මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි නගරය සහ දකුණු ගුඑරෝ පළාත ඊයේ (11) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 6.5ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර එයින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. ඉගුවානා නගරයේ එකොළොස් වියැති දරුවෙකු සහ තවත් අයෙකු භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. භූ කම්පනයෙන් පසුව අගනුවර ප‍්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම අඩාල වූ බවත් දුරකථන සන්නිවේදන පද්ධතිය ඇණහිටි බවත් වාර්තා වේ. භූ කම්පනයෙන් පසුව ප‍්‍රකාශයක් නිකුත් කළ මෙක්සිකෝවේ ජනපති ෆිලිප් කල්දෙරන් කියා සිටියේ මේවන විට භූ කම්පනයෙන් බරපතළ හානියක් සිදු වූ බවට වාර්තා වී නොමැති බවයි. මෙක්සිකෝ සිටි නගරයට කිලෝමීටර් 166ක් ගිනිකොණ දෙසින් පිහිටි කිලෝමීටර් 65ක් පොළොව අභ්‍යන්තරයෙහි භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇතැයි භූ විද්‍යාඥයෝ පවසති. මෙක්සිකෝව පැසිෆික් ගිනිවළල්ල ආශි‍්‍රතව පිහිටා ඇති රටක් නිසා නිරතුරු භූ කම්පන ඇති වීමේ අවදානම පවතින අතර 1985 වසරේ දී එරටට බලපෑ රික්ටර් මාපකයේ 8.1ක දරුණුම භූ කම්පනයෙන් පුද්ගලයින් දසදහසක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මෙක්සිකෝවට භූමි කම්පාවක්