බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ (11) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ දේශපාලනඥයකු වූ මැක්ඇල්පයින් සාමිවරයා ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ බවට සාවද්‍ය ලෙස චෝදනා කරමින් විකාශය වූ වාර්තාමය වැඩසටහනක් මුල් කරගනිමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්විය. බීබීසී නිව්ස් නයිට් වැඩසටහන පැවැත් වූ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වූ අයෙක් සිදු කළ ප‍්‍රකාශයක් මේ සිද්ධියට තුඩු දී ඇත. 1970 දී තමා ළමා නිවසක සිටි බව පැවසූ එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු එහිදී තමාව අපයෝජනයට ලක් කළ බව සඳහන් කළේය. ඉකුත් සතිය වනතෙක් එම දේශපාලනඥයා කවරෙක්දැයි බීබීසි ආයතනය නොදැන සිටි අතර අන්තර්ජාලය හරහා එම පුද්ගලයා බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඇලිස්ටෙයාර් මැක් ඇල්පයින් සාමිවරයා බවට තොරතුරු පළ විය. සිද්ධිය සැල වූ වහාම ඇල්පයින් සාමිවරයා මේ චෝදනාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව කියා සිටියේය. සාමිවරයාගේ ප‍්‍රතිචාරයෙන් අනතුරුව සම්මුඛ සාකච්ඡුාවට සහභාගී වූ පුද්ගලයා සිය ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ සිද්ධියට සාමිවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමිනි. එම වැඩසටහන මූලධර්මවලට විරුද්ධ අයුරින් නිර්මාණය කළ එකක් බව සඳහන් කළ ධූරයෙන් සමුගත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය ආයතනයේ ප‍්‍රධාන කර්තෘවරයා වශයෙන් විකාශය වන සියලූම වැඩසටහන්වල වගකීම තමා සතු බව පැවැසීය. මෙවැනි වැඩසටහන් තුළින් බීබීසී ආයතනයේ විශ්වසනීයත්වය පළුදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර මැක්ඇල්පයින් සාමිවරයාගේ නීතීඥයන් කියා සිටියේ සිය සාමිවරයා අපකීර්තියට පත් කිරීමට කටයුතු කළ සෑම මාධ්‍ය ආයතයකටම එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ඒ අනුව පනස් හැවිරිදි වියේ පසුවන ජෝර්ජ් එන්ට්විස්ල් බීබීසී ආයතයේ අඩුම කාලයක් සේවය කළ අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස ඉතිහාසයට එක් විය. බීබීසි ආයතනයේ සංගීත සහ ශ‍්‍රව්‍ය අධ්‍යක්ෂවරයා ලෙස මේ දක්වා කටයුතු කළ ටිම් ඬේවි හිස් වූ අධ්‍යක්ෂ ධූරයේ වැඩ බාර ගැනීමට නියමිතව සිටී.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බීබීසී ප‍්‍රධානියාත් ඉල්ලා අස්වෙයි
කමල් Monday, 12 November 2012 10:56 AM
මෙහේ ඔය දේ වුණා නම් මම කීයටවත් අස්වෙන්නෙ නැහැ කියලා පුටුවේ සුපර් ග්ලූ ගාගෙන ඉදගෙන හිටීවි. (නි)
පාලිත Monday, 12 November 2012 11:11 AM
අයියෝ සල්ලි
ගයාන් Monday, 12 November 2012 12:45 PM
ලංකාවේ ගොඩක් මාධ්‍ය වලට ලොකු ආදර්ශයක් (ස)
නාපාවල කටාර් Tuesday, 13 November 2012 08:19 PM
ගයාන් ළමා දුෂකයන්ටද නියම මහත්තුරු කියන්නේ .අපේ රටේ අය ඊට වැඩිය හොඳා , . තමා විසින්ම වෙඩි තියාගෙන මැරෙනවා .එහෙනම් අපේ අය මහත්තුරුන්ගේත් මහත්තුරු .(නු)
සෙනෙරත් Monday, 12 November 2012 02:13 AM
බී. බී. සී එකේ කොහොමත් තියෙන්නේ මේ වගේ වැඩනේ (ස)
මුතුකුඩ Monday, 12 November 2012 02:12 AM
අන්තිමට මොනවා හරි කියලා ඔක්කොම අය අස්වෙන්නයි බලන්නේ. (නි)
ගයාන් Monday, 12 November 2012 01:53 PM
නියම මහත්වරු කියන්නේ මෙන්න මේ වගේ අයට තමයි. (නි)
සිල්වා Monday, 12 November 2012 03:02 AM
අපේ ලංකාවේ ඇති බොරු රූපවාහිනී නාලිකා වලට කොපමණ විරුද්ධ වූ අය සිටියත්, ඉල්ලා අස් වූ අයෙක් නම් නොමැත. (නි)