ඇමෙරිකා ගිය බ්‍රසීලයේ හිටපු ජනාධිපති යාර් බොල්සොනාරෝ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. හිටපු ජනාධිපතිවරයා මෙසේ රෝහල්ගත කෙරුණේ ඔහුගේ උදරාබාධ තත්ත්වය උත්සන්න වීමෙන් යැයි වෛද්‍යවරු පවසති.
මේ වනවිට බ්‍රසීලයේ ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. ඒ, නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් වාමාංශික ලූලා ද සිල්වාට එරෙහිවය. විරෝධතා සඳහා සහභාගී වී සිටින්නේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන්ය.
පසුගිය 8 වැනිදා ආධාරකරුවන් බ්‍රසීල පාර්ලිමේන්තුවට, ජනාධිපති මන්දිරයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදී පහර දී එම ගොඩනැගිලි අත්පත් කර ගත්හ. විරෝධතාකරුවන් උසි ගන්වන්නේ බොල්සොනාරෝ යැයි නව ජනාධිපති ලූලා ද සිල්වා චෝදනා කර ඇති අතර, බොල්සොනාරෝ එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
බොල්සොනාරෝ සිය ආධාරකරුවන්ගෙන් දිගින් දිගටම ඉල්ලා ඇත්තේ සාමකාමීව හැසිරෙන ලෙසටය. බ්‍රසීල ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය ඔක්තෝබරයේය. ලූලා ද සිල්වා එය ජයගත්තේ ඉතා තියුණු සටනකින් පසුවය. බොල්සොනාරෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන අතර බ්‍රසීලයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූයේ ඒ අනුවය.
බොල්සොනාරෝ, බ්‍රසීලයේ ජනාධිපති ධුරයට පත් වූයේ 2018 ජනාධිපතිවරණයෙනි. එම ජනාධිපතිවරයට ඔන්න මෙන්න කියා තිබියදී අවසන් ජන රැලියට සහභාගී වී ජනතාව අතරට ගිය බොල්සොනාරෝගේ උදරයට පිහි ප්‍රහාරයක් එල්ල විය. පිහි ප්‍රහාරයෙන් බඩවැල්වලට දරුණු ලෙස හානි සිදුවිය. වෛද්‍යවරුන් එම අවස්ථාවේදී බඩවැල්වලින් කොටසක් සැත්කමකින් ඉවත් කළේය.
ජනාධිපති ධුරය හොබවද්දී ද උදරාබාධ හේතුවෙන් සැත්කම් කීපයකට ලක් කෙරුණි. මේ වනවිට බොල්සොනාරෝ ඇමෙරිකාවේ රෝහල්ගත කෙරුණේ ද උදරාබාධ තත්ත්වයක් හේතුවෙනි. බාල්සොනාරෝ ඇමෙරිකා ගියේ ලූලා ද සිල්වා පසුගිය පළමු වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙද්දීය.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බ්‍රසීලයේ හිටපු ජනපති බොල්සොනාරෝ රෝහලේ
fairoos Tuesday, 10 January 2023 12:48 PM
රඅට බංකොලොත් කරපු අයටනම් කොහේ ගියත් දඩුවම් ලෙබෙවි.. ලංකාවෙ නන්දසේනටත් දැන් යන එනමං නැතුවයි ඉන්නෙ.