IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


භාරකාර අගමැති ධුරය හිටපු අගවිනිසුරුට

 

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඊයේ (4) නව භාරකාර රජයේ අගමැති ලෙස හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම යෝජනා කළේය.

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ධුරයේ රැඳී සිටිනු ඇතැයි පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් නියෝගයක් නිකුත් කර තිබියදී, පකිස්තාන අගමැති ඉම්රාන් හිටපු අග විනිසුරු ගුල්සර් අහමඩ් ගේ නම භාරකාර අගමැති ලෙස යෝජනා කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව, විපක්ෂ සන්ධානය පාකිස්තාන ජාතික සභාවට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ විශ්වාසභංගය නියෝජ්‍ය කථා නායක කසීම් ඛාන් සූරි  ඊට විරෝධය දක්වමින් විශ්වාසභංගය අවලංගු කළේය.

ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවේ පස්වෙනි වගන්තියට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.

විශ්වාසභංග යෝජනාව ඉවත දැමීම හේතුවෙන් විපක්ෂ සන්ධානය පකිස්තාන ශේෂ්ඨාධිකරණයේ චෝදනා පත්‍රයක් ගොනු කළේය.

එය විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රමුඛ පස් දෙනෙක් ගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කෙරූ අතර නඩු විභාගය ආරම්භ කළේය.

නඩු විභාගය ආරම්භයේදී සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය යැයි පවසමින් පකිස්ථාන ජනතා පක්ෂය විසින් පෙත්සමක් ඉදිරිපත් කළේය.එම පෙත්සම ශේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කෙරූ අතර එහිදී අග විනිසුරු උමාර් අටා බන්දයාල් පැවසුවේ ඔබ මේ විනිසුරු මඩුල්ලට අකමැති නම් අපි නැගිටලා යන්නම් යනුවෙනි.

නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු බන්දයාල් සියලුම පාර්ශව වලට ඇහුන්කන් දීමෙන් පසුව අධිකරණයේ තීන්දුව ප්‍රකාශ කරන බව පැවසීය.නඩු විභාගයේ දී  අගවිනිසුරු බන්දයාල් ව්‍යවස්ථාවේ 5 වෙනි වගන්තිය උපුටා දක්වමින් විශ්වාසභංග යෝජනාවක් ඉවත දැමීම කථානායක වරයට හෝ නියෝජ්‍ය කථානායක වරයාට කළ නොහැකි බව පැවසුවේය.

එසේම විශ්වාසභංග යෝජනාවක් ඡන්ද විමසීමට ගැනීමට පෙර විවාදයක් පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ  සඳහන් වුවත් එයද සිදු නොවූ බව එතුමා වැඩි දුරටත් සඳහන් කළේය. නඩු විභාගය අද (5) පැවැත්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

භාරකාර අගමැති ධුරය හිටපු අගවිනිසුරුට

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 40 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 46 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 17 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 21 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 309 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 245 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 573 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 777 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2172 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site