සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ආධාර සපයන ලෝක බැංකුවේ වත්මන් සභාපති ඬේවිඞ් මැල්පාස් තමාගේ ධුර කාලය අවසන් වීමට පෙර ලබන ජූනි මස තම ධුරයෙන් ඉල්ලා අස්වන බව පසුගියදා ප්‍රකාශ කර ඇත.
සභාපතිවරයාගේ පස් අවුරුදු ධුර කාලය ලබන වසරේ අප්‍රේල් මස අවසන් වීමට නියමිතව තිබිණි.ලෝක බැංකුවේ සභාපති ධුරය සඳහා ඉතිහාසයේ සිට එහි ප්‍රධානතම කොටස්කරුවකු වන ඇමෙරිකා එක්සත් ජනපදය නියෝජනය කරන පුද්ගලයෙකු තේරී පත් විය.නමුත් මෙවර සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ නැගී එන ආර්ථිකයන් සතු රටවල් මීළඟ ලෝක බැංකු සභාපතිවරයා කවුරුන්ද යන්න තීරණය පුළුල් කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.
මේ වන විට මීළඟ ලෝක බැංකු සභාපතිවරයා ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉදිරිපත් විය හැකි නම් අතර ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර්, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා නියෝජිතායතනයේ හිටපු ප්‍රධානියකු වන රජිව් ෂා, ඊජිප්තුවේ උපන්, බි්‍රතාන්‍ය ඇමරිකානු ආර්ථික විද්‍යාඥයකු වන මිනූෂ් ෂෆීක්, එක්සත් ජනපද භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් වොලී ඇඩයමෝ ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී)
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු සහ කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීමේ තීන්දු තීරණ මධ්‍යයේ කැනඩාවේ මහ මැතිවරණය පැවැත්වුණු අතර, එ
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තාන ‘යූ ටියුබ්’ නාළිකා රැසක්, ඉන්දියාවේ තහනම් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. ඒ, එම පාකිස්තාන ය
නව පාප්වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා වන කාදිනල්වරුන්ගේ රහසිගත හමුව සහ ඡන්ද විමසුම ලබන 5 වැනිදා හෝ 6 වැනිදා පැවැත්වෙනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක ද
රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙ
කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණය ආරම්භ විය. ඒ, එරට පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහාය.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලෝක බැංකු සභාපති ධුරයේ වෙනසක්