මානව අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කිරීම නිසා දිගු කලක් නිවාස අඩස්සියට පත් කොට සිටි අවුන් සාන් සුකී නිදහස් කිරීමෙන් පසු සිවිල් රජයක මුහුණුවරින් පවත්වාගෙන යන පාලනය වෙනස් කිරීමේ අරගලය වඩාත් උත්සන්න වනු ඇතැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව විය. ජනාධිපති ත්වාන් සීන් 2011 මාර්තු මාසයේ සිට එම පාලනයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් දීමට පියවර කීපයක් ගත් අතර අවුන්ග් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයට මියන්මාර් පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී තිබූ ආසන වලට තරග කිරීමටත් ඉඩ ලැබිණි. එම ආසන සියල්ලම සුකීගේ පක්‍ෂයට දිනා ගැනීමට හැකි විය. ඒ අනුව 2015 පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී සුකීට විශිෂ්ට ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට හැකි වන බවට සැකයක් නොමැත. එහෙත් වැදගත්ම ප‍්‍රශ්නය වන්නේ සුකීගේ නායකත්වයෙන් පිහිටුවන රජයකට අඩ සියවසකට අධික කාලයක් හමුදාවේ පාලනය යටතේ පීඩාවට පත් මියන්මාරයේ ජනතාවට සැබැවින්ම නිදහස හා සමෘද්ධිය අත්කර ගැනීමට හැකි පාලනයක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙන්නේද යන්නයි. එවැනි සැකයක් ඇතිවීමට හේතුව වන්නේ ජනාධිපති ත්වාන් සීන් විසින් මෙතෙක් පවත්වාගෙන ආ දරදඬු පාලනය ලිහිල් කිරීමත් සමග විවිධ ෙක්‍ෂත‍්‍රවල හටගත් ගැටුම්ය. රකීන් ප‍්‍රදේශයේ රොහින්ගියා නමින් හැඳින්වෙන මුස්ලිම් ආගමිකයින් හා එහි වෙසෙන බෞද්ධයින් අතර හටගත් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා මඳක් තුනීවුවද එම ගැටුමට විසඳුමක් තවම නැත. ඉන් පසුව පසුගිය නොවැම්බර් 24 වැනිදා වයඹදිග මියන්මාරයේ මොනිවා නගරය අසල ගැමියන් හා හමුදාව අතර හට ගත් ගැටුම තවත් මුහුණුවරකි. මියන්මාරයේ හමුදාවට සම්බන්ධ සමාගමක් හා චීන සමාගමක් එකතුව පිහිටුවාගත් පතල් සමාගමකට එරෙහිව ගම් වැසියන්ගේ හා බෞද්ධ භික්‍ෂූන්ගේ විරෝධය ආරම්භ වූයේ නොවැම්බර් 18 වැනිදා සිටය. මෙම සමාගම ඩොලර් කෝටි 100ක ආයෝජනයක් යටතේ කැණීම් කටයුතු හෙක්ටයාර් 3200 දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් ගම් 26ක ජනතාව අවතැන් වේ. එම ව්‍යාපෘතිය යටතේ බෞද්ධ විහාර කීපයක් ද ඉවත් කිරීමට පියවර ගෙන තිබූ නිසා ගැමියන්ගේ විරෝධය වඩාත් උත්සන්න විය. එය අවසන් වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා ආරක්‍ෂක හමුදා හා ගැමියන් අතර හටගත් ගැටුමෙනි. ඉන් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. ඒ අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාද වෙති. මෙම