
බ්‍රසීල නව ජනාධිපති ලූලා ද සිල්වා සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය.
ධවල මන්දිරයේ දී ජනාපධිති ලූලා ද සිල්වා උණුසුම් ලෙස පිළිගැනීමට ඇමෙරිකන් ජනාපධිති බයිඩන් කටයුතු කළේය. වාමාංෂික දේශපාලනඥයෙකු වන ලූලා ද සිල්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත්වුණු තෙවැනි අවස්ථාව මෙයයි. ඔහු තෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරියේය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඔහු ඇමෙරිකාව බලා පැමිණියේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමිනි.
බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බව ජනාධිපති බයිඩන්, බ්‍රසීල ජනාපධිතිවරයාට පැහැදිලි කළේය. දෙරට අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ද ජනාධිපතිවරුන් දෙදෙනාට හැකිවුණු බව ධවල මන්දිර මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. දේශගුව විපර්යාස පිටුදැකීම කෙරෙහි ද ජනාධිපතිවරුන් දෙදෙනාගේ අවධානය යොමු වී තිබේ.
ඉදිරියේ දී බ්‍රසීල සංචාරයකට පැමිණෙන්නැයි ජනාධිපති ලූලා ද සිල්වා, ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇරැයුම් කළ අතර, ජනාධිපති බයිඩන් එම ඇරැයුම පිළිගත්තේය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රසීල ජනාධිපති ලූලා ඇමෙරිකාවේ සංචාරයක