එංගලන්තයේ කම්කරු පක්‍ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා විරෝධ කරුවකුගේ බිත්තර ප‍්‍රහාරයකට ලක් වීය. ජීවන වියදම ඉහළ යාම නිසා රජයට කරන ලද විරෝධතා පිළිබඳ පරීක්‍ෂා කිරීම සඳහා ලන්ඩන් නුවර නැගෙනහිර වීදියේ වෙළඳපොළට පැමිණි අවස්ථාවේ ඔහුට බිත්තර ගසා ඇත.
පිටුපස සිටි අයකු බිත්තර හයකින් ඔහුගේ ඔළුවට පහර දී ඇත. තම දායකයන් හා සම්බන්ධ වීමට නිතරම අලූත් ක‍්‍රම සොයන බව රැස්ව සිටි පිරිස ඉදිරියේ ඔහු සිනාසී පවසා තිබේ.බිත්තර ගැසු අයට එරෙහිව ක්‍රියා නොකරන ලෙසද ඔහු පොලීසියට පැවසීය.
මෙවැනි බිත්තර ප‍්‍රහාරයකට මුහුණ දුන් ප‍්‍රථම අවස්ථාව මෙය නොවන බවත් 2012 වසරේද මෙවැනිම විරෝධතාවකදී ඔහු මෙවැනි අවස්ථාවකට මුහුණ දී ඇති බවත් සඳහන්ය.
”අද මා උණුසුම් ලෙස පිළිගත් නැගෙනහිර වීදී වෙළඳපොළේ සියලූ දෙනාට ස්තූතියි. බිත්තර සපයා ගැනීමට ඇති පහසුව මෙයින් ඔප්පු කර ගත හැකියි. යනුවෙන් ඔහුගේ ට්වීට වෙබ් අඩවියේ සඳහන් කර ඇත.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලිබෑන්ඩ්ට බිත්තර ප්‍රහාරයක්
බණ්ඩාර Thursday, 15 August 2013 06:08 PM
මෙන්න රටවල්! බිත්තර ගහපු කෙනා 'ජොලියේ' ඉන්නවා.ලංකාවේ නම්...? (නි)
කෝලිත Friday, 16 August 2013 09:22 AM
එයා සතුටු ඇති ගල් නොගහ බිත්තර ගහපු නිසා. ...බිත්තරෙකට ඔලුවක් පැලෙනවද නැහැනේ ? (ස)
උපුල් Friday, 16 August 2013 10:22 AM
අපි දන්නවා අයියයි මල්ලියි ගැන... (නි)
අරුමුගම් Friday, 16 August 2013 10:26 AM
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට බිත්තර වලින් ගහනවා කියපු අර කට්ටිය මේකට සම්බන්ධද දන්නේ නැහැ නේද? (නි)
වික්‍රම Thursday, 15 August 2013 07:11 PM
ලංකාවෙ නම් බිත්තර ගහපු එකා විතරක් නෙමේ කිකිලියි කිකිලිගේ අයිතිකාරයයි ෆාම් එකයි ඔක්කොම ඉවරයි.(නදී)
එංගලන්තයේ සිට Thursday, 15 August 2013 07:17 PM
මෙයා එංගලන්තයේ විපක්ෂ නායක. ලංකාවේ විපක්ෂ නායක වගේම තමයි. ලංකාවේ බිත්තර ගැහුවනම් ගහපු කෙනා අනුව දඬුවම වෙනස් නේ.(නදී)
පිටිගල Friday, 16 August 2013 10:59 AM
කම්කරු පක්ෂ නායකයින්ට වෙන්න ඕන මෙන්න මේ වගේ දේවල්. මෙහෙත් කම්කරු පක්ෂ කීයක් තියෙනවාද.මෙන්න මේ අයටත් අර විදිහට සලකන්න ඕනේ පීඩිත ජනතාව..ලජ්ජා නැති කම මිසක් වෙන මොනවාද? (ස)
පිටිගල Friday, 16 August 2013 11:25 AM
සුදු වෑන් එයිද? (නි)
ද සිල්වා Friday, 16 August 2013 01:03 PM
ලංකාවේ අහවලා ගැනනම් කතා කිරීමෙන් පලක් නැත. කුණු බිත්තර නෙමෙයි බෝම්බ ගැහුවත් ඔහු එතනම ඉදිවී (නි)
ධම්ම Thursday, 15 August 2013 02:52 PM
අපට කරගන්න බැරි වුණානේ මේ වැඩේ. (ස)
කුමාර Thursday, 15 August 2013 03:35 PM
