විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්ට දකුණු ඇමෙරිකා රටක් වන එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඇසෙන්ජ් වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතීඥ ජෙනිෆර් රොබින්සන් පවසයි.
ඇසෙන්ජ් එක්වදෝරයේ ආරක්ෂාව ඉල්ලා සිටියේ ඔහු ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් පසුගිය දා තීරණය කිරීමත් සමඟය.
ඇසෙන්ජ් මේ වනවිට රැඳී සිටින්නේ ලන්ඩන් නුවර එක්වදෝර තානාපති කාර්යාලයේය. ඔහු එයින් පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගෙන ස්වීඩනයට පිටුවහල් කිරීමට බි‍්‍රතාන්‍ය රජය සූදානමින් සිටී.
ඇසෙන්ජ්, මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයේ ජීවත් වෙද්දී එරට ස්වීඩන කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයක් පැවැත්වීමට නියමිතය. එම නඩුවිභාගයට පෙනී සිටීම සඳහා ඇසේනජ් ස්වීඩනයට පිටුවහල් කළ යුතු යැයි බි‍්‍රතාන්‍ය අධිකරණයක් තීන්දු කළේ මීට සති කීපයකට පෙරය.
එම නඩු තීන්දුවට එරෙහි අභියාචනා ඉදිරිපත් කළත් ඒවා අසාර්ථක විය. ඇසෙන්ජ් පවසන්නේ එය ව්‍යාජ නඩු විභාගයක් බවත් තමා ස්වීඩනයට පිටුවහල් කිරීම මගින් ඇමෙරිකාව තමන් ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කුමන්ත‍්‍රණය කරන බවත්ය.
ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු වන ඇසෙන්ජ් ඇමෙරිකාවේ උදසහට ලක් වී සිටින්නේ ඇමෙරිකා රාජ්‍ය සහ යුද රහස් විකිලීක්ස් හරහා ලොවට හෙළි කිරීම හේතුවෙනි.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විකිලීක්ස් නිර්මාතෘට එක්වදෝරයේ දේශපාලන රැකවරණ හිමි වන ලකුණු
සමන්ති Saturday, 23 June 2012 01:33 PM
ඔව් සහෝදරයා .. ඔහු ගොඩක් බුද්ධිමත් වීරයෙක් . සුභ පැතුම්
මධු Friday, 22 June 2012 09:40 PM
ඔබ වීරයක්! ජය වේවා ! නොදන්නා ගොඩාක් දේවල් අපි දැනගත්ත .