IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බෙලරූස් විපක්ෂ නායිකාවට වසර 15 ක සිර දඬුවමක්

බෙලරූස් විපක්ෂ නායිකා ස්විත්ලානා සිකෙනෝස්කායාට බෙලරූස් අධිකරණයක් වසර 15 ක සිර දඬුවමක් නියම කළේය. සිකෙනෝස්කායා වරදකාරිය වූයේ බෙලරූස් රජය පෙරලා දැමීමට කුමන්ත්‍රණය කිරීම සහ දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙනි.

40 හැවිරිදි, ස්විත්ලානා දේශපාලනයට පිවිසීමට පෙර, ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රැකියාව කළ තැනැත්තියකි. 2020 වසරේ බෙලරූස් ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් වූයේ, බලය අත් හැරීමේ කිසිදු අදහසක් නොමැති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝට අභියෝග කරමිනි. 68 හැවිරිදි ලුකෂෙන්කෝ, බෙලරූස් ජනාධිපති ධුරය හොබවන්නේ 1994 වසරේ සිටය.

2020 ජනාධිපතිවරණයෙන් ද ලුකෂෙන්කෝ අති බහුතරයක් දිනා ගත්තේ යැයි මැතිවරණ කොමිසම පැවැසීය. ඉන්පසු විපක්ෂ දේශපාලන කණ්ඩායම් දරුණු ලෙස මර්දනයට ලක් විය. ස්විත්ලානා අසල්වැසි ලිතුවේනියාවට පලා ගියාය. බෙලරූස් අධිකරණය හමුවේ ස්විත්ලානා වරදකාරිය වෙද්දී, ඇය සිටියේ ද ලිතුවේනියාවේය.

(රොයිටර්)



අදහස් (0)

බෙලරූස් විපක්ෂ නායිකාවට වසර 15 ක සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site