මියන්මාරයට එරෙහිව පනවා තිබූ වෙළෙඳ සහ ආර්ථික සම්බාධක තවත් ලිහිල් කිරීමට ඇමෙරිකා රජය පෙරේදා (11) තීරණය කළේය. ඒ අනුව ඇමෙරිකා සමාගම්වලට මියන්මාරය සමඟ ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට ඉඩ සැලැසෙන බව ධවල මන්දිරය පවසයි. ඇමෙරිකාව එම සම්බාධක ලිහිල් කළේ වසර 22 කට පසු මියන්මාරය වෙනුවෙන් ඇමෙරිකා රජය පත් කළ තානාපති ඩෙරික් මිචෙල් පෙරේදා නායිපායිදේව් අගනුවරදී මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන්ට හමුවූ අවස්ථාවේදීය. මියන්මාර තානාපති ධුරය වෙනුවෙන් ඩෙරික් මිචෙල් පත් කළේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාය. ඩෙරික් මිචෙල් ආසියා පැසිෆික් කලාපීය කටයුතු සම්බන්ධ ඇමෙරිකානු විශේෂ නියෝජිතවරයා ලෙස ද කටයුතු කළ අයෙකි. මියන්මාරයේ හමුදා රජය පැවැති අවධියේදී ඔවුන්ගේ දළදඬු පාලනය හෙළා දකිමින් ඇමෙරිකාව ද මියන්මාරයට සම්බාධක පැනැවූ අතර සෙසු රටවල් මෙන්ම මියන්මාරය සමඟ රාජතාන්ති‍්‍රක සම්බන්ධකම් අත් හැරියේය. මියන්මාරයේ හමුදා පාලනය අවසන් වීමෙන් පසු වර්තමානයේ පවතින්නේ සිවිල් රජයකි. එම සිවිල් රජය දේශපාලන ප‍්‍රතිසංස්කරණ රාශියක් හඳුන්වා දී ඇති අතර ඒවා ඇමෙරිකාවේ ද පැසැසුමට ලක් විය. මියන්මාරයට එරෙහි සම්බාධක ලිහිල් කෙරෙන්නේ ඒ අනුවය. ඩෙරික් මිචෙල් මියන්මාර ජනපති හමුවීමෙන් පසු එරට විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.
ලෙබනනයේ බීරූට් අගනුවර, මහල් නිවාස ගොඩනැගිල්ලක් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. එම ප්‍රහාරයෙන් සිවු දෙනකු මියගිය බවත්, 20 ක
ඊශ්‍රායල හමුදා ඔවුන් සතු නියමුවන් රහිත ඩ්‍රෝන යානා භාවිතයට ගනිමින්, ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රාහරයෙන් එම රෝහලේ ප්‍රධානියාත් ව
ශීත සෘතුව උදා වීමත් සමඟ ප්‍රංශය අධික හිම පතනයකින් බැට කන බව බටහිර මාධ්‍ය වාර්තා පවසයි.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.
ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මියන්මාරයට එරෙහි ඇමෙරිකා වෙළෙඳ සම්බාධක ලිහිල් වෙයි