IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


මහා බි‍්‍රතාන්‍යයත් කැබලි වෙයි?

කලකට පෙර හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් හැඳින්වූ එක්සත් රාජධානිය දැන් සමන්විත වන්නේ එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන කොටස් වලිනි. මෙම කොටස් ශතවර්ෂ ගණනාවක් එකට බැඳී තිබුණ ද වෙන්ව යෑමේ ප‍්‍රවණතාවක් ද දක්නට ලැබිණ. මෙම ප‍්‍රවණතාව වඩාත්ම කැපී පෙනෙන්නේ ස්කොට්ලන්තයේ ය. එම ප‍්‍රදේශය ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යන අදහස වසර  තුන්සියයකට අධික කාලයක් තිස්සේ තිබුණ ද එය ප‍්‍රබල මහජන මතයක් වූයේ නැත. එහෙත් 2014 සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ජනමත විමසුමකින් ස්කොට්ලන්තය තවදුරටත් මහා බි‍්‍රතාන්‍යයේ කොටසක්ව පවතින්නේ ද යන්න තීරණය වනු ඇත. එම ජනමත විමසුමෙන් ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් විය යුතුය යන අදහස ජයගත හොත් 2016 මැයි මාසයේදී ස්කොට් පාර්ලිමේන්තුව සඳහා ඡන්ද විමසීමක් පැවැත්විය යුතුය. එසේ වුවහොත් මහා බි‍්‍රතාන්‍යය තවදුරටත් මහා බි‍්‍රතාන්‍යයක් හෝ එක්සත් රාජධානියක් නොවේ. ස්කොට්ලන්තයේ පවතින සුවිශේෂ දේශපාලන තත්ත්වය නිසා පාලන බල තල විමධ්‍යගත කිරීමක් 1997දී සිදු විය. ඒ අනුව එඩින්බර්ග් නගරය පදනම් වූ පාර්ලිමේන්තුවක් ස්ථාපිත කරන ලද අතර ඊට අධ්‍යාපනය, සෞඛ්‍යය හා අධිකරණය පිළිබඳ බලතල රැසක් පැවරිණි. ඊට අමතරව ආදායම් බදු සම්බන්ධයෙන් ද සුළු සුළු වෙනස්කම් කිරීමේ බලතල එඩින්බර්ග් පාර්ලිමේන්තුවට ලබාදී තිබිණ. ආරක්ෂාව, බල ශක්තිය හා විදේශ කටයුතු පිළිබඳ සියලූ අධිකාරිය හිමි වූයේ ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවටයි. මෙවැනිම බලතල උතුරු අයර්ලන්තයට හා වේල්සයටද ලබා දුන්නේය. ස්වාධීන රාජ්‍යයක් බවට පත් වීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව තීරණය කර ඇත්තේ ඉන් සෑහීමකට පත් නොවූ නිසාය. මෙහිදී වඩාත් වැදගත් වන්නේ ස්කොට්ලන්තය ස්වාධීන රාජ්‍යයක් නොවිය යුතු යැයි අවධාරණය කරන බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් මහතා ඉදිරිපත් කරන තර්ක ක‍්‍රමයයි. ඔහු පවසන ආකාරයට මෙහිදී ඉදිරිපත් ව ඇත්තේ ප‍්‍රතිපත්ති හෝ උපාය මාර්ග හෝ ගණනය පිළිබඳ ප‍්‍රශ්නයක් නොවේ. එය මනස, හදවත හා ආත්මය පිළිබඳ කරුණකි. යම් හෙයකින් ස්කොට්ලන්තය වෙන්ව ගිය හොත් මහා බි‍්‍රතාන්‍යයට එක්සත් ජාතින්ගේ සංවිධානය තුළත් යුරෝපා සංගමය තුළත් ඇති සුවිශේෂී බලය අහිමි වනු ඇත. එම නිසා එවැනි පියවරක් ගැනීමෙන් වැළැක්වීමට ඔහු සියලූ උත්සාහ ගන්නා බවට පොරොන්දු වූයේය. ස්කොට්ලන්ත නායක අලෙක් සැමන්ඞ් ගේ මතය අනුව ස්වාධීනත්වය ලබා ගැනීමෙන් ස්කොට්ලන්තයට වඩාත් සමෘද්ධිමත් රටක් බවට පත් විය හැකිය. එහි ජන සංඛ්‍යාව දශ ලක්ෂ පහක් පමණ වුවද සම්පත් ප‍්‍රමාණය ඉමහත්ය. යුරෝපයේ මුහුදු රළවලින් නිපදවිය හැකි බලශක්ති ප‍්‍රමාණයෙන් සියයට 25ක්ද, සුළං බලශක්ති ප‍්‍රමාණයෙන් සියයට 25ක්ද ස්කොට්ලන්තය සතුය. එම නිසා ස්කොට්ලන්තයට බලශක්ති ජනනය අතින් යුරෝපයේ ප‍්‍රමුඛතම රට බවට ද පත් වීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම ගණන් බැලීම්වල ශක්‍යතාව කුමක් වුවද වඩාත් වැදගත් වන්නේ භූගෝලීය හා වාර්ගික අනන්‍යතාව අනුව වෙන්ව යෑමට ඇති ප‍්‍රවනතාවය හා ප‍්‍රබල රටක් වෙන්ව යෑමට දක්වන විරෝධයයි. ස්කොට්ලන්තයේ වෙන්ව යෑමට ඇති ප‍්‍රවණතාව මෙතෙක් වාර්ගික ගැටුමක් හෝ සන්නද්ධ අරගලයක් දක්වා වර්ධනය වී නොමැත. නුදුරු අනාගතයේ හෝ එවැනි තත්ත්වයක් වර්ධනය වන්නේ යැයි සිතිය නොහැකිය. එසේ වුවත් මෙවැනි රටවල දේශපාලන නායකයින් මෙම මිණුම් දඬු තුන්වන ලෝකයේ වාර්ගික හෝ වෙනත් පදනමක් යටතේ වෙන්ව යෑමේ ප‍්‍රවණතාවක් පවතින රටවල් සම්බන්ධයෙන් ද යොදා ගන්නේ නම් එය ආදර්ශයක් වනු ඇත.

