සරල රුධිර පරික්ෂණයක් මගින් හෘදයාබාධ කලින්ම හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් සොයාගෙන ඇතැයි කියති. ඔවුන් පවසන්නේ පුද්ගලයෙකුගේ රුධිර සෛල නැරඹීමෙන් හෘදයාබාධ කල්ඇතිව සොයා ගත හැකි බවයි.
එසේ හදුනාගැනීමෙන් පසු හෘදයාබාධයක් ඇතිවීමට දැඩි අවධානමක් ඇති පුද්ගලයන්ට ජීවිතාරක්ෂක ඖෂධ ලබා දීමට හැකිවේ. මෙම පර්යේෂණයේ ප්‍රධානි මහාචාර්ය පීටර් ක්හුන් පවසන්නේ හෘදයාබාධයක් ඇතිවීමට හෘදයාබාධවලට අනතුරු දායක තත්ත්වයක සිටින බව කීමට හෝ මීට මොහොතකට පෙර හෘදයාබාධයක් ඇතිවූ බව කීමට හෝ ක්‍රමවේද රාශියක් ඇතත් ඉදිරි සති තුනේ දී හෘදයාබාධයක් ඇතිවිය හැකියැයි කීමට මෙතෙක් කිසිදු ක්‍රමයක් නොතිබූ බවයි.
එක්සත් රාජධානියේ මරණ වලට ප්‍රධාන හේතුව හෘදයාබාධ වන අතර සෑම මිනිත්තු හතකටම වරක් එහි එක් අයෙක් මියයයි. එයින් තුනෙන් එක් අයෙක් හෘදයාබාධයක් සඳහා රෝහලට රැගෙන යාමට පෙර මියයයි. මෙම පරික්ෂණය කැලිෆොර්නියාවේ ස්ක්‍රිප් පර්යේෂණ ආයතනය මගින් සිදුකැර තිබේ. රුධිර කැටි මගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනියට බාධා කරන අතර එය හෘදයාබාධයකට හේතුවේ. මේ ආකාරයට එක්සත් රාජධානියේ වාර්ෂිකව 100,000කට වඩා වැඩි පිරිසක් හෘදයාබාධවලට ලක්වෙති. කැලිෆෝනියා පර්යේෂකයන් රුධිරයේ ඇති සීඊසී ප්‍රමාණය ගණනය කරයි. එමගින් මෑතකදී හෘදයාබාධ ඇතිවූ මිනිසුන් පිලිබඳව ද සොයාගත හැකිය. හෞතික ජීවවිද්‍යා සඟරාවට මෙම පර්යේෂකයන් පවසා ඇත්තේ මෙම වැදගත් අධ්‍යනය මගින් හෘදයාබාධවලට ලක්විය හැකි රෝගීන් වෙන්කර ගතහැකි බවයි. තවද මෙම අධ්‍යනය මගින් රුධිර ධාරාවේ ඇති සීඊසි ප්‍රමාණය සොයා බැලීමෙන් පසු හෘදයාබාධයකට ඉතාමත් ආසන්න තත්වයන් ගැන අනාවැකි කිය හැකිය. හෘදයාබාධයක් ඇතිවීමට මුලික වන රුධිර කැටියක් ඇතිවීම පිලිබදව ද දින කිහිපයකට පෙර සොයා ගැනීමට හැකිවිම විශේෂත්වයකි. එලෙස සොයා ගත් රෝගීන්ට රුධිරය තුනීවන සහ ධමනි ප්‍රසාරණය වන ඖෂධ ලබාදී හෘදයාබාධ වැළැක්විය හැකිවේ. බ්‍රිතාන්‍ය හෘද පදනමේ වෛද්‍ය මයික් නැප්ටන් පවසන්නේ මෙම විද්‍යාඥයන් සොයාගත් සීඊසී සෛල නිරෝගි පුද්ගලයින්ගේ හමුනොවන බවයි. ඒ අනුව සීඊසි සෛල නිරීක්ෂණය හෘදයාබාධ හඳුනා ගැනීමට හැකි අළුත්ම ක්‍රමයයි.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රුධිරි සෛලයෙන් අනාවැකි කියයි
කුමාර් Sunday, 19 January 2014 05:53 PM
බණ්ඩා, මහත්තයෝ හැම එකම බටහිර රටවල් කිය කියා අහක දාන්න එපා, හොඳදේ ගන්න, නිෂ්පල දේ අහක දමන්න. බටහිරයෝ නැතිනම් තාම ලංකාවේ ස්ත්‍රීන්ට උඩුකය වහගන්න ඇඳුමක් වත් තිබිල නැහැනේ. (නදී)
දිලීප් Sunday, 19 January 2014 06:48 PM
නියමයිනේ? (නදී)
බණ්ඩා Saturday, 18 January 2014 07:10 PM
මේක හොයාගෙන තියෙන්නේ බටහිර රටවල් නිසා අපි මේක පිලි නොගෙන ඉදිමු.(නදී)
අමිල කටුනායක Saturday, 18 January 2014 08:19 PM
සමන්ත, දොස්තරලට තරවෙන්න අවස්ථාවක්.(නදී)
සුජිත් Sunday, 19 January 2014 11:26 AM
ඇත්තටම හොඳ දෙයක්. ගොඩක් වටිනා සොයා ගැනීමක්. මේකේ වටිනාකම තේරෙන්නේ හදවත් රෝග වලට මුහුණ දුන්න කෙනෙකුට. ඉක්මනට මේක අපේ රටටත් එනවා නම් ගොඩක් වටීවි. (නදී)