ගුවන් ගත වී ස්වල්ප වේලාවකින් සන්නිවේදන කුලූනක ගැටුණු රුසියානු මගී ගුවන් යානයක් පෙරේදා (7) කඩා වැටුණු අතර එහි ගමන් කළ 45 දෙනාගෙන් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මාරක තුවාල ලබා දෙදෙනක් දිවි බේරා ගත්හ.
රුසියාවේ ‘ලොකොමෝටිව්’ අයිස් හොකී කණ්ඩායම ද එම ගුවන් යානයේ සිටි අතර ඔවුහු සියල්ලෝම අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
කඩා වැටුණේ ‘යැක් 42’ වර්ගයට අයත් මගී ගුවන් යානයකි. එම ගුවන් යානය බෙලාරූස් රාජ්‍යයේ මින්ස් අගනුවර බලා පියාසර කිරීම ආරම්භ කළේ යාරෝස්ලාව් ගුවන්තොටුපොළෙනි.
‘ලොකොමෝටිව්’ අයිස් හොකී කණ්ඩායම, මින්ස් නුවර පැවැත්වෙන කලාපීය හොකී ශූරතා තරගාවලියකට සහභාගී වීමට නියමිතව සිටියහ. හොකී කණ්ඩායමත් සමඟ ගුවන් යානයේ සිටි මගීන් ගණන 37 කි. කාර්ය මණ්ඩල සාමාජිකයන් ගණන අටකි. අනතුරින් මියගිය හොකී කණ්ඩායමේ පුහුණු කරු කැනේඩියානු ජාතිකයෙකි.
සන්නිවේදන කුලූනේ ගැටුණු යානය පාලනය කර ගැනීමට නියමුවන්ට නොහැකි වූ අතර යානය යාරෝස්ලාව් ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 15 ක් දුරින් ගලා බසින වොල්ගා නදියේ අතු ගංගාවට කඩා වැටුණු බව බලධාරීහු පවසති.
අනතුර සිදුවූ අවස්ථාවේදීම දිවි ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර මාරක තුවාල ලබා රෝහල් ගත කළ දෙදෙනාගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
යානය අනතුරට පත්වෙද්දී පැවැති කාලගුණය ඉතා යහපත් එකක් වූ බැවින් සන්නිවේදන කුලූන යානයේ නියමුවන්ට නොපෙනෙුණේ කෙසේදැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇත. යානයේ පියසැරි දත්ත පටිගත කෙරෙන කළු පෙට්ටිය සෙවීමේ පරීක්ෂණ ද දිගටම සිදුවෙමින් පවතී.
රුසියා අගමැති ව්ලැඩිමීර් පූටින් අනතුර ගැන සැලවීමත් සමඟ රුසියානු ප‍්‍රවාහන ඇමැතිවරයා වහා අනතුර සිදුවූ ස්ථානයට පිටත් කළ හැරිය බව ද මොස්කව් නුවරින් වාර්තා වේ.
උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
කැරිබියානු රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ, සැන්ටෝ ඩොමින්ගෝ අගනුවර රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් ගොඩනැගිල්ලේ වහලය කඩා වැටී 80
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනය හැර සෙසු රටවල් සඳහා පැනැවූ තීරු බදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශ කිරීමත් සමඟ ආසියා පැසිෆික් කොටස් වෙළෙඳපොළ අග
බ්‍රිතාන්‍යයේ සිදු කළ පළමු ගර්භාෂ බද්ධයෙන් පසු, උපත ලැබූ පළමු දැරිය ගැන විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවට පැමිණ තම සමාගම් ආරම්භ කරන්නැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනග්ඩ් ට්‍රම්ප් විදෙස් සමාගම්වලින් ඉල්ලා ඇත. එසේ කරන්නේ නම්, ඒ සමාගම්වලට කිසිදු බදු මුදල
පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට තමන් සූදානම් බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. මෙය පලස්තීන වැසියන්ගේ අයිතීන් සුරැකීමට හේතුවක් වන
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රුසියානු ගුවන් යානයක් කඩා වැටී 43 ක් මරුට