IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


ලස්සන මුහුණු විහින් විරූපී කර ගනී

චිත‍්‍ර කතාවන්හි එන තම සිත්ගත් දුෂ්ට චරිතයේ පෙනුමට සමානව තම මුහුණ වෙනස් කරගෙන සිටින පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ වෙනිසියුලාවෙනි.

නමින් හෙන්රි ඬේමන් නම් වන මේ පුද්ගලයා ඇමරිකා චිත‍්‍රකතා සංග‍්‍රහයක් වනිකැප්ටන් ඇමරිකා’ ලෝලියෙකි.එහි එන රෙඞ් ස්කල් නම් දුෂ්ටයාගේ චරිතය ඔහුගේ පි‍්‍රයතම වේ.

චිත‍්‍ර කතාවේ දැක්වෙන පරිදි රෙඞ් ස්කල්ට ඇත්තේ සාමාන්‍ය මුහුණක් නොවේ.නළල,කම්මුල් ඉහළට ඉල්පී තිබෙන ඔහුගේ මුහුණ ඔහුගේ නමටම ගැළපෙන සේ රත් පැහැතිය.

හෙන්රි ඬේමන්ගේ මුහුණද දැන් රෙඞ් ස්කල්ගේ මුහුණ හා සමය.ඔහුගේ නළලේ සමට පහළින් ඇතුල් කර තිබෙන සිලිකන් කොටස් මගින් එය ඉහළට උලූප්පා ඇත.නැහැය භාගෙට කපා දමා ඇත.ඇස් සම්පූර්ණයෙන්ම කලූ පැහැ ගන්වා ඇත.මුහුණපුරා රතු පැහැය ආලේප කර ඇත.

මෙතැනින් නැවතීමට හෙන්රිගේ අදහසක් නොමැති බව ඔහුට මේ සැත්කම් සිදුකරන වෛද්‍යවරයා කියයි.ඉදිරියේදී කම්මුල් වල සිදුකිරීමට තිබෙන ප්ලාස්ටික් සැත්කමකින් මුහුණේ ඉතිරිව තිබෙන කොටසද වෙනස් කිරීමට නියමිත බව ඔහු පවසයි.

මෙසේ තම පෙනුම වෙනස් කර ගැනීමට ප‍්‍රථමයෙන් හෙන්රි ඊට ශාරීරිකව හා මානසිකව සූදානම්වීද ඇත.එක් දරු පියෙක් වන ඔහුගේ දරුවාද,බිරිදද මේ සදහා කැමැත්ත පළ කර ඇත්තේ ඉතසිතින් බව සඳහන්වේ.

2551E5F800000578-0-image-a-40_1423043599222 2551E64600000578-0-image-a-59_1423043780034 2551E91100000578-0-image-m-43_1423043622115 a-012 batuwath-aeccidant-25

 

 



අදහස් (0)

ලස්සන මුහුණු විහින් විරූපී කර ගනී

කිත්සිරි Tuesday, 10 February 2015 02:29 AM

අවිද්‍යාවේ අරුමය...

:       0       0

රජින්ද Friday, 06 February 2015 12:55 PM

නුගත් කමක මහත.(නදී)

:       0       0

මාලි Monday, 09 February 2015 02:52 PM

මේ පිස්සෙක් (නදී)

:       0       0

චමින්ද Tuesday, 10 February 2015 06:01 AM

තමන්ට ලස්සනට පේන්නේ තමන්ගේ හිතේ ඇදුන රූපය. (නදී)

:       0       0

මැක්ෂිම් නිරංජන Friday, 06 February 2015 03:53 PM

මෙහෙමත් හොඳ මිනිස්සු (නදී)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 08:11 AM

මුහුණේ ලස්සන හිතේ නැත්නම් වැඩක් නැහැ (නදී)

:       0       0

නිරෝෂා Friday, 13 February 2015 04:02 AM

ඉතින් අනේ දැන් මෙයා යමපල්ලෙක් වගේනේ.මිනිස්සු මෙයාව දැක්කම බයවෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයේ ඇමෙරිකානුවන්ට අනතුරු
2024 නොවැම්බර් මස 28 108 0

පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.


බංග්ලාදේශ හින්දු පූජකයන් අත්අඩංගුවට ගැනීම වැරදියි
2024 නොවැම්බර් මස 28 114 0

බංග්ලාදේශ අන්තර්වාර පාලක මණ්ඩලයට හිතවාදී විශ්ව විද්‍යාල සිසුන් ද ඇතුළු අරගලකරුවන්ගේ උසි ගැන්වීමෙන්, එරට හින්දු පූජකවරුන් අත්අඩංගුවට ගැනීම අනුමත කළ


ලෙබනන් වැසියෝ ආපසු නිවෙස්වලට
2024 නොවැම්බර් මස 28 60 0

ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වීමත් සමඟ ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින් ආරක්ෂිත ස්ථානවලට පලා ගිය ලෙබනන් වැසියෝ දහස් ගණනින්


පෘථිවිය චුට්ටක් ඇලවෙලා
2024 නොවැම්බර් මස 28 67 0

පෘථිවි අක්ෂය අඟල් 31.5 කින් (සෙන්ටිමීටර 80 කින් පමණ) ඇලවී ඇතැයි විද්‍යාඥයෝ පවසති. මීට හේතුව වී ඇත්තේ කාලගුණික විපර්යාස යැයි ද විද්‍යාඥයෝ පැහැදිලි කරති.


බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත වසා දමන්නැයි විරෝධතා
2024 නොවැම්බර් මස 26 317 0

බංග්ලාදේශයේ ප්‍රධාන ජාතික පුවත්පත ලෙස සැලකෙන ‘ප්‍රොතෝම් ආලෝ’ පුවත්පත වසා දමන්නැයි බලකරමින් ඩකා අගනුවර විරෝධතා පැවැත්වෙයි.


චාල්ස් රජු කැමිලා රැජින ඉන්දීය සංචාරයකට සූදානම්
2024 නොවැම්බර් මස 26 247 0

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 576 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 788 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2190 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site