‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, මුහුදු පතුළේ පීඩනයට හසුවී, පිපිරී විනාශ වූයේ යැයි සැක කෙරෙන ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනයේ සිටි පස් දෙනා සම්බන්ධයෙන් සොව පළවෙමින් තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේය.
‘ටයිටන්’ සබ්මැරීනය අයත් වූයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමටය. ‘ටයිටැනික්’ නැවට සංචාරකයන් රැගෙන යෑම ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගම විසින් සිදු කරනු ලබයි.
පිපිරී විනාශ වන්න ඇතැයි සැක කෙරෙන කුඩා සබ්මැරීනයේ ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාලමේ ප්‍රධානී 61 හැවිරිදි ස්ටොක්ටන් රෂ් ද විය. යානයේ නියමුවා ලෙස කටයුතු කළේ නාර්ජොලේය. 77 හැවිරිදි මොහු ප්‍රංශ නාවික හමුදා විශ්‍රාමික නිලධාරියෙකි. අවස්ථා ගණණාවකදී ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය අයෙකි.
සංචාරකයන් ලෙස ගමනට එක් වී සිටියේ බ්‍රිතාන්‍ය බිලියනපති 58 හැවිරිදි හමීෂ් හාර්ඩිං ය. ඊට අමතරව, සබ්මැරීනයේ බ්‍රිතාන්‍ය පාකිස්තාන ජාතික කෝටිපති ව්‍යාපාරික 48 හැවිරිදි සුලෙයිමාන් දාවුද් සහ ඔහුගේ 19 හැවිරිදි පුතු සුලෙයිමාන් ද විය.
මුහුදු පතුලේ පීඩනයට හසුවීමෙන් යානය පුපුරා ගිය බවත්, පිරිස ක්ෂණික මරණයකට ලක් වන්න ඇති බවත් ඇමෙරිකන් නාවික හමුදාව පැහැදිලි කර තිබේ.
‘ටයිටන්’ යානයේ සුන්බුන් යැයි සැක කරන කොටස් අඩි 1,600 ක් මුහුදු පතුලින් සොයා ගැනීමට රොබෝ කිමිඳුම් යානයක් සමත් වූයේ ඊයේ (22) රාත්‍රියේය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මියගිය පිරිස වෙනුවෙන් සොව පළ කෙරේ
Hira Friday, 23 June 2023 12:33 PM
දෙවියන් වහන්සේගේ කැමැත්ත .එයා තීරණය කල මේ කියන පුද්ගලයෝ පස් දෙනා ජීවත් උනා ඇති කියලා