ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසින් තවත් රහස් ලියවිලි කීපයක් හමුවී ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
රහස් ලියවිලි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනා එල්ල වීමට පටන් ගත්තේ මීට දින කීපයකට පෙර සිටය. පළමුවෙන් ලියවිලි තොගයක් හමුවූයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයකිනි.
ඒ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම කාර්යාලය වසා දමා බඩු මුට්ටු හිස් කරද්දීය. ඉන්පසු පසුගිය සතියේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නිවසේ ගරාජයෙන් තවත් රහස් ලියවිලි හමුවිය. අලුතින් රහස් ලියවිලි හමුවී ඇත්තේ බයිඩන්ගේ නිවස තුළිනි. ඒ, ගරාජයෙන් හමුවුණු ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන සිදුවෙද්දීය.
පසුගිය නොවැම්බරයේ බයිඩන්ට අයත් පෞද්ගලික කාර්යාලයෙන් හමුවුණු ලියවිලි අතරේ යුක්රේනය, ඉරානය, එක්සත් රාජධානිය සම්බන්ධයෙන් රහස් ලියවිලි තිබුණු බව නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබුණි. නීතිපතිවරයාගේ මැදිහත් වීමෙන් එම ලියවිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණි.
විමර්ශන මෙහෙයවන්නේ ස්වාධීන නීතීඥවරයකු වන රොබට් හර් යැයි නීතිපති මෙරික් ගාලන්ඩ් පවසා තිබේ.
2009 සිට 2017 තෙක් කාලයේ බැරැක් ඔබාමා ඇමෙරිකා ජනාධිපති ධුරය හොබවද්දී, උප ජනාධිපති ධුරය හෙබවූයේ ජෝ බයිඩන්ය.
2017 සිට 2019 තෙක් කාලයේ බයිඩන්, පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ගරු මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ අතර, විශ්ව විද්‍යාලයේ රාජ්‍ය තාන්ත්‍රික සහ ගෝලීය කටයුතු පිළිබඳ කාර්යාලයක් බයිඩන්ට තිබුණි.
පළමුවෙන් රහස් ලියවිලි හමුවූයේ මෙම කාර්යාලය වසා දැමෙද්දීය. මෙම රහස් ලියවිලි මෙන්ම නිවසේ තිබී හමුවුණු ලියවිලි ද බයිඩන් අතට පත් වී ඇත්තේ ඔහු උප ජනාධිපති ධුරය හොබවද්දීය.
උප ජනාධිපති ධුරයෙන් ඉවත් වෙද්දී, බයිඩන් මෙම ලියවිලි ආපසු බාරදීම කළ යුතු නමුත්, ඔහු එසේ කර නැති බවට චෝදනා එල්ල වී ඇත. කාර්යාලයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව බයිඩන් පවසා තිබේ.
කෙසේ නමුත් නිවසේ සහ නිවසේ ගරාජයේ තිබී ලියවිලි හමුවීම සම්බන්ධයෙන් බයිඩන් මෙතෙක් කිසිවක් පවසා නැත. 80 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයා වන්නේ ද බයිඩන්ය.
(රොයිටර්)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බයිඩන්ගේ නිවසේ තිබී තවත් රහස් ලියවිලි එළියට