IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මැතිවරණ තියන්න සල්ලි නෑ

මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව, පාකිස්තාන මුදල් අමාත්‍ය ඉෂ්ක් දාර් පවසා තිබේ.

පාකිස්තානය මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින් රට මෙම අර්බුදයට මුහුණ පා සිටින බවය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම බල කර සිටින්නේ, මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු බවය.

පෙරේදා (24) පැවැති ජාත්‍යන්තර මාධ්‍ය හමුවක් අතරතුරේ ද පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් සහ ජනමාධ්‍ය අමාත්‍ය මීරියම් අවුරන්සෙබ් ද මැතිවරණ පැවැත්වීමට මුදල් අමත්‍යාංශයට මුදල් නොමැති බව පෙන්වා දුන්හ.

එම මාධ්‍ය හමුවේදී ද රට ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ ඉම්රාන් ඛාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමණාකරනය නොකළ නිසා යැයි ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් දිගින් දිගටම චෝදනා නගන්න විය. පාකිස්තාන විපක්ෂය එක් වී, විශ්වාසභංගයකින්, ඉම්රාන් ධුරයෙන් ඉවත් කළේ පසුගිය වසරේය.

තමන් ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක යැයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දිගින් දිගටම චෝදනා කරන බවත්, එම චෝදනා අසත්‍ය බවත්, පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මැතිවරණ තියන්න සල්ලි නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 965 1

ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ


චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි
2025 අප්‍රේල් මස 17 601 0

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.


කොංගෝ බෝට්ටුවක් ගිනිගෙන ගිලී 50 ක් මරුට
2025 අප්‍රේල් මස 17 142 0

අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.


ඇමෙරිකන් තානාපති කාර්යාල වසා දැමීමේ තීරණයක්
2025 අප්‍රේල් මස 17 8423 7

ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම


චීන ජනපති මැලේසියාවේ
2025 අප්‍රේල් මස 16 161 0

ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි


හාවඩ් විශ්ව විද්‍යාලයට ජනපති ට්‍රම්ප්ගෙන් තර්ජන
2025 අප්‍රේල් මස 16 244 0

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 491 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site