IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරියාවේ කේ.බී.එස්. නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු කොරියානු සෙබළුන් 11,000 ක්, රුසියාවට ගොස් සිටින්නේ, රුසියාවට සහාය දක්වමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වීමටය. පසුගිය නොවැම්බර් 4 වැනිදා සිට උතුරු කොරියානු සෙබළුන්, රුසියන් සෙබළුන් සමඟ එක් වී, යුක්රේන සෙබළුන් සමඟ ගැටෙයි.

රුසියාව සහ යුක්රේනය සේම, රුසියාව සහ උතුරු කොරියාව ද එකිනෙකට මායිම් වෙයි. උතුරු කොරියාව ඇමෙරිකන් සම්බාධක හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී සිටී. ඇමෙරිකාව සම්බාධක පනවා ඇත්තේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකාව යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක පැනැවීමක් ද කර ඇත.

යුක්රේන හමුදා සටන් වැදීමට, රුසියාව අවි ආයුද සහ පතුරම් මිලදී ගන්නේ උතුරු කොරියාවෙනි. කොරියානු නායක කිම් ජොන් උන්, සිය සෙබළුන් යුක්රේනයට යවා ඇත්තේ පුටින් සමඟ පවතින මිත්‍රත්වය නිසාය.



අදහස් (0)

යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සෙලෙන්ස්කිගෙන් යෝජනාවක්
2024 දෙසැම්බර් මස 03 372 0

රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමට තමන් ද කැමැත්තෙන් පසුවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


ජෝ බයිඩන් ඇන්ගෝලාවේ
2024 දෙසැම්බර් මස 03 143 0

බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයේ රැඳී සිටින්නේ තවත් සති කීපයක් පමණකි. ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙ


ප්‍රාණ ඇපකරුවන් වහාම මුදා හරින්න
2024 දෙසැම්බර් මස 03 234 0

ජනවාරි 20 වැනිදා, තමා ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙර, ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුම දෙනා නිදහස් කළ යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී ප


ගුටි කෙළියකින් 100 දෙනෙක් මරුට
2024 දෙසැම්බර් මස 02 220 0

අප්‍රිකා රාජ්‍යයක් වන ගිනියාවේ, පාපන්දු ක්‍රීඩාංගනයක, ක්‍රීඩාලෝලීන් දෙපාර්ශ්වයක් අතරේ හටගත් ගැටුමකින් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැ


චීන බැලූනයක් තායිවානයට ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 02 174 0

උතුරු තායිවානයට ඉහළින් අහසේ චීනයේ ඔත්තු නිරීක්ෂණ බැලූනයක් දකින්න ලැබුණු බව තායිවාන ආරක්ෂක අංශ පවසයි. ඔත්තු බැලීමට යොදා ගන්නා චීන යානයක් විදෙස් ගුවන්


නයිජීරියාවේ බෝට්ටුවක් පෙරළී 27 ක් මරුට
2024 දෙසැම්බර් මස 02 59 0

අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවේ, නයිගර් නදියේ, මගීන් රැගෙන යාත්‍රා කරන්න වූ බෝට්ටුවක් පෙරළී යෑමෙන් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.


මේවාටත් කැමතිවනු ඇති

සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි 2024 දෙසැම්බර් මස 03 47 0
සයිනෝපෙක් බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය ශක්තිමත් කිරීමට දායක වෙයි

බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 660 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 836 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

Our Group Site