හමුදා කුමන්ත‍්‍රණයකින් පසු පිහිටුවන ලද නව රජය නිත්‍යනුකූලදැයි තීන්දු කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි බලයෙන් නෙරපා දැමුණු මාලදිවයින් ජනපති මොහොමඞ් නෂීඞ් පෙරේදා (24) කොළඹදී පැවැසීය.
හිටපු ජනපතිවරයා මෙසේ කියා සිටියේ තම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩ පිළිවෙළට සහාය ලබා ගැනීමට, ශ්‍රී ලංකා රජයේ සහ කොළඹ මූලස්ථානය කොටගත් සෙසු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් හමුවූ අවස්ථාවේදීය.
පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත‍්‍රණයෙන් බලය අහිමි වූ නෂීඞ්, විදෙස් රටක සංචාරය යෙදෙන ප‍්‍රථම අවස්ථාව වන්නේද මෙයයි.
ජනතා විරෝධය සහ හමුදාවේ බලකිරීම් මැද නෂීඞ්, බලයෙන් ඉවත් වූයේ එවකට උප ජනපතිව සිටි වහීඞ් හසන්ට බලය පවරා දීමෙන් පසුවය. ඉන්පසු වහීඞ්, ජනපති ධුරයේ දිවුරුම් දුන් අතර මාලදිවයින් නව රජය පිහිටු වූයේ ද ඔහුය.
නෂීඞ් සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසන්නේ මාලදිවයිනේ කඩිනමින් මැතිවරණයක් පැවැත්විය යුතු බවය. හසන් ජනපති ධුරයට පත් වූ අවස්ථාවේදී කියා සිටියේ හදිසි මැතිවරණයකට යෑමට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් වත්මන් රජයේ නිල කාලය අවසන් වන තෙක් මැතිවරණයක් නොපවත්වන බවත්ය. රජයේ නිල කාලය අවසන් වන්නේ 2013 දීය. එහෙත් දිගින් දිගටම විරෝධතා එල්ල වීමත් සමඟ ඊට පෙර මැතිවරණයක් පැවැත්වීමට ජනපති හසන් එකඟ වුව ද ඒ සඳහා දිනයක් තවම ප‍්‍රකාශයට පත් කර නැත.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාලේ දේශපාලන අර්බුදය: නව රජය නිත්‍යනුකූල දැයි සොයන්න ජනමතය විමසන්න
චන්දිමා දිල්රුක්ෂි Monday, 26 March 2012 10:18 PM
වත්මන් ජනාධිපති ආචාර්ය හසන් ජනාධිපති ධූරයට පත් වූයේ නෂීඩ් ඉල්ලා අස්වීමෙන් පසුවයි. මේ අදහස් දකවන මම මාලදිවයිනේ රැකියාවක් කරන කෙනෙක්. මම විවාහ වෙලා ඉන්නේ මාලේ පුරවැසියෙක් සමගයි. ඒ නිසා පසුගිය මාස වල මාලේ සිදු වුන සිදුවීම් වල ඇත්තේ මම දන්නවා. පෙබරවාරි 07 වැනිදා මාලදිවයිනේ පොලීසිය නෂීඩ් ට විරැද්ධව පෙළ ගැසුනා. ජනතාව එක්ක එකතුවුනා. ඒ දින 28 ක් තිස්සේ නෂීඩ්ගේ රජය විසින් ජනතාවට නීති විරෝධී ලෙස පොලීසිය හා ආමි එකෙන් ගැහුවා. කදුළු ගෑස් ගැහුවා. මාලදිවයින් හමුදාවට නෂීඩ් අණ දුන්නා. පොලිස් අයට වෙඩි තියන්න කියලා. ඒත් හමුදාව එහෙම කළේ නැහැ. හමුදාවත් ජනතාවට එකතුවුනා. අන්තිමට නෂීඩ් ට ඉල්ලා අස්වෙන්න සිදු වුනා. wathman janadipathi Dr, hassan janadipathi dhurayata path uye mr. nasheed illa ass veemen pasuwaya..me adahas dakwana mama maldives wala rakiyawak karana keneky,ma viwaha wela inne male puravasiyek samagaya..e nisa pasugiya masa wala male sidu una siduweem wala aththa mama danawa,07.02.2012 dina madldives poice nasheed ta viruddawa pela gasuna janathawa ekka ekathu una, e dina 28k thisse nasheed ge rajaya visin janathawata nethi vidrodi lesa policeya ha army eken gahuwa,tear gas use kala..e nisa maldives army ekata nasheed ana dunna police ayata fire karanna, bt army eka ehama kale ne.army ekath janathawata ekathu una.anthimata nasheed ta illa as wenna sidu una. http://www.facebook.com/l.php?u=http://www.youtube.com/watch?v=CBAq-ATI0go&feature=share
රාවණ Monday, 26 March 2012 03:36 PM
මාල දිවයිනට ඕනමනම් අපේ SF පිටත් කරමු. එහේ කලවැද්දෝ ඉන්නවද ?
උපුල් Monday, 26 March 2012 06:56 PM
ඇයි මෙයා ගැන මොකුත් කියන්නේ නැත්තේ මෙයාට කරපු දේ අපේ ජනාධිපති තුමන්ටත් කරනකල් සමහර අය බලන් ඉදීවි.