ලිබියාවේ ඇමෙරිකා තානාපති කාර්යාලයට තමන් ප‍්‍රහාර එල්ල කළේ සිය සංවිධානයේ දෙවැනි නායකයා මරා දැමීමට කළ පළිගැනීමක් ලෙස බව යේමනයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සංවිධානය කියා සිටී. මෙසේ එම ප‍්‍රහාරයේ වගකීම බාරගත් අල් කයිඩා සංවිධානය මැදපෙරදිග සහ අපි‍්‍රකානු කලාපයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම රටවල පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලවලට අඛණ්ඩව ප‍්‍රහාර එල්ල කරන ලෙසයි. ඉස්ලාම් ආගමට නිගරු වන අන්දමින් ඇමෙරිකා/ඊශ‍්‍රායල ජාතිකයකු නිෂ්පාදනය කළ ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති චිත‍්‍රපටය ලිබියාවේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලටය එල්ල වූ ප‍්‍රහාරයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එම ප‍්‍රහාරයෙන් ලිබියාවේ ඇමෙරිකා තානාපති කි‍්‍රස් ස්ටීවන්ස් ඇතුළු ඇමෙරිකානුවෝ තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම ප‍්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඉස්ලාම් විරෝධී චිත‍්‍රපටයට විරෝධය පෑ මැදපෙරදිග කලාපයේ රටවල දහස් ගණන් වූ මුස්ලිම් ජනයා තම රටවල සිටින ඇමෙරිකා තානාපති නිලධාරීන්ට රටෙන් පිටවන්නැයි බල කර සිටියහ. මේ අතර ඊජිප්තුව සුඩානය, ටියුනීසියාව, යේමනය, ලෙබනනය වැනි රටවල පැවැති විරෝධතා ප‍්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගත් අතර එම පිරිස් තානාපති කාර්යාල තුළට කඩාවැදී දේපළ හානි සිදු කළ බවද වාර්තාවේ. මෙසේ ප‍්‍රහාර එල්ල වූයේ තානාපති කාර්යාලවලට පමණක් නොව පාසල් සහ ක්ෂණික ආහාර සපයන ඇමෙරිකා බහුජාතික සමාගම්වලට අයත් අවන්හල්වලටද විරෝධතාකරුවෝ පහර දුන්හ. මේ වන විට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව අනෙක් රටවල සිටින සිය තානාපති නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බව එරට රජය සඳහන් කළේය. අරාබි ලෝකය කැලඹූ විරෝධතාවන්ට තුඩු දුන් චිත‍්‍රපටය නිෂ්පාදනය කළ පුද්ගලයාගෙන් මේ වන විට ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීහු ප‍්‍රශ්න කර තිබෙන බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ රටවල පිහිටි ඇමෙරිකා තානාපති සහ කොන්සල් කාර්යාලවලට එල්ල වන ප‍්‍රහාර ඇමෙරිකානු ආධිපත්‍යයෙන් අරාබි භූමිය නිදහස් කර ගැනීමට ඉවහල් වනු ඇති බව ද යේමන අල් කයිඩාව සඳහන් කළේය. මේ වන විට උද්ගතව ඇති ප‍්‍රචණ්ඩකි‍්‍රයා මැඬලීමට ලිබියාවට සහ යේමනයට යවා ඇති ත‍්‍රස්ත මර්දන හමුදා සේනාංකවලට හැකි වනු ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසීය. මීට අමතරව ප‍්‍රහාරක යුද නෞකා දෙකක් ද උතුරු අපි‍්‍රකානු වෙරළ තීරයේ ස්ථානගත කර තිබේ. සුඩානයේ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ද පසුගියදා විරෝධතාකරුවන් වැටලූ අතර ඊට ගල්මුල් ප‍්‍රහාර එල්ල කළේය. මේ තත්ත්වය යටතේ ආරක්ෂක භට පිරිසක් සුඩානයට එවීමට ඇමෙරිකාව සූදානම් වූවද සුඩාන විදේශ අමාත්‍යවරයා එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපද විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 5 කි. වෙඩි තැබීම කළේ එම විශ්ව විද්‍යාලයේ ඉ
චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.
අප්‍රිකාවට අයත් කොංගෝ ජනරජයේ සිදුවුණු මගී බෝට්ටුවක් ගින්නක් හටගත් බවත්, බෝට්ටුවේ සිටි 50 දෙනකු එම ගින්නට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණු බවත් වාර්තා වේ.
ඇමෙරිකන් රජයේ අනවශ්‍ය වියදම් කප්පදුව සැලකිල්ලට ගනිමින්, රටවල් 30 ක ඇමෙරිකන් තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීම කෙරෙහි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම
ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, ඇමෙරිකාවේ තීරු බදුවලට එරෙහි වන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, චීන ජනාධිපති ෂී ජි
ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයට ලබා දී තිබෙන බදු සහන ඉවත් කරන බවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ තර්ජනය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලිබියා තානාපති කාර්යාල ප‍්‍රහාරයේ වගකීම ‘යේමන අල් කයිඩාව’ බාරගනී
සමන් Wednesday, 19 September 2012 03:34 AM
දැන් ඉතින් දෙන එකයි රටේ නැති අවි යුධ වලින් (දී)
මොහොමඩ් Tuesday, 18 September 2012 04:11 PM
හැමදේකටම හොට දමන්න ගියහම ඕක තමයි වෙන්නේ. (නි)
නිශ්ශංක Tuesday, 18 September 2012 10:08 PM
එකම ආගමකට මරාගන්න දෙගොල්ලක්. (නි)
මධු Tuesday, 18 September 2012 10:51 PM
ඇමෙරිකානුවන්ට ජය වේවා! (නි)
රාගල Monday, 17 September 2012 09:24 PM
දිට්ට ධම්ම වේදනීය කර්මය ඵල දීලා.(නදී)
රාජා Tuesday, 18 September 2012 12:20 PM
ඉදලා හිටලා හරි ඇමරිකාවටත් එයාලම වපුරපු ඒවගේ අස්වැන්න ලැබෙනවා. (නි)
සිල්වා Wednesday, 19 September 2012 01:14 AM
අනෙක් ආගම් වලට විවේචනය පුලුවන් නම් ඇයි මුස්ලිම් ආගමට විතරක් බැරි? (නි)
සිල්වා Tuesday, 18 September 2012 12:05 AM
වැඩේ ඒ තරම් හොද නැහැ
අන්තෝනි Monday, 17 September 2012 01:21 PM
මට පෙන්නේ 3 වන ලෝක යුද්දය ලගයි වගේ (දී)