IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි

 
ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර ඇත.බයිඩන් මෙන්ම, හැරිස් ද ලබන ජනවරි 20 වැනිදා ඔවුන්ගේ ධුරවලට සමුදීමට නියමිතය. ඒ, නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන බැවිනි.
 
බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස රෝමයටත් වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කමලා හැරිස් සිය අවසන් විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනියයි.
 
ඉවක් බවක් නොමැතිව පැතිරෙන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට ලොස් ඇන්ජලීස් නගරයේ, අක්කර 28,000ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. වියලි සුළං ළැව් ගිනි පැතිර යෑමට හේතුවක් වී ඇත. ලොස් ඇන්ජලීස් නුවර ඉතිහාසයේ එරට පැතිර යන දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි.
 
ළැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර වාතයේ ගුණාත්මකභාවය දරුණු ලෙස පහත වැටී ඇතැයි ද වාර්තා වේ. මෙය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණත්වයට වඩා පහළ අගයක් ගැනීම විශේෂත්වයකි.
 
මේ වනවිට දරුණු ළැව් ගිනි 6 ක් ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන කීපයක ව්‍යාප්ත වන බවත් ළැව් ගිනිවලට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ගණන 137,000 කි.



අදහස් (0)

බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි
2025 ජනවාරි මස 10 114 0

ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර


මුහුදේ උපන් කුමරා බේරා ගනිති
2025 ජනවාරි මස 10 2697 0

අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බ


කාම්බෝජ මන්ත්‍රීවරයෙක් තායිලන්තයේදී මරා දැමේ
2025 ජනවාරි මස 09 215 0

කාම්බෝජයේ ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරයකු තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඝාතනය විය. ඝාතනය වූයේ 73 හැවිරිදි ලිම් කිම්යාය.


චැඩ් අගනුවර වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 09 94 0

අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ, න්ජැමෙනා අගනුවර, ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුවිය.


ට්‍රම්ප් පරද්දන්න පුළුවන්කම තිබුණා
2025 ජනවාරි මස 09 188 0

නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම්, තමන්ට ට්‍රම්ප් පරාජය කිරීමට හැකියාව තිබුණු බව ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජන


ප්‍රංශ ජනපතිගෙන් ඉරානයට චෝදනා
2025 ජනවාරි මස 09 76 0

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යුරෝපයටත්, මැදපෙරදිග කලාපයටත් බරපතල තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 92 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 502 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 266 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site