මහා භාරතයේ කන්හේරි ගල්ගුහාව පුරාවිද්‍යා රක්ෂිතයකි. මහා රාස්ට්‍රා ප්‍රාන්තයට අයත් තානේ දිස්ත්‍රික්කයේ පිහිටි මේ ගල් ගුහාව එදත් අදත් පින් බිමකි. රහතන්වහන්සේලාගේ පා පහස ලක් උත්තරීතර ස්ථානයකි. තානේ සිට බොරිවිල් නගරයට මෝටර් රථයෙන් යෑමට පැයක් පමණ ගතවේ. බොරිවිල් නගරයේ ඇති සංජය ගාන්ධි ජාතික වන උද්‍යානයට අප ඇතුළු වූයෙමු. එහි සිට කිලෝමීටර් පහක් පමණ ගිය පසු කන්හේරි ගල් ගුහා පෙදෙස හමුවේ. අපට මග පෙන්වන්නා රියදුරු අනිල්ය.
‘‘මහත්තෙලා ඔහොම ඉන්න හැබැයි කතා කරන්න එපා. මම ටිකට් අරන් එන්නම්‘‘ ටිකට් කවුළුව අසලදී අපට කතා කරන්න එපා කිව්වේ මන්ද? අප පුදුම වූයෙමු.
‘‘මම ටිකට් ගත්තා. මම ඔයාලට කතා කරන්න එපා කිව්වේ එහෙම උනොත් ඔයාලා විදේශිකයෝ කියලා ඒ අය දැනගන්නවා. එතකොට එක්කෙනෙකුට රුපියල් 100ක් ගෙවන්න ඕනෑ. අපේ රටේ කෙනෙකුට රුපියල් 10යි. ඔයාලා අපි වගේමනේ ඒ හින්දා රුපියල් දහයෙන් ශේප් වුණා.‘‘ අප ඔහු කළ දේ අනුමත නොකළත් සිදුවූ දේ සිදුවී හමාරය. විශාල ජනකායක් මැදින් අප ඉදිරියට ගමන ඇරඹුවෙමු.
ඉහළට ගියපසු විශාල ගල් ගුහා තුනකි. මීටර් 40ක් පමණ ගල් කුහරය තුළ ගලින් නෙලන ලද මීටර් හයක් පමණ උසැති විශාල දාගැබකි. ගුහාවේ දෙපස ඉහළත් පහළත් යා වෙන පරිදි ගල් කණු රාශියක් නෙලා තිබේ. ඉන්දියාවේ පැරණි විශ්මිත ගල් වඩුවන් අතින් නිමවුණු මනරම් ගල් දොරටුවකින් ඇතුළු වන දෙවන ගුහාවද එතරම්ම විශාලය. දොරටුවෙන් ඇතුළු වූ සැනින් මීටර් හතක් පමණ උසැති හිටි පිළිම දෙකක් ගල දෙපසින් නෙලා තිබේ. තවත් බුදු පිළිම රාශියක් ගලේ නෙලා ඇති අයුරු දැක ගත හැකිය. බුදු පිළිම පසුකොට ගුහාවට ඇතුළු වූ පසු රහතන් වහන්සේලා එකතුවී ධර්ම සාකච්ඡා කළ ධර්ම ශාලාව හමුවේ. තුන්වන ගුහාවේ කුඩා දාගැබකි. මෙම ගුහා තුන ගල් ගුහා සංකීර්ණයේ ප්‍රධාන විහාරස්ථානය වශයෙන් රහතන් වහන්සේලා විසින් පාවිච්චි කර ඇතැයි මගපෙන්වන්නා වූ අනිල් අප සමග පැවසිය.
