ඇමෙරිකාවේ ධවල මන්දිරයට ගිය අවස්ථාවේදී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වාග් ප්‍රහාරවලට ලක් වී අසරණ තත්ත්වයකට පත් වුණු යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මේ වනවිට මහා බ්‍රිතාන්‍යයට පැමිණ සිටී.
මුළු ලෝකයේම අවධානයට ලක් වුණු එම සිද්ධිය සම්බන්ධවෙන් අදහස් දක්වමින්, බ්‍රිතාන්‍ය, ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල නායකයන්, පෙන්වා දී ඇත්තේ තමන්ගේ සහාය නොඅඩුව යුක්රේන ජනාධිපතිවරයාටත් යුක්රේන රජයටත් හිමිවන බවය.
යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබාදෙන බවට සහතික වී ඇති බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර්, දීර්ඝ කාලීන සාමයක් ලගා කර ගැනීම සදහා හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව පැහැදිලි කළේය.
ප්‍රංශ ජනාධිපති ඉමානුවෙල් මැක්‍රෝන් පැවැසුවේ, යුක්‍රේනයට සහය පළ කරමින් රුසියාවට සම්බාධක පැනවීමට මීට වසර 3 කට පෙර තම රට ගත් තීරණය තවදුරටත් එලෙසම අනුගමනය කරන බවය.
යුක්‍රේනයට ජර්මනිය හා යුරෝපා සංගමය මත විශ්වාසය තැබිය හැකි බව ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් ප්‍රකාශ කළ අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සදහන් කර ඇත්තේ යුක්රේන යුද්ධය පිලිබද සාකච්ඡා කිරීම සදහා අමෙරිකාව, යුරෝපය හා ඊට සම්බන්ධ පාර්ශ්ව අතර හදිසි සමුළුවක් කැදවිය යුතු බවය.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
යුරෝපා නායකයන්ගේ සහාය සෙලෙන්ස්කීට
Nandalal de Silva - Monday, 03 March 2025 12:36 AM
ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමී යුරෝපීය රටවල් එකාමෙන් සිටිමින්, ඒකාධිපති, මිනීමරු පුටින්ගේ යකඩ සපත්තුවෙන් බැටකන අසරණ යුක්රේනයට පිහිට නොවුණොත්, පුටින් පැරණි සොවියට් දේශයෙන් වෙන්වී, ස්වාධීන වූ පෝලන්තය, රුමෙනියාව.... වැනි රටවල් අවි බලයෙන් ආක්‍රමණය කර ක්‍රෙම්ලින් පාලනයට නතු කරගන්නා බව පැහැදිලිවම කිව හැක. ඔහු ඉන් නොනැවතී, බටහිර යුරෝපයෙ, කුඩා නිදහස් රාජ්‍යයන් පවා අල්ලා ගැනීමට මෙම ඒකාධිපති, මිනීමරු පුටින් පෙළබෙනු ඇත....