ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාපතිනී උර්සුලා වොන්ඩර් ලින් මෙසේ ඉල්ලා සිටියේ ප්‍රංශයේ පැරිස් අගනුවරදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවෙමිනි.
චීන ජනාධිපති ෂී ජින්පින් දූත පිරිසක් ද සමඟ යුරෝපා සංචාරයක් ආරම්භ කර ඇත. ඒ, යුරෝපා රටවල් සහ චීනය අතරේ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය. චීන ජනාධිපතිවරයා මෙසේ යුරෝපා රටවල සංචාරය කරන්නේ වසර පහකට පසුවය.
චීනය සහ යුරෝපා සංගමය අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමිනි. කොන්දේසි විරහිතව, රුසියාවට සහාය පළ කරනවා යැයි චීනය පවසා තිබේ.
චීනය සහ ඉරානය සමඟ ද යහපත් සබඳතා පවතී. මෙය ද යුරෝපා රටවල උදහසට හේතුවක් වී ඇත. ඉරානය, ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවා වී, න්‍යෂ්ටික අවි නිපදවන බවට ඇමෙරිකාව සහ බටහිර යුරෝපා රටවල් චෝදනා කරයි.
යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලා ඇත්තේ, යුක්රේන යුද්ධය නැවැත්වීමට රුසියාවට බල කරන ලෙසත්, න්‍යෂ්ටික අවි නිපදවීමට එරෙහිව ඉරානයට විරුද්ධ වන ලෙසත්ය.
ඉරානය මිසයිල සහ ඩ්‍රෝන යානා නිපදවීම සිදු කරන අතර, යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට පහර දීමට, රුසියානු හමුදාව භාවිතයට ගන්නේ ඉරානයේ නිෂ්පාදිත මිසයිල සහ ඩ්‍රෝන යානාය. කෙසේ නමුත් රුසියාව ප්‍රසිද්ධියේ ඒ බව පිළිගෙන්නේ නැත.
(ඒ.එෆ්.පී.)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු හමුවේ, ඇමෙරිකාවත් ඉන්දියාවත් අතරේ ද්වී පාර්ශ්වීක නව වෙළෙඳ ගිවිසුමක් ගැන සාකච්ඡා පැවැත්වෙයි.
ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනිදා පැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන අතර, නව පාප්වරයකු තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
රුසියාවට ඉරානයට බලපෑම් කරන්න