චිත්‍රපට හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනයේ දී පසුතල නිර්මාණයට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ටයිටැනික් නැවට සිදුවූ විනාශය පාදක කැර ගනිමින් නිපදවන ලද ටයිටැනික් චිත්‍රපටයේ නැව ගිලෙන දර්ශන සහිත සියළු පසුතල නිර්මාණය කරන ලද්දේ පිහිනුම් තටාකයකය. විශේෂයෙන්ම විද්‍යා ප්‍රබන්ධ පාධක කැර ගනිමින් නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා ද එවැනි පසුතල නිර්මාණය කරයි. ඇතැම් පිරිස් කියා සිටින්නේ ඇමෙරිකාව හඳට මිනිසකු ගොඩබැස්සවූ බව පවසමින් එවැනි කෘථිම පසුතලයක රූගත කරන ලද දර්ශන ලෝකයට පෙන්වූ බවයි. මිනිසාට ළඟා වීමට අපහසු ස්ථාන සහ ස්වභාවිකව ලබාගත නොහැකි දර්හන මෙලෙස කෘථිම පසුතල නිර්මාණය කරගනිමින් පටිගත කරනු ලැබේ. එවැනි පසුතල නිර්මාණය කිරීමේ විශේෂඥ පසුතල නිර්මාණ ශිල්පීන් සිනමා ක්ෂේත්රයටත් රූපවාහිනී ක්ෂේත්රයටත් ඉටුකරන්නේ අනූපමේය මෙහෙවරකි.
1.දූපතක දර්ශනයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය නිර්මාණය අවසන් වූ පසු දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
2. චිත්‍රපටයකට රාත්‍රී අකුණු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය නිර්මාණය කළ විට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
3. යුද්ධයක් පවතින අවස්ථාවක් සඳහා තැනිතලා පරිසරයක් නිර්මාණය කරන ආකාරය
නිර්මාණය කළ තැනිතලාව
5. ජලාශයක් සහ කඳු සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
මේ පසුතලය රූගත කරන විට පෙනෙන්නේ මෙවැනි දර්ශනයකි.
6 විචිත්‍ර වර්ණ වලින් මේ සකසා ඇත්තේ මුහුදු පත්ලේ තිබෙන කොරල් පරයකි.
දර්ශන තලය සකසා කැමරාවට නැගූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි.
7. ජලාශ්‍රිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
එම පසුතලය සිනමාවට නැගූ විට පෙනෙන ආකාරය
8. අහසේ දක්නට ලැබෙන අවුරෝරා එළි කෘතිමව නිපදවීමට පසුතල නිර්මාණකරුවකු උත්සාහ ගන්නා ආකාරයයි මේ
එම පසුතලය දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙනි.
9. ඇමෙරිකාව හඳට ගියායැයි යන පුවත මුසාවක් බව බොහෝ දෙනකු කියති. විද්‍යා ප්‍රබන්ධ කතාවක් සඳහා හඳේ පෘෂ්ඨය නිර්මාණය කරන්නේ මේ ආකාරයෙනි.
මේ ආකාරයෙන් පසුතලය සැකසූ විට දිස්වන අයුරු
10. වනාන්තරයක් සහිත පරිසරයක් ගොඩනගන අයුරු
පසුතලය රූගත කළ විට පෙනෙන ආකාරය
11. චිත්‍රපට සඳහා ගිනිකඳු පිපිරෙන දර්ශන ලබාගැනීම අපහසු කාර්යයකි. මේ එවැනි දර්ශනයක් සඳහා පසුතලය සකසන ආකාරයයි
ගිනි කඳු පිපිරවීම රූගත කළ විට පෙනෙන්නේ මේ අයුරිනි.
12. අයිස් සහිත පරිසරයක් නිර්මාණය කරන ආකාරය
සෑදූ පසුතලය පෙනෙන්නේ මේ ආකාරයෙනි.
13. දිය ඇල්ලක් සහිත පරිසරයක් මේසයක් මත නිර්මාණය කරන ආකාරය
මේ දර්ශනය කෘථිම පරිසරයක් යැයි කිසිවෙකුටත් විශ්වාස කළ නොහැකි දෙයකි.
14. ටොනෝඩෝවක් සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් පටිගත කිරීමට අවශ්‍ය පසුතලය නිර්මාණය කරන ආකාරය
රූගත කළ මේ දර්ශනයේ දී ටොනෝඩෝව කෘථිමව සාදන ලද පසුතලයක් යැයි කිසිවෙකුට සිතිය නොහැක.
බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.
බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ සහ ලෙබනනයේ ජනසංහාර සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංගුවට ගෙන ඔහුට මරණ දඬුවම ලබා දි
ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ ජන සංහාර සිදුකරනවා යැයි චෝදනා මුල්කොට ගනිමින්, අන්තර් ජාතික අපරාධ අධිකරණය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අත්අඩංග
දකුණුදිග තුර්කියේ අන්ටාලියා ගුවන්තොටුපොළට ගොඩ බෑ මගී ගුවන් යානයක ඇන්ජිමක ගින්නක් හටගත්තේය.
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රාලයේ ටෙල් අවීව් නුවරට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරය සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා 350 ක් පමණ පැමිණ ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව රවටන පසුතල නිර්මාණ කලාව
පසන් Friday, 23 May 2014 09:44 AM
සඳ ගමන බොරුවක් බව ඔප්පු වී ඇත. (ස)
දේවප්‍රිය Sunday, 18 May 2014 09:15 AM
ලංකාදිපයට ස්තුතියි මේ වගේ දර්ශනත ලයක් දුටු ප්‍රතම අවස්ථාව මෙයයි.(නදී)
සුපර Sunday, 18 May 2014 09:35 AM
නියම වාර්තාවක් , අලුත් අදහස් ගොඩක් ආවා. (නදී)
ප්‍රනීත් පෙරේරා Sunday, 18 May 2014 09:45 AM
අති විශිෂ්ඨ පුවතක්. බෙහොම ස්තුතියි.(නදී)
චුලක් Sunday, 18 May 2014 09:58 AM
ඉතාම වටිනා දැනුමක් ලබාගන්නට පුළුවන් . (නදී)
ප්‍රියන්ත Sunday, 18 May 2014 11:22 AM
ඇත්තටම හොද වටිනා පුවතක්. (නදී)
ඇනස්ලි Friday, 23 May 2014 01:14 PM
නියම නිර්මාණ
සුනිල් රියාද් නුවර සිට Sunday, 18 May 2014 11:59 AM
කදිම පුවතක්. මායා චිත්‍රපටි සමග මායා ලෝකවල ජීවත්වන අපේ තරුණ පරපුරට මේවා පෙන්විය යුතුයි. ඔවුන්ව මායා ලෝක වලින් මුදවා ගැනීමට මෙය ප්‍රධාන පුවතක් උනානම් අපූරුයි. (නදී)
ගයාන් Sunday, 18 May 2014 02:13 PM
ඇමරිකාව හඳට ගිය කතාව බොරුවක් කියල මම කලින් අහල තිබ්බ අද එය තහවුරු උනා, ලංකාදීපයට ස්තූතියි.......(ස)
රජින්ද Sunday, 18 May 2014 02:34 AM
වෙනදා වගේ අදත් ලංකාදීපයෙන් සුපිරි වාර්තාකරණයක්.! (නදී)
ගාමිණී Sunday, 18 May 2014 03:01 AM
ඔක්කොම ගෝලීයකරණය තුලින් බටහිරකරණය වෙලා.(නදී)
ප්‍රේමේ Sunday, 18 May 2014 08:00 AM
නියමයි රසවත් පුවතක්.(නදී)