අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බෝට්ටුවේ සිටි සෙසු පිරිස බේරා ගැනීමට, ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ කටයුතු කළහ.
ඩිංගි බෝට්ටුව, පළමුවෙන් හමුවූයේ වෙනත් යාත්‍රාවකටය. ඒ, ස්පාඤ්ඤයට අයත් ලැන්සරෝට් කුඩා දූපතට ඔබ්බෙන් මුහුදෙනි. ඔවුන් ඒ බව ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට දුන්නේය. වෙරළාරක්ෂකයන් පැවැසුවේ, කුඩා ඩිංගි බෝට්ටුවේ ගැහැනු සහ පිරිමි පුද්ගලයන් 50 කට වැඩි පිරිසක් සිටි බවය.
අලුත උපන් බිලිඳා සහ මව තමන්ට හමුවෙද්දී, මව බෝට්ටුවේ පිරිස අතරේ වැතිර සිටි බවත්, බෝට්ටුවේ සිටි පුද්ගලයකු බිලිඳා වඩාගෙන සිටි බවත් ස්පාඤ්ඤ වෙරළාරක්ෂයෝ පැවැසූහ.
බිලිඳකු සිටින බව වෙරළාරක්ෂකයන්ට දැනුම් දුන් විගස, බිලිඳාටත්, බිලිඳාගේ මවටත් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයෝ පියවර ගත්හ. බිලිඳා සහ මව ලැන්සරෝට් දූපතේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හෙලිකොප්ටරයකින් යැවීම සිදුවිය.
ස්පාඤ්ඤ වෙරළාරක්ෂකයන්ට, බිලිඳා හමුවූයේ ස්පාඤ්ඤය, ක්‍රිස්තියානු නිවාඩු දිනය සමරද්දීය. ඒ වනවිට බිලිඳා උපත ලබා මිනිත්තු 10 ක් හෝ 15 ක් යද්දීය. ස්පාඤ්ඤ වැසියන්, ‘එපිෆනි’ නමැති මෙම නිවාඩු දිනය සමරන්නේ, ජේසු බිලිඳාට තෑගි රැගෙනා ආ රජ තුන්කට්ටුවට ගරු කිරීමක් වශයෙනි.
එපිෆනි නිවාඩු දිනය දා සංක්‍රමණික බෝට්ටුවෙන් අලුත උපන් බිලිඳකු හමුවීම සුවිශේෂී සිදුවීමක් බව ස්පාඤ්ඤ බලධාරීහු පසුව පැවැසූහ. එපිෆනි නිවාඩු දිනය සැමරෙන්නේ ස්පාඤ්ඤයේ කුඩා දරුවන්ට තෑගි බෝග ලබා දෙමිනි.
(ඒ.එෆ්.පී.)
ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර
අප්‍රිකාවේ සිට කැනේරි දූපත් බලා යාත්‍රා කරන්න වූ අනවසර සංක්‍රමණිකයන් රැගත් කුඩා ඩිංගි බෝට්ටුවක් තුළ දරු ප්‍රසූතියක් සිදුවිය. අලුත උපන් බිලිඳා, මව සහ බ
කාම්බෝජයේ ප්‍රධාන පෙළේ විපක්ෂ මන්ත්‍රීවරයකු තායිලන්තයේ බැංකොක් අගනුවරදී ඝාතනය විය. ඝාතනය වූයේ 73 හැවිරිදි ලිම් කිම්යාය.
අප්‍රිකාවට අයත් චැඩ් රාජ්‍යයේ, න්ජැමෙනා අගනුවර, ජනාධිපති මන්දිරය අසල වෙඩි තැබීමක් සිදුවිය.
නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වූයේ නම්, තමන්ට ට්‍රම්ප් පරාජය කිරීමට හැකියාව තිබුණු බව ධුරයෙන් සමුගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජන
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, යුරෝපයටත්, මැදපෙරදිග කලාපයටත් බරපතල තර්ජනයක් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. ප්‍රංශ ජනාධිපතිවරයා පෙන්වා දෙන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුහුදේ උපන් කුමරා බේරා ගනිති