IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


මෝදිගේ වාර්තා වැඩසටහන පෙන්වද්දී විදුලිය විසංධි කරලා

මීට වසර 21 කට පෙර, ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ, හටගත් හින්දු මුස්ලිම් ගැටුම් සහ එවකට ගුජරාටයේ මහ ඇමැති ලෙස කටයුතු කළ නරේන්ද්‍ර මෝදි, හින්දු අන්තවාදීන් උස් ගැන්වීම සම්බන්ධයෙන් බීබීසී නාලිකාව නිර්මාණය කළ වාර්තා වැඩසටහන නවදිල්ලි අගනුවර ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ප්‍රදර්ශනය කරද්දී ඊට බාධා එල්ල වූ බව පැවැසෙයි.

විශ්ව විද්‍යාල බලධාරීන්, වාර්තා වැඩසටහන ප්‍රදර්ශනය වැළැක්වීමේ අරමුණින් බලධාරීන් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ විදුලිය සහ අන්තර්ජාල පහසුකම් විසන්ධි කළ බවට චෝදනා එල්ල වී තිබේ.

වාර්තාමය වැඩසටහන ප්‍රදර්ශනය කළහොත් ඒ පිළිබඳ විනය ක්‍රියාමාර්ග ගැනීමට පවා පසුබට නොවන බව විශ්ව විද්‍යාල බලධාරීන් කල්තියා අනතුරු අඟවා තිබුණි.

එසේ වුවත්, ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ සිසුන් 300 කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ජංගම දුරකතන ඔස්සේ මෙම වැඩසටහන නරඹා ඇතැයි ඉන්දීය මාධ්‍ය පසුව වාර්තා කළේය.

වාර්තා වැඩසටහන නැරැඹූ සිසුන් ඉලක්ක කර ගනිමින් හින්දු අන්තවාදීන්, ගල් ප්‍රහාර එල්ල කළ බවට ද දිල්ලි පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

වාර්තා වැඩසටහන කොටස් දෙකකින් යුක්ත වන අතර, එහි දෙවන කොටස මේ වන විට එක්සත් රාජධානියේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

ඉන්දීය මධ්‍යම රජය, බීබීසී වාර්තා වැඩසටහන සම්බන්ධයෙන්, වාරණයක් ද පනවා තිබේ. එය ප්‍රදර්ශනය තහනම් කර ඇති අතර, එහි කොටස් සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීමද තහනම් කර තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ජයිශංකර් පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය මෝදිගේ නායකත්වය සම්බන්ධයෙන් රිනාත්මක මතයක් ප්‍රචාරණය කිරීම සඳහා වැඩසටහන නිර්මාණය කර ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

මෝදිගේ වාර්තා වැඩසටහන පෙන්වද්දී විදුලිය විසංධි කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

බලයේ සිටින කැනඩා අගමැතිට ජනවරමක්
2025 අප්‍රේල් මස 29 1409 3

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ


පාකිස්තාන යූ ටියුබ් නාළිකා නවත්වයි
2025 අප්‍රේල් මස 28 175 0

ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය


නව පාප්වහන්සේ තෝරා ගැනීම 5 හෝ 6 වැනිදා
2025 අප්‍රේල් මස 28 110 1

නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ
2025 අප්‍රේල් මස 28 250 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ


කැනඩා වැසියෝ ඡන්ද පොළට
2025 අප්‍රේල් මස 28 864 2

කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 1574 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site