IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මලාලා යූසොෆ්සායි බ්‍රසීලයේ සංචාරයක

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ, පාකිස්තාන ජාතික බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනී මලාලා යූසොෆ්සායි සැමියා ද සමඟ බ්‍රසීලයේ සංචාරයක නියැලෙයි.

25 හැවිරිදි මලාලා යූසොෆ්සායි විවාහ වී සිටින්නේ පාකිස්තාන ජාතික අසීර් මලීක් සමඟය. 27 හැවිරිදි අසීර් මලීක්, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයෙකි.

විවාහයෙන් පසු මලාලා බ්‍රසීලයේ සංචාරයක නියැලෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. බ්‍රසීලයේ ආදිවාසී ගෝත්‍රික දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද මලාලා අවස්ථා ගණනාවකදී හඬ නගා ඇත. ඒ, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය ලෙසය.

කුඩා කළ මලාලා ජීවත් වූයේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේය. මලාලාගේ පියා ගුරුවරයෙකි. ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක වූයේ පාකිස්තාන තලේබාන්වරුන්ගේ ආධිපත්‍යය සහ ඔවුන්ගේ ෂරියා නීතියයි. ඒ අනුව බාලිකා අධ්‍යාපනය තහනම් විය.

පාසල් දැරියක වුණු මලාලා බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන්න වූයේ බීබීසී උර්දු ගුවන් විදුලි සේවය හරහාය. මලාලා කවුරුන්දැයි හඳුනා ගත් තලේබාන් හිතවාදියෙකු මලාලාගේ පාසල් වෑන් රියට ගොඩ වී ඇය කවුරුන්දැයි විමසමින් ඇය අසලට පැමිණ මලාලාගේ හිසට වෙඩි තැබුවේය. ඒ, 2012 ඔක්තෝබර් 9 වැනිදාය. එවිට මලාලාගේ වයස අවුරුදු 15 කි.

බරපතල තුවාල ලැබූ මලාලා වහාම බ්‍රිතාන්‍යයට ගෙන්වා ප්‍රතිකාර ලබා දීමට මැදිහත් වූයේ එවකට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඬේවිඞ් කැමරන්ය. ඒ අනුව, මලාලා, ඇගේ සව සහ පියා මෙන්ම සොහොයුරා ද බ්‍රිතාන්‍යයේ පදිංචියට ගියහ.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීම හේතුවෙන් මලාලා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් විය. ඇය එක්සත් ජාතීන්ගේ තානාපතිවරියක බවට පත්වූවාය. කැනඩා රජයේ විශේෂ ඇගැයීමකට ඇය ලක්වූවාය. ඇය කැනඩා පාර්ලිමේන්තුව පවා ආමන්ත්‍රණය කළාය. මලාලාට මහා බ්‍රිතාන්‍යයේත් කැනඩාවේත් පුරවැසිභාවය හිමිවී තිබේ. මලාලා විවාහ වූයේ 2021 නොවැම්බර් 10 වැනිදාය. මලාලාට නොබෙල් සාම ත්‍යාගය හිමිවූයේ 2014 වසරේදීය.

(රොයිටර්)



අදහස් (0)

මලාලා යූසොෆ්සායි බ්‍රසීලයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site