ඕස්ටේ්රලියාවට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ තල්මස් මළකුණක් මතට මුහුදේ පිහිනා පැමිණි පුද්ගලයෙකු ගොඩවූවේය.
තල්මස් මළකුණ වටා මිනී මෝරුන් රැස්ව සිටියද ඔහුට එය ගණනක් වූ බවක් පෙනෙන්නට නොතිබුණි.
නමුත් ඔහු බියපත්වූ බවක් පෙනෙන්නට ගත්තේ මෝරුන් එකතුව තල්මස් මළකුණ කැබලි කරන්නට වූ විටය.
අසළ බෝට්ටුවක සිටි සගයින් නැවත ඔහුව බෝට්ටුවට ගත්තේය.
මෙයට ඕස්ටේ්රලියා මාධ්‍ය වලින් විශාල ප්රතිචාරයක්ද ලැබිණි.පසුව අනාවරණය වූයේ මෙම පුද්ගලයා ත්‍රාසය සොයායන්නෙක් බවයි.මරණය පෙනෙන නොපෙනෙන මානයේ සිටීමට ඔහු කැමති බව පැවසුනි.බොහෝ දෙනා ඔහු මෝඩයෙකු හැටියට හඳුන්වාදී ඇත.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිනී මෝරුන් මැදට මෝඩයෙක් පීනයි
වසන්ත කුමාර Tuesday, 04 November 2014 05:14 AM
මේක බොරුවක් ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩ
නාලක Monday, 03 November 2014 04:18 PM
අපිත් ලංකාවේ බස් වල ෆුට් බෝර්ඩ් එකේ ගියා. එක ඇගිල්ලකින් එල්ලිලා. එක කකුලක් ෆුට් බෝර්ඩ් එකේ අනික එළියේ. ත්‍රාසජනක ක්‍රීඩාවකට තියෙන ආසාවට නෙමෙයි. කොහොම හරි ගෙදර යා ගන්න ඕනේ නිසා. (ර)
බන්දුල පෙරේරා Wednesday, 05 November 2014 03:11 AM
ප්‍රසන්න මහත්තය ලංකාවේ ඡන්දයක් දාල තියෙනවද තමන්ගේ ජිවිත කාලේ ඇතුලත එක වතාවක් වත්..මහත්තයෝ..එහෙම කාලයක් තිබුන ඔය අපේ අද ප්රජාතන්ත්රවාදය යහ පාලනය මානව නිදහස නැහැ කියල මොර දෙන අයියල තුන්ඩු කෑල්ලෙන් රට පාලනය කරපු කාලෙනම්.. දැන් එහෙම නැහැ.. ඇවිත් එක පාරක් ඡන්ද පොළකට ගිහින් බලන්න..(අ)
ඉසුරන්දි Monday, 03 November 2014 08:26 AM
මරණය සමග සෙල්ලම් කිරීමත් එක අතකින් ඒ පුද්ගලයට විනෝදයක් ගෙන දෙන්නක් විය හැකියි. (නදී)
අබේ Tuesday, 04 November 2014 07:19 AM
මෙයා ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න දාමුද විරුද්ධ පක්ෂයකින්. තල්මහ උඩ ඉන්න එක ලේසි කියාවි (අ)
ක්‍රිෂාන් Monday, 03 November 2014 08:41 PM
ලංකාවේ පාරේ පයින් යන එකත් මීට වඩා ත්රාසජනකය. මරුවා සමඟ වාසේ ! (නි)
චමින්ද Tuesday, 04 November 2014 08:19 AM
ඇත්තටම මෝඩයෙක් තමයි.(හේ)
කාන්ති Monday, 03 November 2014 11:08 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
කුමාර් Tuesday, 04 November 2014 04:28 PM
