මෙක්සිකෝවේ අලුතින් ඉදිවුණු එල්ලෙන පාලමක්, විවෘත කළ සැණින් කඩා වැටී ඇති අතර, එය විවෘත කළ නගරාධිපතිවරයා ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූහ.
අස්ථි බිඳීමට ලක් වී තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
පාලම ඉදි කර තිබුණේ ලෑලි සහ යකඩ දම්වැල්වලිනි. එය කුඩා දිය පාරක් සහිත ප්‍රපාතයකට ඉහළින් ඉදි කර තිබුණි. පාලම විවෘත කිරීමට කුවෙර්නාවාකා නගරාධිපති, ඔහුගේ බිරිඳ, නගරසභා බලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් පැමිණ සිටියහ.
පාලම දම්වැල්වලින් ගැලවී ගියේ නගරාධිපතිවරයා එය විවෘත කිරීමෙන් පසු පිරිස පාලම හරහා ගමන් කරමින් සිටිද්දීය. නගරාධිපතිවරයා මෙන්ම බිරිඳ ද තුවාල ලැබූ බව වාර්තා වේ. සෙසු පිරිස අඩි 10 ක් පහළට වැටුණි. පාලම කඩා වැටෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී තිබේ.
(රොයිටර්)
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මන් යී’ යනුවෙන් නම් කළ ප්රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ පැයට කිලෝ මීටර් 230 ක වේගයකින් නැගෙනහිර පිලිපීනයට කඩා වැ
ධුරයෙන් සමුගන්නා ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ අවසන් වරට හමුවක් පේරු රටේ ලීමා නුවරදී පැවැත්විණි. ඒ, ලීමා නුවර දී ආරම්භ වූ ‘ආසියා ප
ආජන්ටිනා ජනාධිපති සහ ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, ට්‍රම්ප්ට අයත් ‘මාර් ආ ලාගෝ’ නිවාඩ
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති ආකාරයටම, රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් වේවි යැයි තමන් විශ්වාස කරන බව යුක්රේ
මෙම 2024 වසරේ ‘ජී20’ රාජ්‍ය නායක සමුළුව ලබන 18 වැනිදා බ්‍රසීලයේ රියෝ දි ජිනයිරෝ නුවරදී පැවැත්වෙන අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වෙයි.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙක්සිකෝවේ පාලමක් විවෘත කළ සැණින් කඩා වැටිලා
චන්දන Friday, 10 June 2022 07:25 AM
කොන්ත්‍රාත් එක ලංකාවේ ද දන්නෑ
Prase Friday, 10 June 2022 11:17 AM
කොන්ත්‍රාත් කාරය ලංකාවෙ වෙන්න ඇති.
samanFriday, 10 June 2022 02:32 PM
නිතරම තමන්ගෙ රට පහත් කොට සලකන මොඩයිනුත් එමට ඇත
මයුර Sunday, 12 June 2022 12:53 AM
බලන්න කොන්ත්‍රාත්තුව අරගෙන තියෙන්නේ එම්.ආර්. 10% ද කියලා...