කුනුබිට්ටර මෙයට හොඳ වැඩි බවයි මගේ අදහස (දී)
නුවන් Thursday, 15 August 2013 03:39 PM
ලංකාවේ මේ වගේ වැඩක් කළා නම්, ඒ අයගේ පරම්පරාවම ඉවරයි. (ස)
සන්ජය Friday, 16 August 2013 12:34 AM
කොහොමද, වතුර බෝතල් ගැහුවා කියලා කෙනෙක් මැරෙන්න ගියා. හැබැයි ගහන කෙනත් හිනා වෙලා, මිලිබෑන්ඩ් අයත් හිනා වේවි. සැළසුම් කරලා ගහලා වගේ. (නි)
ගයන් Thursday, 15 August 2013 03:45 PM
මේක ලංකාවේ උනානම්, බිත්තර ගහපු කෙනා හිරේ. (ස)
ද සිල්වා බෙර්ලින් Friday, 16 August 2013 01:54 PM
අපේ කම්කරු පක්ෂවල නායකයන්ට කිට්ටු වීමට ගිනි අවි සහිත ආරක්ෂකයන් නිසා ජනතාවට බැරිය නැත්නම් ඔවුන්ට වෙන දේ ගැන ඔබලාට සිතාගත හැකි නේද ? (ස)
ඇසෙ Thursday, 15 August 2013 04:02 PM
අපේ අපි ඉල්ලුවොත් අපිට වෙඩි (දී)
දුම්මලසූරිය Friday, 16 August 2013 03:10 AM
මෙය එඩ්වර්ඩ් මිලිබෑන්ඩ් ...මම හිතුවේ ඩේවිඩ් මිලිබෑන්ඩ් කියල....අර ඒ කලේ අපේ රටේ ප්‍රශ්ණ විසදන්න එංගලන්තේ ඉදල ආවේ.අන්න මිනිහට කුණු බිත්තර ගැහුවනම් තම හොද. මේ දෙන්න එක්කෙනෙක්ද? දෙන්නෙක්ද?(නදී)
නසාර් Thursday, 15 August 2013 04:19 PM
ඔලුව රත්වෙලා නැතිව ඇති එංගලන්තේ සිතලය්නේ ලංකාවෙනම් ඔලුවේම ඔම්ලට් දාන්න තිබුණා........................ (දී)
සුසන්ත Friday, 16 August 2013 04:26 AM
අපේ උන්ට මේවා මැජික්. මේක සැලසුම් කරලා ජනප්‍රිය වෙන්න කල දෙයක් හරියට අර ඉන්දියාවේ රාහුල ගාංඳි කෝච්චියේ යනවා වගේ. අනේ අම්මපා මුන්ට තාම සුද්දන්ගේ දේවල් වලට වන්දි බට්ටකම් කරන එක ඇතිවෙලා නැහැනේ.(නදී)
බුද්ධික Thursday, 15 August 2013 04:42 PM
ඕක තමා ප්‍රජාතන්ත්‍රවාදය එහේ තියනවා කියන්නේ. ඔය බිත්තර පහර ලංකාවේ කෙනෙකුට වැදුනා නම් විනාශයි (නි)
දුමිත් Friday, 16 August 2013 06:29 AM
ලංකාවේ වුනානම් ඉතින් අතුරුදහන් තමයි.(නදී)
ප්‍රසන්න Friday, 16 August 2013 02:45 PM
බිත්තර ගැහුවේ ජීවන වියදම ඉහළ ගිය නිසා මේකෙන් තේරෙන්නේ එංගලන්තේ මිනිස්සුත් ඉන්නේ බොහොම අමාරු තත්වෙක. ලංකාවට වඩා වේගෙන් ජීවන වියදම එංගලන්තේ ඉහළ යනවා.. මිනිස්සුන්ට ජීවත් වෙන්න බොහොම අමාරු තත්වයක ඉන්නේ. (ස)
ප්‍රසන්න Friday, 16 August 2013 02:46 PM
ධනවාදී එංගලන්තය ද අසාර්ථක රජයක් වෙමින් පවතිනවා. (ස)
වරුණ Friday, 16 August 2013 07:33 AM
මෙයාගේ ඥාතියෙක්ද දන්නේ නැහැ ලංකාවට ඇවිල්ලා අපට ලෙඩ දැම්මේ? මොනවා වුණත් අපේ රටේ ඔහොම දෙයක් කළා නම් එදාම රැට සුදු වැන් එකකින් ප්‍රවාහන පහසුකම් දෙනවා (නි)
ආඒ Friday, 16 August 2013 08:15 AM
හා හා හා හා .....නියමයි.බැරිද අපේ අයටත් ගහන්න? (නි)
ශාන සෞදි Friday, 16 August 2013 08:22 AM
මෙයාට ඇයි කුණු බිත්තර ගැහුවේ? (නි)