ගැටුමේදී හමුදාව ක‍්‍රියා කළ ආකාරය ගැන විරෝධය පෑමට මියන්මාරයේ ප‍්‍රධාන නගර දෙකක් වන මැන්ඩලේ හා යැන්ගුන්හි පෙළපාලිද පැවැත්විණ. සිද්ධිය ගැන කරුණු සෙවීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන්ග් සාන් සුකී එම ප‍්‍රදේශයේ සංචාරයක යෙදී ජනතාව මුණ ගැසුණාය. ඉන් පසුව පතල් සමාගම් පාලන අධිකාරිය සමගද සාකච්ඡුා පැවැත්වූවාය. උද්ගත වී ඇති තත්ත්වයේ බරපතළකම තේරුම් ගත් ජනාධිපති ත්වාන් සීන් මෙම ගැටුම ගැන කරුණු විමර්ශනය කිරීමට 30 දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළ අතර එහි සභාපති තනතුරට පත් කළේ අවුන්ග් සාන් සුකීය. ඒ අනුව ප‍්‍රශ්නයට විසඳුම් නිර්දේශ කිරීමේ වගකීම පැවරෙන්නේද ඇයටය. රකීන් ප‍්‍රදේශයේ හටගත් වාර්ගික ගැටුම් සම්බන්ධයෙන් සුකී හෝ මියන්මාර රජය සැලකිය යුතු පියවරක් නොගැනීම බොහෝ දෙනාගේ විවේචනයට ලක් වූ පසුබිමක් යටතේ මෙවැනි නිරීක්‍ෂණ කමිටුවක් ඉක්මනින් පත් කිරීම අගය කළ යුතුය. නමුත් මෙම පියවර ගෙන ඇත්තේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය හා මානව අයිතීන් රැකීමට ද නැති නම් ජනාධිපති ත්වාන් සීන්ගේ රජයෙන් ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට මානුෂික මුහුණුවරක් ගෙනදීමට ද යන්නත් සමහර නිරීක්ෂකයින් මතු කරන ප‍්‍රශ්නයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා සුකීට ද අලූත් වාතාවරණය යටතේ සිය උපාය මාර්ග වෙනස් කර ගැනීමට සිදුව ඇති බව පැහැදිළිය. රකීන් ප‍්‍රදේශයේ ගැටුම බෞද්ධයින් හා මුස්ලිම් ආගමිකයින් අතර හටගත් නිසා ඇයට අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අපහසු විය. ඒ අනුව ඇය කළේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට වඩා නිහඬව සිටීමය. දහස් ගණනකට උන්හිටි තැන් අහිමි වූවද ඔවුන්ගේ ජීවන තත්ත්වය විමසා බැලීමට ඇය එම ප‍්‍රදේශයේ සංචාරය නොකළාය. එහෙත් පසුගිය සතියේ ගැටුම් ඇතිවූයේ ඇයගේ ජන්ද පදනම විය හැකි ප‍්‍රදේශයක නිසා ඊට මැදිහත් වීම වැදගත්ය. නමුත් එම මැදිහත්වීමේ ස්වරූපය වෙනස්ය. පතල් කැණීමේ කටයුතු නිසා ගම් 26ක ජනතාව අවතැන් වන නමුදු ඊට විසඳුම් සෙවීමේදී රජය හා සමාගම අතර පවතින ගිවිසුම ගැන සැලිකිලමත් විය යුතුය. විශේෂයෙන්ම විදේශීය සමාගමක් සමග මෙම ගිවිසුම අත්සන් කර ඇති නිසා රටේ ප‍්‍රතිරූපය ද සැලකිල්ලට ගත යුතු යැයි සුකී පැවසුවාය. නව දේශපාලන යථාර්ථය වැඩිදුරටත් පැහැදිළි කළ සුකී ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා යන ගමන දුෂ්කරය. එය සෘජු ගමනක්ද නොවන්නේය. ඒ අනුව පසුගිය සතියේ පනහකට අධික පිරිසකට තුවාල සිදුවූ එම ගැටුම සම්බන්ධයෙන් රජය ගත යුතු පළමු ක‍්‍රියාමාර්ගය වන්නේ සමාව