රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමේ සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ඇරැයුම් කර ඇති නමුත්, බයිඩන්ගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
යුක්රේනයේ ප්‍රධාන මිත්‍ර පාර්ශ්වය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සාම සමුළුවට සහභාගී විය යුතුයි. බයිඩන් සාම සමුළුවට සහභාගී නොවීම, රුසියාවටත්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ටත් ජයග්‍රහණයක් වේවි’ යැයි සෙලස්කී අදහස් දක්වමින් කියා තිබේ.
සාම සමුළුවට රුසියන් යුක්රේන නියෝජිතයන් සේම, රුසියාවටත්, යුක්රේනයටත් වෙන වෙනම සහාය දක්වන රටවල නියෝජිතයන් ද සහභාගී වනු ඇති බවත්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් හෝ උප ජනාධිපති කමලා හැරිස් ඊට සහභාගී නොවූවත්, ඇමෙරිකන් නියෝජිත පිරිසක් ඊට සහභාගී වනු ඇති බවත් ධවල මන්දිරය පැහැදිලි කර ඇත.
සාම සමුළුවට මැදිහත් වී සිටින ස්විට්සර්ලන්තය පවසා ඇත්තේ රුසියන් යුක්රේන සාම සමුළුවට සහභාගී වෙන්නැයි තමන් රටවල් 160 කට ඇරැයුම් කර ඇති බවය. ජාත්‍යන්තර නීතිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මත පදනම්ව, යුක්රේනය වෙනුවෙන් දිගු කාලීන සාම වැඩපිළිවෙළක් ඇති කිරීමට ලෝක නායකයන් සම්බන්ධ කර ගැනීම තම අරමුණ බව ස්විට්සර්ලන්ත රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවන රුසියන් යුක්රේය අර්බුදය විසඳීමට ස්විට්සර්ලන්තය මැදිහත් විය යුතු යැයි යෝජනා කළේ ද සෙලෙන්ස්කීය. ඒ අනුව, ලබන ජූනි මාසයේ ස්විට්සර්ලන්තයේ, ලූසනර් විල අසබඩ, බර්සෙට් සුඛෝපබෝගී හෝටලයේ දී ස්විට්සර්ලන්තයේ හිටපු ජනාධිපති ඇලන් බර්සෙට්ගේ සහභාගීත්වයෙන්, යුන්රේනය, රුසියාව සහ යුරෝපා රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සහභාගී වෙමින්, සාම සමුළුව පැවැත්වෙනු ඇත.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයකට අනුව, රුසියන් හමුදා, අසල්වැසි යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ 2022 වසරේ පෙබරවාරියේය. ඒ, බටහිර රටවලට ගැති යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ රජය, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි.
‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි. යුක්රේනයට, නේටෝ සාමාජිකත්වය හිමිවීම, රුසියාවට විශාල තර්ජනයකි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