මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (21) බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් විශේෂ දේශනයක් පැවැත් වීමට නියමිතව සිටියාය. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට අවස්ථාව උදා වූ පස් වැනි විදේශිකයා වන්නේ සූ කීය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට සූ කීට අවස්ථාව උදා වීම සූ කීට පමණක් නොව මියන්මාරයට ද වැදගත් ඓතිහාසික අවස්ථාවක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අවසන් වරට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් මේ අයුරින් දේශනයක් පවත්වා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමාය. සූ කීගේ දේශනය පැවැත්වීමට නියමිතව තිබුණේ බි‍්‍ර‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් 11 වැනි සියවසේ ඉදිකළ වෙස්ට්මින්ස්ටර් ශාලාවේය. දේශනය පැවැත්වීමට පෙර සූ කී සහ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් අතර විශේෂ හමුවක් ද පැවැත්විණි. යුරෝපා සංචාරයක යෙදෙමින්, සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ ඉකුත් 19 වැනිදාය. ඒ ඇගේ 67 වැනි උපන් දිනය විය. ලන්ඩන් නුවරට පැමිණි ඇය බි‍්‍රතාන්‍ය වැසියන්ගෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වෙසෙන මියන්මාර ජාතිකයන් විසින් ද ඉතා උණුසුම් අයුරින් පිළිගැණුනාය. සූ කී බි‍්‍රතාන්‍යයට පැමිණියේ බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ විශේෂ ආරාධනාවකට අනුවය. හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ සිටි සූ කී නිදහස ලැබීමෙන් පසු ඇය බැලීමට අගමැති කැමරන් ඉකුත් අපේ‍්‍රල් මාසයේදී මියන්මාරයට ගියේය. බි‍්‍රතාන්‍යයේ සංචාරයකට පැමිණෙන්නැයි අගමැති කැමරන් සූ කීට එම අවස්ථාවේදී ආරාධනා කළේය. සූ කී විවාහ වී සිටියේ බි‍්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරීස් සමඟය. 1960 දශකයේදී සැමියා සහ පුතුන් දෙදෙනා වන කිම් සහ ඇලෙක්ස් සමඟ සූ කී පදිංචි වී සිටියේ ද ඔක්ස්ෆර්ඞ් ප‍්‍රදේශයේයි. පෙරේදා (20) ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදී ඇයට ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ද පිරිනැමුණි. සූ කී ට එම ආචාර්ය උපාධිය පිරිනැමීමට කටයුතු යෙදී තිබුණේ 1993 වසරේදීය. මියන්මාර හමුදා පාලනය යටතේ නිවාස අඩස්සියේ පසුවූ හෙයින් සූ කීට එය ලබා ගැනීමට බි‍්‍රතාන්‍යයට පැමිණීමට නොහැකි විය.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාර විපක්ෂ නායිකා සූ කී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අමතයි
චමින්ද Saturday, 23 June 2012 12:16 PM
අපේ අයව අනුකරනය කරනවා වගේ.....යන ට්‍රැක් එකනම් හරි නෑ වගේ....