ඉන්දියාවත් පාකිස්තානයත් අතර පවතින මතභේද දුරලා දෙරට අතර මිත‍්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට තම ඉන්දීය සංචාරය අතිශයින් පලදායී වූ බව පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරී පවසයි. ජනපතිවරයා මෙසේ කියා සිටියේ ඉකුත් ඉරිදා (8) ඉන්දියාවේ එක් දින සංචාරයක යෙදීමෙන් පසුවය. වසර 2005 පසුව පාකිස්තාන ජනාධිපතිවරයකු ඉන්දියාවට පැමිණි ප‍්‍රථම අවස්ථාව වූයේ ද මෙයයි. පෞද්ගලික සංචාරයක් වුව ද එය රාජ්‍යතාන්ති‍්‍රක වශයෙන් ඉතා වැදගත් එකක් වූ බව පාකිස්තාන ජනපති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. ජනපති සර්දාරි ඉන්දියාවට ගියේ සූෆි මුස්ලිම් පල්ලියක් වන්දනාමාන කිරීමටය. ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවුණේ ඒ අතරතුරේදීය. පාකිස්තාන ජනපති වෙනුවෙන් අගමැති සිං දිවා භෝජන සංග‍්‍රහයක් ද පැවැත්වීය. එම අවස්ථාවේදී පාකිස්තානයට එන්නැයි ජනපති සර්දාරි ඉන්දීය අගමැතිවරයාට ඇරැයුම් කළේය. එම සංචාරය අසල්වැසි පසමිතුරු රටවල් දෙක අතර මිත‍්‍ර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට පිටුවහලක් වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්දියාවත් පාකිස්තානයත් අතර හොඳ හිත පළුදු වූයේ, 2008 වසරේ පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමීන් ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල කළ ප‍්‍රහාරයෙන් පසුවය. එම ප‍්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප‍්‍රහාරය සිදු කළේ පාකිස්තානයේ කි‍්‍රයාත්මක ලෂ්කාර් ඊ තයිබා නමැති සටන්කාමී සංවිධානය යැයි චෝදනා එල්ල වී ඇති අතර එම සටන්කාමීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්නැයි ඉන්දීය රජය පාකිස්තානයෙන් ඉල්ලා සිටියි. මේ අතර ලෂ්කාර් ඊ තයිබා සංවිධානයේ නිර්මාතෘ හෆීස් මොහොමඞ් සයීඞ් මරා හෝ පණ පිටින් හෝ අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකා රජය පවසා ඇත. අල් කයිඩා හෝ තලේබාන් සටන්කාමී නායකයන් මෙන් නොව, හෆීස් මොහොමඞ් සයීඞ් ප‍්‍රසිද්ධියේ පෙනී සිටිමින් දේශපාලන රැලි පවා පවත්වයි. පාකිස්තාන රජය පවසන්නේ සයීඞ්ට එරෙහිව චෝදනා එල්ල කරන්නේ නම් ඒවා ඔප්පු කිරීමට ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කළ යුතු බවය. සයීඞ්, මරා හෝ පණ පිටින් අල්ලා දෙන අයකුට ඇමෙරිකන් ඩොලර් ලියන 10 ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඇමෙරිකාව ප‍්‍රකාශ කිරීමත් සමඟ පාකිස්තාන වැසියෝ ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වූහ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මිතුදම් අලූත් කර ගන්න ඉන්දීය සංචාරය උදවු වුණා