අයැදීමය. පොලීසිය ද ඒ අනුව සමාව අයැදි බව වාර්තා වේ. දැන් ගැටුමේ ඊළඟ කොටසට විසඳුම් සෙවීමේ වගකීමද පැවරී ඇත්තේ ඇයටය. මෙහිදී අමතක නොකළ යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ මියන්මාරයේ සිදුවෙමින් පවතින දේශපාලන වෙනස්වීම් කෙරේ ඇති ජාත්‍යන්තර බලපෑමය. නිවාස අඩස්සියට පත් කොට සිටි සුකී නිදහස් කිරීමට හා ඇයට දේශපාලනයේ යෙදීමට පැවති නීතිමය බාධා ඉවත් කිරීමටද හේතුවූයේ මෙම ජාත්‍යන්තර බලපෑමය. සුකී නිවාස අඩස්සියෙන් නිදහස් කිරීමත් සමග එක්සත් ජනපදය හා යුරෝපා සංගමය මියන්මාරයට පනවා තිබූ සම්බාධක ඉවත් කළ අතර දැන් ඔවුන් උනන්දු වන්නේ එහි ආයෝජන අවස්ථා විවෘත කර ගැනීමටය. දෙවන වරටත් එක්සත් ජනපදයේ ජනාධිපතිධූරයට තේරී පත් වූ බැරක් ඔබාමාගේ පළමු විදේශ සංචාරය සඳහා මියන්මාරයට යෑමෙන් බටහිර රටවල් මියන්මාරය සමග සම්බන්ධතා පවත්වා ගැනීමට කෙතරම් උනන්දු වන්නේද යන්න සිතා ගත හැක. එක්සත් ජනපදයට මියන්මාරය වැදගත් වන තවත් හේතුවක් වන්නේ මෙතෙක් එහි පැවති චීන බලපෑම ලිහිල් කිරීම හෝ ඉවත් කිරීම ඔබාමාගේ ආසියාව කේන්ද්‍ර කර ගත් ආරක්‍ෂක වැඩපිළිවෙළටද තීරණාත්මක වන නිසාය. එවැනි තත්ත්වයක් යටතේ මියන්මාරයේ අනාගත බලාපොරොත්තුව වන සුකීට මෙම දේශපාලන පෙලගැස්ම නොසලකා ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම් ගැන කතා කළ නොහැක. ඇතැම් විචාරකයින් සුකීගේ මුහුකුරා යෑමක් ලෙස හඳුන්වන මෙම දේශපාලන දැක්ම ගැටුම් වලින් පසුව මොනිවා ප‍්‍රදේශයේ පැවති මහජන රැස්වීමකදී ඇය පැහැදිලි කළාය. ”දේශපාලනය යනු ගනු දෙනුවකි. අපි අරගලය අත නොහරින්නෙමු. එහෙත් අප ජනතාවගේ සාධාරණ අපේක්‍ෂාවලට ඉඩ දිය යුතුය.” ඇය ඉන් පසුව තවත් අවස්ථාවක මේ දේශපාලන දැක්ම මෙසේ පැහැදිළි කළාය. ”මම ජනතාව සමග වැඩකිරීමේදී හැම විටම ඔවුන් කියන දේ අනුගමනය නොකරමි. මා පවසන්නේ සත්‍යය පමණකි. මා වැඩ කරන්නේ රටේ දීර්ඝ කාලීන අවශ්‍යතා වෙනුවෙනි.” මෙවැනි වාතාවරණයක් තුළ ජනාධිපති ත්වාන් සීන් පතල් සමාගම් හා ගැමියන් අතර හටගෙන ඇති ගැටුම ගැන විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීමට අවුන්ග් සාන් සුකී පත් කිරීම ඔහුගේ දේශපාලන පරිණතභාවයට නිදසුනක් මෙන්ම නව ආර්ථික හා දේශපාලන ව්‍යාපෘතියකට සුකීගේ සහ ඇය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයේ සහයෝගය දිනා ගැනීමකි. සමහර නිරීක්‍ෂකයන් පෙන්වා දෙන ආකාරයට 1988 දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා උද්ඝෝෂණ කුරිරු ලෙස මර්දනය කිරීම නිසා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල සම්බාධක වලට ලක්වීමෙන් චීනයේ තුරුල්ලට වැටුණු මියන්මාරය දැන් එක්සත් ජනපදයේ ආසියානු ආරක්‍ෂක