චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි.
මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි.
23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනම උපාධි හදාරමින් සිටී. මීට පෙර චෙක් ජනරජ සුරූපිනියක ලෝක රූ රැජින කිරුළ දිනුවේ 2006 වසරේදීය.
ක්‍රිස්ට්යානා සිස්කෝවා ට කිරුළ පැලදීම සිදු කරනු ලැබුවේ, පසුගිය 2023 ලෝක රූ රුජින කිරැළ දිනා සිටි පෝලන්ත සුරූපිනිය කැරොලිනා බියෙලාව්ස්කා විසිනි.
මෙවර තරගාවලියේ දී දෙවැනි ස්ථානය දිනුවේ, ලෙබනනය නියෝජනය කළ සුරූපිනී යැස්මින් මයිටෝන්ය. තෙවැනි ස්ථානය දිනුවේ, ටි්‍රනිඩෑඩ් සහ ටොබාගෝ දූපත් රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය ආචේ ඒබ්‍රහෑම්ස්ය.
(සී.එන්.එන්.)
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරාන වැසියන් ආමන්ත්‍රණය කරමින් විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කළේය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන්