේ ජීවන දුෂ්කරතා ගැන අද සිතා ගැනීමටත් අපහසුය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය විසින් 1986 දී ඉදිරිපත් කරන ලද ”ඩොයි මොයි” ප‍්‍රතිනිර්මාණ වැඩ පිළිවෙළ ජාතික ආර්ථිකයේ නව පිබිදීමක් හා දේශපාලන ව්‍යුහයේ නව හැඩගැස්මක් ඇති කර තිබේ. සමාජවාදී දර්ශනය පිළිගත් වෙළෙඳ පොළ ආර්ථිකය, කාර්මික නිෂ්පාදනයේ හා නවීකරණය තුළ ලාභදායී මගපෙන්වීමක් රටට ඉදිරිපත් කර ඇත.අද වියට්නාමයේ ආර්ථික සංවර්ධනය ආසියාවේ අධිවේගවත් රටවලින් එකක් වන චීනයේ ආර්ථික සංවර්ධන වේගය තරම් ඉහළ නොවූවද දුගීභාවය අඩු කිරීමේදී වියට්නාමය චීනය අබිබවමින් සිටී. වියට්නාමයේ නගර දීප්තිමත්ය. කඩිසරය. දසලක්ෂ 85 ක් වන ජනතාවගෙන් වැඩි දෙනකු ජීවත් වන ග‍්‍රාමීය ප‍්‍රදේශ නිලවශයෙන් බොහෝ පොහොසත් යයි සඳහන් තායිලන්තයේ මට්ටමට ළං වෙමින් තිබේ. සමාජ ජීවිතයේ පැහැදිලි ප‍්‍රගතියක් ඇත. මෙය සමස්තයක් වශයෙන් රටපුරා ඇතිවෙමින් තිබෙන වෙනස්කමකි. 1992 දී සියයට 30 ක් පමණ වූ දරිද්‍රතාවය මේ වන විට 5% දක්වා පහත වැටුණි. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු අනුව වියට්නාමය 2015 දී දරිද්‍රතාවය පිටුදැකීමේ ජගත් සැලැස්මේ ඉලක්කයන් සම්පූර්ණ කර ගනු ඇත.ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක අංශවලත් ස්වභාවික සම්පත්වල වර්ධනය සඳහාත් නව තාක්ෂණය යොදා ගැනීම දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. සමාජයේ සියලූ අංශවල සමාජ ආර්ථික සංවර්ධන සඳහා නව තාක්ෂණය භාවිතයට ගනිමින් සිටියි.වියට්නාමයේ අධ්‍යාපනය සහ කාර්මික අධ්‍යයනයත්, සංවර්ධනය කෙරෙහිත් අවධානය යොමු කර ඇත. ඒ සඳහා සකස්කළ වැඩ සටහනක් ඇත. කියවීම හා ලිවීම දියුණු කිරීමටත්, නුගත්කම පලවා හැරීමට කටයුතු සම්පාදනය කර තිබේ. ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි දක්වන ආකල්ප වැඩි දියුණු වී ඇත. මේ නිසා මිනිස් ආයුෂ ප‍්‍රමාණය අවුරුදු 63 සිට අවුරුදු 71 දක්වා ඉහළ ගොස් ඇත. මානව සංවර්ධන දර්ශකය 1990 දී 0.608ක් ද වූ අතර 2005 වන විට 0.704 දක්වා ඉහළ ගොස් ඇත.සංස්කෘතික ජීවිතය උසස් මට්ටමක පවතී. ප‍්‍රවෘත්ති පුවත් පත් හා සඟරා ක‍්‍රීඩා කෙරෙහි දක්වන උනන්දුව හා සමාජ සහභාගිත්වය ඉහළ ගොස් ඇත. විවිධ ජනවර්ග 54 කට අයත් සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර ගනිමින් ඒ සඳහා නීතිමය රැකවරණය ලබා දෙමින් කටයුතු කරගෙන යනු ලැබේ. ජනවර්ග අතර සහජීවනය වගා කිරීමට කටයුතු ලබන්නේ රාජ්‍ය අනුග‍්‍රහය ඇතිවය.ලබා ඇති ජයග‍්‍රහණ කෙතරම් විශිෂ්ට වුවද පොහොසත් අධිතාක්ෂණික රටක් බවට පත්වීමට අපේක්ෂා කර ඇත්තේ 2020 දීය.ජාතික සංවර්ධන පිළිබඳ ඉතිහාසයේදී අවුරුදු 25 ක් යනු විශාල කාලපරිච්ඡ්දයක් නොවේ. මේ කාලය තුළදී ඩොයි මොයි සංවර්ධන වැඩ සටහනෙන් වියට්නාමය ලබාගත් සුවිශේෂී ඓතිහාසික ජයග‍්‍රහණ නව සහශ‍්‍රකයේ ඉදිරි දසකයන් තුළදී ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්වෙනු ඇත.වියට්නාමය නැගී එන්නා වූ රාජ්‍ය බලවතෙකි. සමාජවාදී වියට්නාම් ජනරජයේ 66 වැනි ජාතික දිනය පවත්වන මෙම වර්ෂයට හෝ චි මිංගේ ශ්‍රී ලංකා සංචාරයට 100 වන සංවත්සරය යෙදී තිබේ. 1911 ජුනි මස 14 වන දින හෝ චි මිං ප‍්‍රංශයට යන අතර කොළඹ නගරයේ කොටුව දුම්රිය ඉදිරිපිට කොලොනියල් හෝටලයේ දිනක් ගත කළේය. එය අද නිව් කොලෝනියල් හෝටලය නම් වෙයි. ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතා සංගමයේ ප‍්‍රධාන ලේකම්එස්. සුදසිංහ.



