බි්රතාන්යයේ ලන්ඩන් නුවර ඇතුළු ප්‍රදේශ රැසකට පෙරේදා (4) සිට ඇදහැලෙන අධික හිම පතනය හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනා ගමන මුළුමණින්ම ඇණහිට ඇති අතර ලොව වඩාත් කාර්යබහුල ගුවන් තොටුපොළක් ලෙස සැලකෙන හීත්රෝ ගුවන්තොට ද වසා දැමීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අඟල් 6 කට වැඩි හිම පතනයක් ලන්ඩන් නුවරින් වාර්තා වූ බවය. ප්‍රධාන මාර්ග සහ අධිවේගී මාර්ග රැුසක් හිමෙන් වැසී ගියේය. උමං දුම්රිය සහ මෝටර් රථවල සිරවී සිටි සියයකට වැඩි පිරිසක් ඊයේ (5) දිනය පුරාවට බේරා ගැනීමට ලන්ඩන් සහන සේවක කණ්ඩායම් සමත් වූ බව ද බි්රතාන්ය පුවත් සේවා වාර්තා කරයි. හීත්රෝ ගුවන් තොටුපොළ බලධාරීන් කියා සිටියේ අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් ගමන් කටයුතු මුළුමනින්ම පාහේ නවතා දැමීමට සිදුවී ඇති බවය. ගුවන් තොටුපොළ මගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට තමන් උපරිමයෙන් කටයුතු කරන බවත් ගුවන්තොටුපොළ බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ. හීත්රෝ් පමණක් නොව බි්රතානයයේ සෙසු ප්‍රධාන ගුවන් තොටුපොළ කටයුතුවලට ද අයහපත් කාලගුණය හරස් වී ඇතැයි වාර්තාවේ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බි්රතාන්යයට අධික හිම පතනයක්: ගමනාගමන කටයුතුවලට බාධා