සටහන - මහින්ද හත්තක
ස්කොට්ලන්ත නායක අලෙක් සැමන්ඞ් සහ බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් බි‍්‍රතාන්‍ය අගමැති කැමරන්ට විරෝධය දක්වා ස්කොට්ලන්තයේ විරෝධතාවක් දෙවැනි එළිසබත් මහ රැජිණ ස්කොට්ලන්ත පාර්ලිමේන්තු රැස්වීම



අදහස් (0)

මහා බි‍්‍රතාන්‍යයත් කැබලි වෙයි?

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නෙදන්යාහුට වරෙන්තු
2024 නොවැම්බර් මස 22 2702 2

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගන්නැයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.


රුසියන් හමුදා බැලැස්ටික් මිසයිලවලින් පහර දෙයි
2024 නොවැම්බර් මස 22 5401 2

රුසියානු හමුදාව, ඔවුන් සතු අති නවීන මධ්‍ය ධුර බැලැස්ටික් මිසයිල යොදා ගනිමින් යුක්රේනයට ප්‍රහාරයක් එල්ල කළේය.


ට්‍රම්ප් නම් කළ නීතිපති මැට් ගේට්ස් ධුරය එපා කියයි
2024 නොවැම්බර් මස 22 141 0

ඇමෙරිකන් නීතිපති ධුරයට, ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කරනු ලැබූ මැට් ගේට්ස් එම ධුරය ප්‍රතික්ෂේප කර ඇත. ඒ, ඔහුට විරුද්ධව ල


යුක්රේනයට දුන් ණය එපා කියන්න බයිඩන් සූදානම්
2024 නොවැම්බර් මස 21 249 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, තම පරි පාලනය මැදිහත් වී, යුක්රේනයට ලබා දී ඇති ඩොලර් බිලියන 4.7 ක ණය මුදල ආපසු ලබා නොගැනීමට, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සූදානම


ප්‍රහාර නවත්වනතුරු ප්‍රාණඇපකරුවන් මුදා හරින්නේ නෑ
2024 නොවැම්බර් මස 21 484 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නම් පමණක්, තම ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කරන බව ගාසා ත


යුද ගැටුම් නොවෙයි: ලෝකයට ඕනෑ සාමය
2024 නොවැම්බර් මස 21 89 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටත්, ගාසා තීරයට කඩිනමින් සටන් විරාමයක් ඇති කිරීමටත්, මුළු ලෝකයම මැදිහත් විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site