IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක්

මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

පක්ෂ නායකයා තෝරා ගැනීම සිදුවන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයෙනි. කොන්සවර්ටිව් පක්ෂ නියෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරීන් සහ පක්ෂ සාමාජිකයන් අතරේ ඡන්ද විමසුම පැවැත්වුණු අතර එහි ප්‍රතිඵල අද ප්‍රකාශයට පත් කෙරේ.

පක්ෂ නායකත්වය වෙනුවෙන් සටන පවතින්නේ ඊට ඉදිරිපත් වුණු ප්‍රධානතම අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් විදේශ අමාත්‍යවරිය ලිස් ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුනාක් අතරේය.

47 හැවිරිදි ලිස් ට්‍රස් පක්ෂ නායකත්වය හිමිවී, අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත්, තරේසා මේ සහ මාග්‍රට් තැචර්ගෙන් පසු බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වන තෙවැනි කාන්තාව වනු ඇත.

42 හැවිරිදි රිෂී සුනාක් ඉන්දීය සම්භවයක් ඇත්තකු බැවින්, ඔහු ජයග්‍රහණය කළහොත්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වන ඉන්දීය සම්භවයක් ඇති පළමු තැනැත්තා ඔහු වනු ඇත.

බ්‍රිතාන්‍යයේ පාලක පක්ෂයට නව නායකයකු පත් කර ගැනීමට සිදුවූයේ පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවූ බොරිස් ජොන්සන් ඉන් ඉවත් වූ බැවිනි.

ජොන්සන් ට පක්ෂ නායකත්වය අහිමි වූයේ ඔහුගේ ක්‍රියාකලාපය පක්ෂ සාමාජිකයන්ගේ අප්‍රසාදයට හේතුවක් වුණු බැවිනි.

ඒ අනුව, පසුගිය ජූලි මාසයේ සිට පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සඳහා ඡන්ද විමසුම් පැවැත්විණි. අවසාන වටයට ආ අපේක්ෂකයන් දෙදෙනා වූයේ ලිස් ට්‍රස් සහ රිෂී සුනාක් ය.

(රොයිටර්)



අදහස් (2)

බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක්

SUDDAA Monday, 05 September 2022 01:11 PM

අපි විශ්වාස කරමු!

:       2       2

අනාවැකි සීයා Monday, 05 September 2022 01:20 PM

රිෂි සුනාක් දිනනු ඇත.

:       10       5

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ප්‍රචණ්ඩ සුළි කුණාටුවක් නැගෙනහිර පිලිපීනයට
2024 නොවැම්බර් මස 17 33 0

කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මන් යී’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් නැගෙනහිර පිලිපීනයට කඩා වැ


බයිඩන් චීන ජනපති අවසන් වරට හමුවක්
2024 නොවැම්බර් මස 17 35 0

ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ අවසන් වරට හමුවක් පේරු රටේ ලීමා නුවරදී පැවැත්විණි. ඒ, ලීමා නුවර දී ආරම්භ වූ ‘ආසියා ප


ආජන්ටිනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවෙයි
2024 නොවැම්බර් මස 17 34 0

ආජන්ටිනා ජනාධිපති සහ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ට්‍රම්ප්ට අයත් ‘මාර් ආ ලාගෝ’ නිවාඩ


යුක්රේන රුසියන් යුද්ධය ඉක්මනින්ම අවසන් වේවි
2024 නොවැම්බර් මස 17 39 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති ආකාරයටම, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව යුක්රේ


මෝදි බ්‍රසීලයට
2024 නොවැම්බර් මස 16 98 0

මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 3868 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 346 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1796 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site