අදහස් (0)

බාධක අබිබවා පෙරට යන වියට්නාමය

ප්‍රේමලාල් අ‍බේසිංහ Friday, 02 September 2011 10:15 AM

අති දක්ෂ ලෙස වියට්නාම් ජාතිකයන් රට ගොඩනැගිමේදි උනන්දු වි වැඩ කරනවා. අපේ රටේ අයත් ඒවා ආදර්ශයට අරන් වැඩ කලොත් 2020වර්ෂය වන විට අපිත් අති දියුනු රටක් විධියට ලෝකයේ ඉදිරියට යා හැකිය

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කේට් කුමරිය යළි රාජකාරි අරඹයි
2024 සැප්තැම්බර් මස 19 145 0

පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු, බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ වන, වේල්


හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 4413 7

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


බැට්මෑන්ට ’වෝක් ද ෆේම්’ තරුවක්
2024 සැප්තැම්බර් මස 18 87 0

බැට්මෑන් චරිතයට ’වෝක් ද ෆේම්’ Walk Of Fame තරුවක් දී ඇගැයීමට ලක් කෙරුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. චිත්‍රකතා චරිතයක් ලෙස ආරම්භ වූ බැට්මෑන් චරිතය ඇසුරින්


දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි
2024 සැප්තැම්බර් මස 18 2095 0

ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, ’ආම් ආද්මී’ පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.


හිස්බුල්ලා ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 18 2072 4

ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් පණිවුඩ හුවමාරු කර ගැනීමට භාවිත කරන, ’පේජර්’ යන්ත්‍ර හිටිහැටියේ එකවර පුපුරා යෑමෙන්, හිස්බුල්ලා සාමාජිකයන් දෙනකු මියගො


ගගන සංචාරකයෝ ආපසු එති
2024 සැප්තැම්බර් මස 16 1585 0

ඇමෙරිකා ‘ස්පේස් එක්ස්’ සමාගමේ, ‘පොලාරිස් ඩෝන්’ ගගන සංචාරය, සාර්ථකව අවසන් කරමින්, ඊට සහභාගී වූ සංචාරක ගගනගාමීහු සිවුදෙනා යළි පෘථිවිය බලා පැමිණියහ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site