දස දහස් ගණකගේ පී‍්‍රති ඝෝෂා මැද, මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (30) තායිලන්තයට පැමිණියාය. සූ කී මේ අයුරින් විදෙස් සංචාරයක යෙදෙන්නී එක් වන්නේ විසි හතර වසරකට පසුය. ආසියා රටවල රාජ්‍ය නායකයන්ගේ ආර්ථික සමුළුවට සහභාගී වීමටය. ආසියා කලාපීය රටවල රාජ්‍ය නියෝජිතයන් මෙන්ම ව්‍යාපාරිකයෝ ද ඊට සහභාගී වෙති. මියන්මාර සිවිල් රජයේ ජනපති ත්වෙන් ස්වෙන් ද සූ කී සමඟ එම සමුළුවට සහභාගී වීමට නියමිතව සිටිය ද අවසන් මොහොතේ දී එම තීරණය වෙනස් විය. සූ කී තායිලන්තය බලා පැමිණියේ යැංගොන් ගුවන් තොටුපොළිනි. ඇය ගුවන් ගත වන අයුරු දැක ගැනීමට මියන්මාර වැසියන්ගෙන් යැංගොන් ගුවන් තොටු පොළ පිරී තිබුණි. ඇය සමඟ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂයේ නියෝජිතයෝ පිරිසක් ද තායිලන්තයට පැමිණියහ. සූ කී, වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත්, විශේෂ පොලිස් බළඇණි ඒ සඳහා යෙදවීමටත් තායිලන්ත රජය පියවර ගෙන තිබේ. සූ කී බැංකොක් නුවරට පැමිණි අවස්ථාවේ, බැංකොක් ගුවන් තොටු පොළ ඉදිරියේ රැුස්කමින් සිටි තායිලන්ත වැසියෝ පී‍්‍රති ඝෝෂා පැවැත්වූහ. තායිලන්ත රජය සූ කී ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමටද කටයුතු යොදා තිබුණි. තායිලන්තයට පය තැබූ විගස සූ කී බැංකොක් නුවර දකුණු දෙසින් පිහිටි සාමුත් ෂකෝන් පළාතේ සංචාරයක යෙදුණාය. මියන්මාරයෙන් තායිලන්තයට පැමිණ සිටින සංක‍්‍රමණික සේවකයන් ජීවත් වන්නේ එම පළාතේය. ඔවුන් තායිලන්තයට පැමිණ ජීවත් වන්නේ තායිලන්ත/මියන්මාර දේශසීමාවේ වසර ගණනාවක් තිස්සේ පවතින බෙදුම්වාදී අවි ගැටුම් හේතුවෙනි. ආපසු මියන්මාරයට යෑමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින නමුත් ඔවුන්ට එය අසීරු කටයුත්තක් වී තිබේ. සූ කී පැමිණි වහා සාමුත් ෂකෝන් පළාතේ මියන්මාර සංක‍්‍රමණිකයෝ ඇය වටකර ගත්හ. බුරුමයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා වූවා යැයි ඔවුහු පී‍්‍රති ඝෝෂා නැගූහ. මියන්මාරය අතීතයේ හැඳින්වූයේ බුරුමය යනුවෙනි. සංක‍්‍රමණිකයන් සමඟ කතාබහ කරමින් ඔවුන්ගේ දුක සැප විමසා බැලීමට ද සූ කී අමතක නොකළාය. ආර්ථික සමුළුවට සහභාගී වීමට පෙර ඇය තායිලන්ත අගමැතිනී යිංග්ලක් ෂිනවාත‍්‍රා හමුවී සාකච්ඡුා කළාය. ඇය අද (31) මියන්මාර/තායිලන්ත දේශසීමාව අසල තායිලන්තයට අයත් මේ ලා නමැති සරණාගත කඳවුරට යෑමට ද අදිටන් කරගෙන සිටින්නීය. අවි ගැටුම් නිසා අවතැන් වූ මියන්මාර වැසියන් රැඳී සිටින්නේ මේ ලා කඳවුරේය. 1988 වසරේදී රෝගී වී සිටි තම මව බැලීමට බි‍්‍රතාන්‍යයේ සිට මියන්මාරයට පැමිණි සූ කී එරට දේශපාලනය පිවිසුණු අතර මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය ද ඇයගේ නායකත්වය යටතේ පිහිටුවීය. 1990 වසරේ පැවැති මහ මැතිවරණයෙන් සූ කීගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය’ විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කළත්, ඔවුන්ට බලයට ඒමට හමුදා රජය (හමුදා ජුන්ටාව) ඉඩ නොදුන්නේය. සූ කී නිවාස අඩස්සියට පත් කෙරුණේ ඉන් පසුවය. රට හැර යන්නැයි හමුදා පාලකයන් ඇයට බලපෑම් කළ ද රටින් පිට වුව හොත් ආපසු පැමිණීමට නොහැකි වනු ඇතැයි දැන සිටි සූ කී මියන්මාරයෙන් පිටවීම ප‍්‍රතික්ෂේප කළාය. ඉන්පසු වසර 20 කට ආසන්න කාලයක් ඇය මියන්මාරයේ යැංගොන් නුවර ඇගේ නිවසේ සිරකාරියක වූවාය. 1991 වසරේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණු අවස්ථාවේදී එය ලබා ගැනීමට හෝ 1999 වසරේදී බි‍්‍රතාන්‍ය ජාතික සැමියා මයිකල් ඒරීස් මියගිය අවස්ථාවේදී හෝ ඇයට රටින් පිටවීමට අවසර නොලැබුණි. සූ කීට නිදහස ලබා දීමට හමුදා රජය කටයුතු කළේ 2010 වසරේ නොවැම්බර් මාසයේදීය. ඉන්පසු හමුදා රජය මහ මැතිවරණය පැවැත්වීය. මැතිවරණ නීතී රීති හමුදා පාලකයන්ට රිසි පරිදින් සකස් කෙරුණු හෙයින් සූ කීට ඊට ඉදිරිපත් වීමට නොහැකි විය. මැතිවරණයෙන් ජය ලැබුවේ හමුදා පාලකයන්ට හිතවාදී දේශපාලන පක්ෂය. ඔවුන් මියන්මාරයේ නව සිවිල් රජයක් පිහිටුවීය. ජනපති ධුරයට පත් වූයේ හිටපු හමුදා රජයේ ජනරාල්වරයෙකු ව සිටි ත්වෙන් ස්වෙන්ය. ඔහු හමුදා ධුරයට විශ‍්‍රාම දී සිවිල් ජනපතිවරයකු ලෙස කටයුතු කරයි. ජනපති ත්වෙන් ස්වෙන්ගේ රජය හඳුන්වා දුන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද ඇතුළු දේශපාලන සිරකරුවන් දහස් ගණකට නිදහස හිමිවිය. මියන්මාර සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතකට පිවිසියේ විදෙස් සම්බාධකවලින් මිරිකී තිබුණු මියන්මාරය ලොවෙන් හුදෙකලා වූ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආර්ථික, වෙළෙඳ ආදී වශයෙන් මියන්මාරයට සම්බාධක දමා තිබුණේ එරට හමුදා පාලනය හෙළා දකිමින්ය. මියන්මාර නව රජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ ඉකුත් අපේ‍්‍රල් පළමු වැනිදා මියන්මාරයේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර සූ කීට සහ ඇගේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයට ඊට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණි. එම අතුරු මැතිවරණයෙන් සූ කී විශිෂ්ට ජයක් අත්පත් කර ගත් අතර දැන් ඇය මියන්මාර පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරියක් ද වෙයි.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාර විපක්ෂ නායිකා සූ කී තායිලන්තයට පැමිණේ