IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනකු මේ වනවිට එම උපවාසයට එක් වී සිටින බවත් වාර්තා වේ.

ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මහාබෝධි විහාරයට වැඩම කළ අතර, උන්වහන්සේලා ද එම උපවාසයට එක් වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැවැසීය.

1949 වසරේ මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කරන්නැයි ඉල්ලමින්, බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙසේ මහා බෝධි විහාරය අසල උපවාසය ආරම්භ කළේ පසුගිය පෙබරවාරි 12 වැනිදාය.

සිදුහත් බෝ සතුන් බුද්ධත්වයට පත් වුණු බුද්ධගයාව පිහිටා ඇත්තේ, ඊසානදිග ඉන්දියාවේ, බිහාර් ප්‍රාන්තයේ, ගයා දිස්ත්‍රික්කයේය.

වර්තමානයේ බුද්ධගයාව පාලනය කරන පාලක මණ්ඩලයට හින්දු භක්තිකයෝ පස් දෙනෙක් සහ බෞද්ධයන් සිවු දෙනකු අයත් වන අතර, උපවාසයට එක් වී සිටින භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම වී ඇත්තේ, බුද්ධගයාව පාලනය කරන එම පාලක මණ්ඩලය සම්පූර්ණයෙන් බෞද්ධයන්ගෙන් සමන්විත යුතු බවය. ඒ සඳහා 1949 වසරේ, මහා බෝධි විහාර කළමනාකරණ පනත වෙනස් කිරීම කළ යුතුය. 

භික්ෂූන් වහන්සේලා ආරම්භ කළ උපවාසයට සහාය පළ කරමින්, පසුගිය 14 වැනිදා පූනේ නගරයේ දී දැවැන්ත මහජන පෙළපාළියක් ද පැවැත්විණි. 



අදහස් (2)

භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා

Sediris Tuesday, 18 March 2025 12:23 PM

ඉන්දියාවෙ කොන්දක් තියෙන මිනිස්සු ටික දෙනෙක් තාම ඉන්නවා දැකීමත් සතුටක්. අනගාරික ධර්මපාලතුමා ලංකාවෙන් ගිහින් ඔය ටික ඔහොම වත් බේර ගත්තෙ. නැත්තන් ඔය උතුම් ස්ථානය තනිකරම කෝවිලක් කරල තමයි උන් නවතින්නෙ.

:       4       18

Rata Perata Tuesday, 18 March 2025 12:33 PM

සාධාරණ ඉල්ලීමක්. ඉන්දියානු රාජ්‍යය මේ ඉල්ලීම ගැන සලකා බලයි කියලා හිතනවා.

:       4       15

ඔබේ අදහස් එවන්න

 

සයුරෙන් එතෙර

අගමැති මෝදි ඇමෙරිකන් බුද්ධි අංශ ප්‍රධානියා හමුවෙයි
2025 මාර්තු මස 18 111 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.


නවසීලන්ත අගමැති ඉන්දියාවේ සංචාරයක
2025 මාර්තු මස 18 39 0

ඉන්දීය සංචාරයකට පැමිණ සිටින නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි.


භික්ෂූන් වහන්සේලා බුද්ධ ගයාවේ විරෝධතා
2025 මාර්තු මස 18 1296 2

බුද්ධගයාවේ පාලනය, සම්පූර්ණයෙන්ම බෞද්ධ මණ්ඩලයකට භාරදෙන මෙන් ඉල්ලා, මහාබෝධි විහාරය අසල ආරම්භ කර ඇති උපවාසය දිගටම පැවැත්වෙන බවත්, ඉන්දියාවේ බෞද්ධ භික්ෂ


බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි
2025 මාර්තු මස 18 1952 0

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජ


නියමුවන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සාර්ථකයි
2025 මාර්තු මස 17 2773 3

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.


පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට
2025 මාර්තු මස 17 803 0

පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතික


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 393 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 900 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 331 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site