IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


යුක්රේන වැසියන්ට පිහිට වෙමු: පාප්තුමාගෙන් පණිවුඩයක්

මෙවර නත්තල අර්ථවත් කරමින්, රුසියන් ප්‍රහාර හේතුවෙන් යටිතල පහසුකම් බිඳ වැටී, කුසගින්නේ සහ සීතලේ පීඩාවට පත්වී සිටින යුක්රේන සිවිල් වැසියන්ට පිහිට වෙන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අවධාරණය කර තිබේ.

“මා දන්නවා යුක්රේන වැසියන් පීඩාවට පත්වෙලා. ඔවුන් දුක් විඳිනවා. නත්තල් සැරසිලි සහ නත්තල් තෑගි සඳහා වැඩි අවධානයක් යොමු නොකර, යුක්රේන වැසියන්ගේ යහපත වෙනුවෙන් අප සැම මැදිහත් වෙන්න ඕනෑ. එයයි නත්තලේ සැබෑ අරමුණ එයයි.” යැයි ශුද්ධෝත්තම පාප්තුමන් පැහැදිලි කර තිබේ.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ආරම්භ කළ අවස්ථාවේ පටන් ෆ්‍රැන්සිස් පාප්තුමන් ඊට විරෝධය පළ කරන්න විය.

යුක්රේන ආක්‍රමණය වහා නවත්වන්නැයි පාප්තුමන් අවස්ථා ගණනකදී රුසියාවට පවසා තිබේ.

රුසියාවත් යුක්රේනයත් සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට කැමැති නම්, තමන් ඒ සඳහා මැදිහත් වීමට කැමැති බව වතිකානය දැනුම් දී තිබේ.

රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ මෙම වසරේ පෙබරවාරි 24 වැනිදාය.

(රොයිටර්)



අදහස් (0)

යුක්රේන වැසියන්ට පිහිට වෙමු: පාප්තුමාගෙන් පණිවුඩයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

චීනයේ අවන්හලක ගින්නකින් 22 ක් මරුට
2025 අප්‍රේල් මස 30 33 0

ඊසානදිග චීනයේ ලියාඕයැං නගරයේ අවන්හලක ගින්නක් හටගත්තේය. එම ගින්නට හසුවීමෙන්, විසි දෙදෙනකු මියගොස් තවත් තිදෙනක් තුවාල ලැබූහ.


න්‍යෂ්ටික ප්‍රහාරයකට පසුබට නැහැ
2025 අප්‍රේල් මස 30 97 0

ඉන්දු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාව සමඟ යුදමය තත්ත්වයක් නිර්මාණය වී, ඉන්දියාව එල්ල කරන ප්‍රහාරයකට


තායි රජු - බිසව ගුවන් යානාය පියාසර කරමින් ඇවිල්ලා
2025 අප්‍රේල් මස 30 118 0

තායි රජු සහ රැජින පසුගිය අප්‍රේල් 25 වැනිදා ඔවුන්ගේ බෝයිං වර්ගයේ නිල ගුවන් යානය පියාසර කරමින්, භූතානයේ නිල සංචාරයක් සඳහා පැමිණියහ.


කැනඩාවේ සුළුතර රජයක්
2025 අප්‍රේල් මස 30 36 0

කැනඩා මහ මැතිවරණයෙන් දිගටම බලයේ රෑදී සිටීමට අවස්ථාවක් උදා වූ ලිබරල් පක්ෂය ප්‍රමුඛ එහි නායක මාර්ක් කාර්නි, ලිබරල් පක්ෂයට සහාය දක්වන සෙසු පක්ෂ හවුල් කර


ස්වීඩනයේ වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 30 36 0

ස්වීඩනයේ, උප්සාලා නගරයේ වෙඩි තැබීමක් සිදුවිය. පොලිසිය වාර්තා කර ඇත්තේ, එම වෙඩි තැබීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.


සටන් විරාමය දීර්ඝ කරන්නැයි යුක්රේනය ඉල්ලයි
2025 අප්‍රේල් මස 30 32 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීමට කන් දී, තෙදිනක ඒකපාර්ශ්වීය සටන් විරාමයක් සඳහා රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ ක


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 228 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 65 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1091 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site