රුසියාවේ පෙරේදා (4) පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අගමැති ව්ලැඩිමීර් පුටින් සමත් වූ නමුත් ජනපතිවරණය දූෂිත බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි.
ජනාධිපතිවරණයේ මුල් වටයේදීම ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට 64 ක් ලබා ගැනීමට පුටින් සමත් වූ බව වාර්තා විය. පුටින්ගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූයේ කොමියුනිස්ට් පක්ෂ නායක ජෙනඩි සුගනෝව්ය. ඔහුට ලබා ගැනීමට හැකිවූයේ සියයට 17.13 ක ඡන්ද ප‍්‍රතිශකයක් පමණි.
ඒ අනුව, වසර 2000 සිට 2008 තෙක් රුසියාවේ ජනපති ධුරය හෙබවූ පුටින්ට තෙවැනි වරටත් රුසියාවේ ජනපති ධුරයට පත්වීමට ව්ලැඩිමීර් පුටින්ට ජනවරමක් ලැබී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්පසුව ද තවත් අවුරුදු 6 කට එම ධුරය දැරීමට ද ඔහුට එරට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී තිබේ.
ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාව අමතමින් පුටින් සතුටු කඳුළු පිරි දෙනෙතින් යුතුව ප‍්‍රකාශ කළේ තමන් සාධාරණ ජයග‍්‍රහණයක් අත්කර ගත් බවය.
රට බෙදීමට, බටහිර රටවල උසි ගැන්වීම මැද විරුද්ධවාදීන් ගෙන යන විරෝධතා ව්‍යාපාරය රුසියානු ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. පුටින් ජනතාව ඇමැතූ අවස්ථාවට වත්මන් ජනපති දිමිත‍්‍රි මෙඩ්වදේව් ද පැමිණ සිටියේය.
ඉකුත් දෙසැම්බරයේ පැවැති රුසියානු මහ මැතිවරණය දූෂිත යැයි පවසමින් විපක්ෂ කණ්ඩායම් ගත වූ තෙමසක කාලය පුරාවට පුටින්ට එරෙහිව විරෝධතා රුසියාව පුරා පැවැත්විණි. කෙසේ නමුත් එම විරෝධතා රැලිවලට එකඳු විපක්ෂ අපේක්ෂකයකු සහභාගී නොවීම ද විශේෂ සිද්ධියකි.
පෙරේදා පැවැති ජනපතිවරණය දූෂිත යැයි චෝදනා එල්ල වෙද්දී ඉදිරියට ද පුටින්ට, විරෝධතාවලට මුහුණ දීමට සිදුවේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ජනපතිවරණයට ස්වාධීන පක්ෂ අපේක්ෂක මිහායිල් ප්‍රොකරෝව්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නායක ව්ලැඩිමීර් සිරිනෝව්ස්කී, සහ රුසියා සාධාරණ පක්ෂ නායක සර්ගේ මිරිනෝව් ද ඉදිරිපත්ව සිටියහ
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියා ජනාධිපතිවරණයෙන් අගමැති පුටින්ට විශිෂ්ට ජයක්