වැඩපිළවෙලේ කොටස් කරුවෙකු බවට පත්වෙමින් සිටී. ඒ සමගම මියන්මාරයේ පවතින චීන ආර්ථික වුවමනාවන් දුර්වල කිරීමේ උත්සාහයක් පවතින බව පෙනේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මහජන උද්ඝෝෂණ හා පාරිසරික ගැටලූ නිසා චීන සමාගමකින් ඉදිකිරීමට සැලසුම් කළ විශාල ජල විදුලි ව්‍යාපෘතියක් අතහැර දැමිණ. පසුගියදා ගැටුම් හටගත් රකීන් ප‍්‍රදේශයේ පවතින අනාරක්‍ෂිත තත්ත්වය නිසා චීනය විසින් එහි ඉදිකිරීමට යෝජිත වරායේ වැඩකටයුතු නතරවීමට ඉඩ ඇත. මොනිවාහි ගැටුම් ඇතිවූයේද චීන ආයෝජන ඇති සමාගමක වැඩකටයුතු පුළුල් කිරීමේදීය. චීන රජයේ විදේශ අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් සඳහන් කරන ආකාරයට මෙම පුළුල් කිරීමේදී අවතැන් වන ජනතාව සම්බන්ධයෙන් හා පාරිසරික ගැටලූ ගැන දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත. එම නිසා ඔවුන් පවසන ආකාරයට පතල් කැනීම් කටයුතු පුළුල් කිරීම සම්බන්ධයෙන් ගැටුම් ඇතිවීමට හේතුවක් නැත. කෙසේ වූවත් මියන්මාරයේ නව දේශපාලනය හා බටහිර රටවලට විවෘත වීම තවත් සංකීර්ණ ගැටලූ රැසක මග පෑදීමක් බව පැහැදිලිය. නිවාස අඩස්සියේ සිටි අවුන්ග් සාන් සුකී නිදහස් කිරීම දේශපාලනයේ ලිහිල්වීමක් වූවද එය මියන්මාරයේ මුහුණ දී ඇති දේශපාලන මෙන්ම ආර්ථික ගැටලූ වලට ස්ථීරසාර විසඳුම් ලැබීමට සහතිකයක් නොවේ. වාර්ගික කණ්ඩායම් 135කටත් වඩා වැඩි මියන්මාරයේ සියලූ ජන කොටස් වලට සාධාරණත්වය ඉටුවීම හා දිගු කළක් තිස්සේ ආර්ථික අයිතිවාසිකම් අහිමි කරනු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීම දේශපාලනයේ ප‍්‍රමුඛතාවය නොවන්නේ නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ මානව අයිතිවාසිකම් සුරක්‍ෂිත වන්නේ යැයි කිව නොහැකිය.
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාර ගැටුමෙන් සුකී දෙලොවක් අතර
අනුර Friday, 07 December 2012 11:42 PM
මාර සිප ගැනීමක් නේද අනේ (ස)
ෂෙරීෆ් Saturday, 08 December 2012 10:51 PM
මියන්මාරය ඔබාමාට භාරදුන්නොත් හොද නැද්ද? (නි)
දයා,සවුදි Saturday, 08 December 2012 03:59 PM
අනේ මන්දා මගේ පෙනීමේ දෝසයක්ද කියලා. (නි)
හේරත් Saturday, 08 December 2012 04:23 PM
අනේ තව එකක්... (නි)
අචිනි Monday, 10 December 2012 10:09 AM
දෙලොවක් අතර (දී)
කොස්වත්ත Saturday, 08 December 2012 06:17 PM
ඔවු අනුර, අපිටත් පිස්සු හැදෙනවා. (නි)
බන්දුල Saturday, 08 December 2012 06:40 PM
මියන්මාරය විනාශය කරා යන බව අපිට නම් එක ක්‍රියාවකින් හොදටම පැහැදිලි වුණා. (නි)
අජිත් Sunday, 09 December 2012 10:37 AM
අයියෝ සුකී (දී)
මුතු Saturday, 08 December 2012 07:08 PM
මොකක් වෙයිද