මුහුදු ජලයේ සුළුදිය පහ කිරීම මුහුදු ජීවීන්ට යහපත් වන්නේයැයි ඇමරිකා විද්‍යාඥ පිරිසක් කියති.
මුහුදු දියේ නාමින් සිටින විට නොදැනුවත්වම සුළුදිය පහ වීම බොහෝ දෙනා අත්විඳ ඇති දෙයකි.
මෙයින් ජලය අපිරිසිදු වන්නේයැයි පැවසුණද පර්යේෂණය සිදුකර ඇති විද්‍යාඥ පිිරිස පවසන්නේ මුහුදු දියේ පරිමාව සැළැකූ විට සුළු දිය පහ කළායැයි කියා කිසිදු ආකාරයක ජල දුූෂණයක් සිදුවන්නේ නැති බවයි.
එයින් ඇත්තෙන්ම සිදුවන්නේ මුහුදු ජීවීන්ට, විශේෂයෙන්ම මුහුදු පැළෑටි වලට යහපතක් යැයි ඔවුන් කියයි.
මෙය තවදුරටත් පැහැදිලි කර දෙන ඔවුන් සුලූ දිය සමග පිට වන යූරියා මුහුදු ජලය හා එක්ව ඇමෝනියා බවට පත්වන බවද එම ඇමෝනියා මුහුදේ ජීවත්වන ශාක වර්ග වලට ඛෙහෙවින් අත්‍යාවශ්‍ය වන පෝෂකයක් බවද පවසයි.
අනෙක් අතට මුහුදු දියේ පරිමාව ක්වින්ට්‍රිලියන 350 ක් පමණ වෙද්දී (බින්දු 18 ක්) මුලූ ලෝ වැසි සියලූ දෙනා එකවර මුහුදු දියේ සුළු දිය පහ කළද එයින් මුහුදු ජලයට එක්වන්නේ ට්‍රිලියන එකකට සුලූදිය කොටස් 60 ක් වැනි සුළුදිය ප්‍රමාණයක් තරමේ කුඩා පරිමාවක් බව ඔවුන් කියයි.
මසුන් ඇතුලූ වෙනත් ජීවීන්ද මුහුදු දියේ සුළුදිය පහ කරයි. තල්මසෙකු දිනකට මුහුදට එක්කරන සුළුදිය ප්‍රමාණය ටොන් 970 ක් බව සොයාගෙන ඇත.
මෙනිසා මිනිස් අප මුහුදේ සුළුදිය පහ කළායැයි කියා වරදක්වත් වෙනසක්වත් සිදුනොවන බව පර්යේෂක පිරිස පවසයි.
මිනිස් අප ඇත්තෙන්ම සිදුකළ යුත්තේ සුළුදිය පහ කිරීමක් ගැන වද වීම නොව අන්තරායට මුහුණදී ඇති මුහුදු පරිසරය ආරක්ෂා කර ගැනීම යැයි ඔවුන් පෙන්වා දේ.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මූදට සුළු දිය එක්වීම සුළු දෙයක්
නන්ද Wednesday, 27 August 2014 04:48 AM
ලංකාව වටේම මුහුදනේ. මට හරි ආසයි (නි)
උපාලි Wednesday, 27 August 2014 05:22 AM
ඔය ආරංචිය නම් එච්චර හොඳ නැහැ. කොළඹ අාපු අය හිතාවි මොකටද එහෙනම් රුපිය දහයක් දීල කරන්නේ ඔය වැඩේ කියලා. (නදී)
රෝමි Wednesday, 27 August 2014 06:06 AM
ඒකනේ මම ඒ වැඩේ ඒ කාලේ ඉඳලම බය නැතිව කලේ... අයි නෝ ද ලෝ පුතා...(අ)
අනස්ලි Wednesday, 27 August 2014 06:26 AM
සමහරු නාන තටාක වලත් සුළු දිය පහ කරනවා.ඒක හොදද දන්නේ නැ? (අ)
සත්‍යයා Tuesday, 26 August 2014 07:07 PM
අපේ අය නම් වැඩකරන්නේ මුළු රටම මහා මුහුදක් කියලා හිතාගෙන. (නි)
කුලසූරිය Tuesday, 26 August 2014 09:26 PM
මම හෙට සිට මුහුදු ජලයේ සුළුදිය පහකරමි..... (නි)
මියාල් Tuesday, 26 August 2014 10:31 PM
සුළුදිය ටොන් 970 දිනකට? විශ්වාස කිරීමට නොහැක. එය නිවැරදිද කියන්න. (නි)
හැරිසන් Wednesday, 27 August 2014 04:03 AM
මහ මුහුදට ඕවායේ ගාණක් නැහැ (නි)