ජර්මනියේ බර්ලින් නුවර හෝටලයක මහල් වල තැන නොතැන නොබලා විනිවිද පෙනෙනා වීදුරු පැනල වලින් ආවරණය කිරීමට ගොඩනැගිලි නිර්මාණකරුවා කටයුතු කර ඇති නිසා දැන් එම හෝටලයේ වැසිකිළියට යෑමට සිදුව ඇත්තේද පේ්රක්ෂක ප්‍රතිචාර මැදය.
තට්ටු දහයක් තරම් නොඋස් හෝටලයෙන් පිටත සිටින්නන්ට හෝටලේ නවාතැන් ගෙන සිටින්නෝ කරමින් සිටින්නේ කුමක්දැයි යන්න විනිවිද පෙනෙන වීදුරු පැනල වලට පින්සිදු වන්නට හොඳින් පෙනේ.
මෙනිසා ලොකුම ගැටළුව වී ඇත්තේ වැසිකිළියට යාමය.
මෙසේ හෝටලයට විනිවිද පෙනෙනා වීදුරු පැනල සවිකිරීමටද හේතුවක් තිබී ඇත.හෝටලය පිහිටා ඇත්තේ බර්ලින් සත්තු වත්තට යාබදව වන අතර මෙනිසා හෝටලයේ බළධාරීන් සිතා ඇත්තේ හෝටලයේ නවාතැන් ගන්නවුන්ට නොමිලයේම සත්තු වත්ත දැක බලා ගැනීමටද අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙසේ විනිවිද පෙනෙන වීදුරු පැනල සවිකිරීමටය.
සැළසුම වී තිබී ඇත්තේ එක් මහළක පමණක් පැනල සවිකිරීම වුවත් ගොඩනැගිලි නිර්මාපකයා තැන නොතැන නොබලා වීදුරු පැනල සවිකර ඇත.
මෙනිසා හෝටලයට ඇතුළුවන තැන තබා ඇති දැන්වීමකි ‘‘සත්තු වත්තේ වඳුරන් පමණක් නොව වෙනත් අයද ඔබ දෙස බලා සිටින හෙයින් පරිස්සම් වන්න‘‘.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේ හෝටලේ වැසිකිළියට යන්නේ බලාගෙනයි
ගාමිණී - සිරි Thursday, 31 July 2014 03:58 PM
ගොඩ නැගිලි නිර්මාණ කරුවා නම් මෝඩ පිස්සෙක් ! සතුන් ලෙහෙසියෙන් නැරඹීමට හැකි මහලක් හෝ දෙකක් මෙලෙස නිර්මාණය කළා නම් ඉවරයිනේ. නිමකර ඇත්තේ සත්තු නරඹන්නන් දෙස අවධානය යොමුකරගන්න වැඩක් (නදී)
පෙරේරා බර්ලින් Thursday, 31 July 2014 08:56 PM
මම වසර 30ක් පමණ රැකියාව කරන්නෙත් නැවතී සිටින්නේත් මෙම බර්ලින් නගරයේ. එහෙත් අද වනතුරු මෙවෙනි හෝටලයක් තිබෙන බවක් දැකලා හෝ අසා හෝ නොමැත. මෙය විහිලුවක්ද ? එසේ නොමැති නම් ඉදිරියට නිර්මාණය කරනා දෙයක් කියා වාර්තා කරපු දෙයක්ද ? කවුරුන් හෝ දන්නා කෙනෙක් අපව දැනුවත් කිරීම වටිනවා (නදී)
නිහාල් විතානගේ Thursday, 31 July 2014 08:58 PM
සුද්දෝ සුද්දියන්ට ඕක මොකක්ද ? (නදී)