තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ විශ්වයේ ඇති අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ගවේෂණය කිරීමේ අරමුණින්, යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිපදවූ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම සාර්ථකව සිදුවිය.
දුරේක්ෂය හැඳින්වෙන්නේ ‘යුක්ලිඩ්’ Euclid යනුවෙනි. ඒ, පුරාණ ග්‍රීක ගණිතඥයා සිහි ගන්වමිනි. දුරේක්ෂය අභ්‍යවකාශ ගත කෙරුණේ ඇමෙරිකා නාසා ආයතනයේ සහාය ඇතිවය.
යුරෝපා විද්‍යාඥයන් නිර්මාණය කළ මෙම දුරේක්ෂය උඩු ගුවනට රැගෙන ගියේ නාසා ආයතනය හා සම්බන්ධ ‘ෆෝල්කන් 9’ රොකට්ටුවය. ඒ, කැනරවල් තුඩුවේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටය. දුරේක්ෂය නිපදවීමට ඇමෙරිකන් බිලියන 1.4 ක් වැය වූ බව පැවැසෙයි. දුරේක්ෂය නිපදවීමට ගත වුණු කාලය අවුරුදු 6 කි.
තාරකා විද්‍යාඥයන්ට අනුව, අප මෙතෙක් වටහා ගත් විශ්වයේ සියයට 95 ක් ඇත්තේ අඳුරු ශක්තිය සහ අඳුරු පදාර්ථ ය.
සාර්ථකව අභ්‍යවකාශයට යැවුණු ‘යුක්ලිඩ්’ දුරේක්ෂය රැඳවීම සිදුවන්නේ පෘථිවිය සහ හිරු අතරේ ගුර්ත්වාකර්ෂණය බලය අතින් ස්ථාවර ස්ථානයකය.
‘එල් 2 ලක්ෂ්‍යය’ යනු මෙම ස්ථානයයි. (2nd Lagrage Point ලෙස තාරකා විද්‍යාඥයන් මෙය හඳුන්වයි.) පෘථිවියෙන් ඔබ්බෙන් 2nd Lagrage Point පිහිටයි.
අභ්‍යවකාශ දුරේක්ෂ රැඳවීම සිදුවන්නේ මෙම ස්ථානයේය. සුප්‍රසිද්ධ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ද මෙහි රඳවා ඇත. 2nd Lagrage Point, පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් (කිලෝ මීටර් මිලියන 1.6 ක්) දුරින් පිහිට බව ද පැවැසෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛව ධනවත් රටවල් විසින් අරමුදල් කප්පාදු කිරීම හේතුවෙන්, මාරාන්තික රෝගවලට එරෙහිව ලෝකයේ දරුවන් එන්නත් කිරීම අඩාල වන බව එක්සත්
ලිංගික අපයෝජනයන්ට එරෙහිව ප්‍රසිද්ධියේ හඬනැගූ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට අමෙරිකාවේ වර්ජිනියා ජිෆ්රේ මියගොස් ඇතැයි පැවැසෙයි.
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල
ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘යුක්ලිඩ්’ අඳුරු පදාර්ථ සොයන්න යයි