පත්තරේ අය කැලණියේ එක්කෙනාගේ පවූලේ අයටත් බයයි වගේ. (ර)
රනිල් Tuesday, 04 November 2014 04:36 PM
චමින්ද සහ ගයන්ත http://www.bbc.com/news/world-us-canada-27228996 (දී)
චින්තක Tuesday, 04 November 2014 08:51 AM
කවුද පොටෝ එක ගත්තේ (බ)
රෂාන් Thursday, 06 November 2014 05:23 AM
ඕස්ට්‍රේලියාවේ අයට හීනමානය හැදිලද? (නි)
තීක්ෂණ Tuesday, 04 November 2014 12:42 AM
ප්‍රසිද්ද වෙන්න කරපු පිස්සු වැඩක් (නදී)
චමින්ද Tuesday, 04 November 2014 09:01 AM
බෝට්ටුව ආවේ නැත්තම් මේ වෙන කොට මොරුන්ගේ බඩේ.(හේ)
ප්‍රසන්න Tuesday, 04 November 2014 01:35 AM
ලංකාවේ ඡන්ද පොළට ඡන්දෙ දාන්න යනවා වගේ වැඩක් (නදී)
පාලිත Tuesday, 04 November 2014 09:21 AM
අපරාදේ මිනි මෝරෙක්ට අහු වෙන්න තිබ්බේ.(හේ)
චමින්ද Tuesday, 04 November 2014 01:39 AM
මේ මිනි මෝරු කතාව හදපු බොරු කතාවක්. මම ඉන්නෙත් ඔය කියන රටේමයි. (නදී)
ආසිරි Tuesday, 04 November 2014 09:21 AM
ජිවිතයක් ගැන ආදරයක් නැති මිනිස්සු.(හේ)
ගයන්ත Tuesday, 04 November 2014 02:00 AM
මිනි මෝරු ඉන්න තැනකට කිට්ටු වෙන්න තරම් මෝඩයෝ ඕස්ට්‍රේලියාවේ නැහැ. අනිකුත් රටවල මිනිසුන්ට වැඩිය, මිනි මෝරු ගැන හොද අත්දැකීම් ඕස්ට්‍රේලියානුවන්ට තියෙනවා. (නදී)
චන්දන Tuesday, 04 November 2014 02:03 AM
අනේ චමින්ද ඔයා දන්නවද ඔය රටේ හැම තැනම මේ පින්තූර තියෙන්නේ. පණ්ඩිතය නොවී හොඳට බලන්න (නදී)
අසංක Thursday, 06 November 2014 06:44 AM
වෙලාවට අපි ලංකාවේ වුණේ (නි)
ඩිලාන් Wednesday, 05 November 2014 07:04 AM
අපිත් කඳු පාමුල ගෙවල් හදාගෙන මහවැස්සට දොර වහගෙන පොරවාගෙන නිදාගන්නේ... නායයන බව දැනදැනත්... (නි)
සිරිසේන Tuesday, 04 November 2014 03:02 AM
අනේ අර මාළුවා උඩ අන්දරේ වෙන්නැති. ඕස්ට්‍රේල්යාවේ මිස්ටර් ඇන්ඩ්රූ නෙවෙයි නම්. (නදී)
ජිලාන් Tuesday, 04 November 2014 09:53 PM
අපේ බන්දුල පෙරේරා වගේ හිතන කෙනෙක් වෙන්න ඇති (නි)
සමන්ත Tuesday, 04 November 2014 04:07 AM
මේ මනුස්සයව රූබන් මහත්තයා ගාවට යොමු කළ නම් විසදුමක් දෙයි .(හේ)
ප්‍රසන්න Tuesday, 04 November 2014 11:40 AM
හැමදේටම මුල්වන්නේ සිතයි (දී)
හසිත් Tuesday, 04 November 2014 04:24 AM
පිස්සුනේ මෙයාට.(හේ)
නිහාල් ප්‍රනාන්දු Monday, 03 November 2014 06:23 AM
මෝඩ කමට බෙහෙත් නැතේ.(නදී)