‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
බයිඩන් සමඟ ජාත්‍යන්තර මාධ්‍ය කණ්ඩායමක් ද ඇමසන් වනාන්තරයට ගිය අතර, බයිඩන් වනාන්තරය මැද විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්වීය. ඊට අදාල සියලු උපාංග බයිඩන්ගේ සහායක කණ්ඩායම විසින් වනාන්තරයට රැගෙන ගොස් තිබුණි.
මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීහු බයිඩන්ගෙන් ප්‍රශ්න අසන්න වූහ. ඒ, ඇමෙරිකාව, යුක්රේනයට ලබා දී ඇති දිගු දුර මිසයිල යොදා ගනිමින්, රුසියාවේ ඉලක්ක වෙත පහර දෙන්නැයි බයඩන් දුන් අවසරය සම්බන්ධයෙනි. කෙසේ නමුත් ජනාධිපති බයිඩන් මාධ්‍යවේදීන් ඇසූ එම ප්‍රශ්න නෑසුණා සේ මඟ හැර මාධ්‍ය හමුව අවසන් කර පිටුපස වනාන්තරයට ඇවිද යන්න විය.
එහිදී බයිඩන්ගේ සහායකයන් ‘ජනාධිපතිතුමනි ඔහෙ කවුරුවත් නැහැ. හෛ එන්න’ යැයි පවසමින් බයිඩන් ආපසු ගෙන්වා ගන්නා වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් සේවා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
81 හැවිරිදි බයිඩන්, ඇමෙරිකා ජනාධිපති ධුරයේ සිටින වයස්ගතම පුද්ගලයාය. වයස නිසා අමතක වීම් සිදුවන බැවින් බයිඩන් අකරතැබ්බ රැසකට මුහුණ පා ඇත.
මෙවර ඇමෙරිකන් ජනාධිපතිවරණයට ද මුලින් ඉදිරිපත් වූයේ බයිඩන්ය. කෙසේ නමුත් බයිඩන්ට ඔහුගේ වයස බාධාවක් විය. ඒ අනුව, අකමැත්තෙන් බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වූයේත් බයිඩන්ගේ දෙවැනියා කමලා හැරිස් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් වූයේත් ඒ අනුවය. ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් පරාජයට පත් වුණු අතර ජයග්‍රහණය කළේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ය.
ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකා රටවල් කීපයකට අයත් වෙයි. එයින් වැඩි කොටසක් අයත් වන්නේ බ්‍රසීලයටය. ජනාධිපති බයිඩන්, රැගත් ‘එයාර් ෆෝස් 1’ නිල ගුවන් යානය, රියෝ දි ජිනැයිරෝ බලා යද්දී, මනාවුස් නගරයට ගොඩ බෑ අතර, බයිඩන් ඉන්පසු සිය ආරක්ෂක අංශ සාමාජිකයන් ද පිරිවරාගෙන‘මැරීන් 1’ හෙලිකොප්ටර් යානයේ නැගී ඇමසන් වැසි වනාන්තරයට ගියේය.
පා ගමනින් වැසි වනාන්තරයේ ඇවිද ගිය බයිඩන්, වනාන්තරය මැදදී ඇමසන් වැසි වානන්තරය ද ඇතුළු ලෝකයේ සෙසු වනාන්තර සංරක්ෂණ දිනය ලෙස නොවැම්බර් 17 වැනිදා නම් කරමින් විශේෂ ලියවිල්ලකට ද අත්සන් කළේය. එම අවස්ථාවට, මාධ්‍යවේදීන් අමතරව, බ්‍රසීල රජයේ නිලධාරීන්, ඇමසන් ස්වදේශීය ගෝත්‍රික වැසියන්ගේ නියෝජිතයන්, පරිසරවේදීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බව පැවැසෙයි. බයිඩන් මාධ්‍ය හමුව පැවැත්වූයේ ඉන් අනතුරැවය.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
බකල ජයා Tuesday, 19 November 2024 11:39 AM
මෙයාගෙ ඩුප්ලිකේට් මෙහෙ ඉන්නවා. අපනයනය කරොත් ඩොලර් හොයන්න මාර්ගයක්.