යුක්රේනයේ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමයේ සාමාජික රටටවල් කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව, ඊට අදාල සාකච්ඡා ඉදිරියේ දී ආරම්භ වනු ඇත.
මේ සම්බන්ධයෙන් සතුට පළ කරන යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්න්ස්කී පවසා ඇත්තේ, යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට යුරෝපා සංගමය ගත් තීරණය, රුසියානු හමුදා ප්‍රහාරවලින් බැටකන යුක්රේනය ලැබූ ජයග්‍රහණයක් බවය.
යුක්රේනය, සාමාජිකයකු කර ගැනීම සම්බන්ධයෙන්, හංගේරියාව හැර සෙසු යුරෝපා සංගමයේ සාමාජික රටවල් සියල්ල කැමැත්ත පළ කර ඇත. යුරෝපා සංගමයට යුක්රේනය එක් කර ගැනීම සුදුසු නොවන බව හංගේරියාව දිගින් දිගටම පවසා තිබේ.
යුක්රේනය යුරෝපා සංගමයේ සාමාජිකයකු කර ගැනීමට ඡන්ද විමසුමක් යුරෝපා සංගමයේ සාමාජික රටවල් 26 අතරේ පැවැත්වෙද්දී, හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බාන් එතැනින් ඉවත් විය. ඔහු ඡන්දය දීමෙන් වැළැකී සිටි නමුත්, නිෂේධ බලය භාවිතයට ගනිමින්, යුක්රේනයට විරෝධය පළ කළේ නැත.
2022 වසරේ දී රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ බටහිර හිතවාදී රජය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය ලබා දීමට ‘නේටෝ’ සාමාජික රටවල් අදිමදි කරයි. ඒ, එසේ සාමාජිකත්වය ලබා දීමෙන් රුසියන් යුක්රේන අර්බුදය බටහිර රටවලට ව්‍යාප්ත වේවි යැයි බියක් පවතින බැවිනි. යුක්රේනය, යුරෝපා සංගමයේ සාමාජිකයකු වීමට අයැදුම් කළේ ‘නේටෝ’ සාමාජිකත්වය නොලැබෙන බව අවබෝධ වීමෙන් පසුවය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩ
ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යුක්රේනයත් යුරෝපා සංගමයට එක්වන ලකුණු