පසුගිය වසරේ බහරේන් රජයට විරුද්ධව පැනනැඟුණු විරෝධතා රජයේ හමුදා යොදවා දරුණු ලෙස මර්දනය කිරීමට වසරක් ගතවීම නිමිති කර ගෙන සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් එරට පොලිසිය විසින් පෙරේදා (14) විසුරුවා හරින ලද බව එරට රජය ප‍්‍රකාශ කළේය. පසුගිය වසරේ දරුණු ලෙස විරෝධතා මැඬපැවැත්වූ පර්ල් චතුරස‍්‍රයට පැමිණීමට මනාමා නගර සීමාවෙහි පිහිටි ෂීතේ ගම්මානවල වාසය කරන ජනයා මනාමා නුවරට එක්රැුස් වූ අතර ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප‍්‍රහාර එල්ල කර ඇති අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවෝ පෙට‍්‍රල් බෝම්බ සහ ගල් ප‍්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. සිද්ධියෙන් අනතුරුව විරෝධතාකරුවන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දහඅටවැනි සියවසේ සිට බහරේන් රාජ්‍යයේ බලය හොබවන කලීෆා රාජවංශයේ වත්මන් පාලකයා වන හමාඞ් බින් ඉසා අල් කලීෆා රජු හට බලයෙන් ඉවත්වන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවෝ මෙසේ වීදි බැස සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි. බටහිර රාජ්‍යයන් අරාබි වසන්තය නමින් හැඳින්වූ මැදපෙරදිග කලාපය හරහා වේගයෙන් පැතිර ගිය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ බහරේන් රාජ්‍යයට පැමිණියේ මීට වසරකට ඉහතදීය. මෙහිදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් රටතුළ ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනයා බහරේන්හි අගනගරය වන මනාමාහි පිහිටි පර්ල් චතුරස‍්‍රයට රැස්ව මසක් තිස්සේ විරෝධතාවල නියැලූණහ. අනතුරුව එරට රජය විරෝධතා උත්සන්නවීමත් සමඟ රජයේ හමුදා යොදා විරෝධතා දරුණු ලෙස මැඬපැවැත්වූ අතර එහිදී ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු 35 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත
රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බහරේන් විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති