අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට ඇමෙරිකාවට සහාය දුන් පාකිස්තාන වෛද්‍යවරයාට, එරට කයිබර් ප‍්‍රාන්තයේ අධිකරණයක් මගින් 33 වසරක සිරදඬුවම් නියම කිරීම ඇමෙරිකාවේ දැඩි දෝෂ දර්ශනයට හේතුවී ඇත.
අධිකරණ තීන්දුව හේතුවෙන් බිඳ වැටී ඇති ඇමෙරිකා/පාකිස්තාන සබඳතා තවත් අවුල් සහගත වීමේ අවදානමක් ද හට ගෙන තිබේ.
අධිකරණ තීන්දුව ගැන මවිතය පළ කරන ඇමෙරිකා සෙනෙට් මන්තී‍්‍රවරුන් ඊයේ (25) කියා සිටියේ ඇමෙරිකා රජයෙන් පාකිස්තානයට ලබා දෙන ඇමෙරිකන් ඩොලර් කෝටි ගණනක මුදල් ආධාර නැවැත්වීමට වහාම පියවර ගත යුතුයි කියාය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ කයිබර් ගෝති‍්‍රක අධිකරණය වෛද්‍ය ෂකීඞ් අෆ්රෙඩිට එරෙහිව දුන් තීන්දුව අයුක්තිසහගත බවය.
‘‘-කයිබර් අධිකරණ තීන්දුව අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. එය ඉතා අසාධාරණ, අත්තනෝමතික තීන්දුවක්” යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය වැඩි දුරටත් කියා සිටියාය.
කයිබර් ප‍්‍රාන්ත, පාකිස්තානයට අයත් ගෝත‍්‍රික ප‍්‍රදේශයක් වන අතර එහි පවතින නීතියට අනුව, අෆ්රෙඩිට සිර දඬුවම් පනවන ලද්දේ රාජද්‍රෝහී චෝදනාව මතය. ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශයට තොරතුරු ලබා දීමෙන් ඔහු රජයට ද්‍රෝහි වූ බව අධිකරණය පෙරේදා (24) තීන්දු කළේය.
පාකිස්තානයේ සැඟවී සිටි බින් ලාඩන් හඳුනා ගැනීමට ඔහුගේ ඞී.එන්.ඒ. වාර්තා අෆ්රෙඩි විසින් ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයට ලබා දී ඇත.
තලේබාන් සහ අල් කයිඩා සංවිධානවල බලකොටුවක් ලෙස ද සැලකෙන කයිබර් ප‍්‍රාන්තයේ ෂකීඞ් අෆ්‍රෙඩි වසර ගණනක සිට ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කර කළේය.
සිර දඬුවමට අමතරව ඔහුට දඬ මුදලක් ද නියම කෙරුණි. ප‍්‍රාන්තයේ පවතින ගෝති‍්‍රක නීතිය අනුව ඔහුට නීතීඥ සහාය ලබා ගැනීම තහනම් වී තිබුණි. ඔහු අධිකරණයට නොපමුණුවන ලද අතර නිදහසට කරුණු දැක්වීමට ද අවස්ථාවක් නොලැබිණි. මේ වනිවිට ඔහු පෙෂවෝර් නුවර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින බව වාර්තා වේ.
ඔසාමා බින් ලාඩන් පාකිස්තානයේ සැඟවී සිටි බව පාකිස්තාන රජයට හෝ එරට බුද්ධි අංශය හෝ දැන සිටියේ නැත. ඔවුන් ඒ බව දැනගත්තේ ඇමෙරිකන් හමුදා පාකිස්තානයට හොරෙන් පැමිණ බින් ලාඩන් මරා දැමූ අවස්ථාවේදීය.
ඇමෙරිකාව තමන් හෑල්ලූවට ලක් කරමින් බින් ලාඩන් ඝාතනය කිරීම ගැන පාකිස්තාන රජයේත් බුද්ධි අංශයේත් හමුදාවේත් නොසතුට පළ විය.
අෆ්රෙඩිට එරෙහිව නීති මගින් කටයුතු කළේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙන් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
බින් ලාඩන් ඝාතන සිද්ධියෙන් පළුඳු වූ ඇමෙරිකා/පාකිස්තාන ඇයි හොඳයිකම් තවත් අවුල් වූයේ ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ගුවන් ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධිය නිිසාය.
වෛද්‍යවරයාට සිර දඬුවම් නියම කරීම
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බින් ලාඩන් අල්ලන්න ඔත්තු දුන් දොස්තර හිරේ දැම්මාට ඇමෙරිකාවෙන් දොස්
අලිබබා Saturday, 26 May 2012 05:44 PM
වැඩේ ටිකටික පත්තුවෙන්න වගෙයි යන්නේ.
කිරිමාටින් Monday, 28 May 2012 10:43 AM
මෙන්න නියම දේශානුරාගී නීතිය...ලංකාවෙ උනානම් ඇමරිකා තානාපතිකම වගේ දෙයක් ගන්න තිබුණා...