එතැනින් ඉහළට ගියපසු රහතන් වහන්සේලා වැඩසිටි ගල් ගුහා 109 හමුවේ. ඒවා එකින් එකට වෙනස්ය. ගුහාවෙන් ගුහාවට රහතන් වහන්සේලාට වැඩම කිරීම සඳහා ගලමත ගල් පඩිපෙලවල්ය. විශාල ගල මත තට්ටු දෙකක් ආකාරයට ගල් ගුහා නෙලා තිබේ. අවසාන ගල් ගුහාවද ධර්ම ශාලාවකි. එහි ඉහළින් සිතුවම් කර ඇති බුදුරුව ගල් ගුහා මෙන්ම වසර 2400කට වඩා පැරණි බව කන්හේරි ගල් ගුහා සංකීර්ණයේදී අපට හමු වූ ඉන්දියානු පුරාවිද්‍යා නිලධාරියකු වන සන්ජේ බන්දෙකා මහතා පැවසිය. හැබැයි මේ සිතුවම කුමක් හෝ හේතුවක් නිසා එදා ඉවරකරගන්න බැරිවෙලා තියෙනවා. ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවා රැක ගන්න විශාල කැපකිරීමක් කරනවා. මෙතන ගොඩක් පිරිසුදුව තියෙනවා වගේම දුම්පානය සපුරා තහනම්. හැබැයි මේ ස්ථානය රෑට චීටන්ගේ හා කොටියන්ගේ රජ දහනක්. අපි ලෝකෙට බලවතෙක් වුනේ අපිට තියෙන මේ වටිනා අතීතය නිසා. ඒ වගේම ගල් කටුව අපේ ජාතික සන්කේතය කරනවා නම් මම ගොඩාක් කැමති. බන්දෙකා මහතා වැඩිදුරත් එසේද කීය.
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ
ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්
පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රහත් ගුහාව
සඳුනි Monday, 08 December 2014 09:07 AM
ඉන්දියාවේ විශාල කළුගල් පාරවත් හාරා ස්තූප හා බුදුපිළිම මෙන්ම හින්දු කෝවිල් ද ඉදිකොට තිබෙනවා.මේවා සිදුරුකළ තාක්ෂනය කුමක්ද යන්න දන්නා අයෙකු පැහැදිලි කරන්න.(හේ)
ජානක Thursday, 11 December 2014 12:43 PM
සඳුනිට ඕනෑම නම් මම දන්නවා ඒ තාක්ෂණය.කැමති නම් කියලා දෙන්නම්.හැබැයි නිකම් බැහැ. මගේ ගාස්තුව ගෙවන්න ඕනෑ. (නි)
සිරිමල් Tuesday, 09 December 2014 01:21 PM
හිතට සැනසීම ගෙනෙන මෙවැනි විස්මිත දේ දැකීමට ලැබීම හරිම සතුටක්. ස්තුතියි ලංකාදීප. (ර)
ඉලේපෙරුම Monday, 08 December 2014 09:47 AM
මේ නිර්මාණ ලංකාෙව් තිබුණා නම් මේ වන විට නිදන් හොයන්න කුඩු කරලා.(හේ)
කිත්සිරි Monday, 08 December 2014 10:21 AM
අජන්තා එල්ලෝරා හැර තවත් එවැනි තැන් තියනවා කියලා දැනගත්තේ අදයි.(හේ)
සෙනරත් Monday, 08 December 2014 08:27 AM
මෙවැනි ලිපි පළකරනවාට ලංකාදීපයට ගොඩක් පින්! (නි)
කුමාර Monday, 08 December 2014 08:29 AM
මෙය සියැසින් බලා අපි 2012 දී සතුටුවුණා (නි)
රජින්ද Wednesday, 10 December 2014 04:50 AM
ඒ නිකෙලස් මහ රහතන් වහන්සේලා උතුම් සමාධියෙන් තැබූ පිය සටහන් ඔය පින් බිමේ කෙතරම් තිබෙන්නට ඇතිද. (නදී)
ජයලත් Monday, 08 December 2014 10:37 AM
මුම්බායි කිට්ටුව මෙහෙම බෞද්ධ නටබුන් තියන බව දැනගෙන හිටියේ නෑ, (හේ)
තිලක් Monday, 08 December 2014 08:37 AM
හොඳ ලිපියක් (නි)
දුමිඳු Monday, 08 December 2014 10:51 AM
මීට වඩා විශාලයි එල්ලෝර ගුහා සහ අජන්ත ගුහා. ඉන්දියාවේ මහාරාෂ්ට වල මයි තියෙන්නේ. මේවා හරි පුදුම විස්කම්. (නදී)
අසේල Monday, 08 December 2014 08:47 AM
මේවගේ ලිපි ඉතා හොඳයි (නි)